එදා කි‍්‍ර.පූ. හතර වන ශතවර්ෂයේ දී ප්ලේටෝ ගේ අදහසට අනුව කවිය යනු ආත්මීය විඥානවාදී අදේශපාලනික අතාර්කික කලා මාධ්‍යයකි. එබැවින් ඔහු ගේ “ජනරජයේ” කවියට හෝ කවියාට ඉඩක් සලසා තිබුණේ නැත. ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණු කරුණු අතර ප‍්‍රබල ම කරුණ වූයේ, මිනිසා ගේ ජීවිතයට එවැනි වූ කාල්පනික කවියකින් හෝ කලාවකින් ඇති ඵලය කුමක් ද යන්න යි.
කවි ලිවීම, කියැවීම, රසවිඳීම හා කාව්‍ය විචාරය පිළිබඳ සංවාදය, කි‍්‍රස්තු පූර්ව සිවුවන ශත වර්ෂය සමයේ පවා ඉතා දාර්ශනික එළැඹුමකින් සැලැකිල්ලට බඳුන් කැරුණු මැයක් වෙයි.
ගී‍්‍රක දාර්ශනික ප්ලේටෝ(PLATO - 424 - 348 කි‍්‍ර.පූ.) අතින් කි‍්‍ර.පූ. 306 දී පමණ සැකැසිණැ යි සැලැකෙන “ද රිපබ්ලික්” හෙවත් “ජනරජය” නමැති කෘති මාලාවේ (THE REPUBLIC - 360 BC - වෙළුම් දහයකින් සමන්විත සංවාදාකාර දාර්ශනික ලියැවිල්ල) කවිය හා කවියා පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කැරෙයි. තුන්වැනි වෙළුමේ එක් තැනෙකින් මේ ගත් පාඨාන්තර කිහිපයෙක දළ අරුත මෙසේ යි.
“විවිධ වූ දෑ අනුකරණයෙහි දක්ෂයන් අප වෙත පැමිණ කාව්‍යයෙන් එවන් හපන්කම් දැක්වූ කල, අප ඔහු පූජනීය සේ සලකා නමස්කාර කළ යුතුයි. එහෙත් ඔහුට මෙපුරයෙහි වාසය කළ නොහැකි බව දැන්විය යුතු යි. එබැවින් ගතපුරා සුනීත සුගන්ධ ගල්වා හිස මල්මාලා පලඳවා වෙනත් පුරයක් වෙත පිටත් කැර හැරිය යුතු වෙයි.”
තවදුරටත් එහි කියැවෙන්නේ,
“අප පුරයේ වසනවා නම් අවශ්‍ය වන්නේ, එකී කවියා හෝ කතා කියන්නා, අපගේ ආත්මය දැඩි කරන, හුදෙක් ව්‍යාජ අනුකරණ නො ව සත්‍යය ම අනුකරණය කරන අයකු ලෙස යි. එවිට අප ගේ තරුණ සොල්දාදුවන් හට එකී කලාකරුවන් පරමාදර්ශ ලෙස ගෙන කි‍්‍රයා කළ හැකි වනු ඇත.” යනුවෙනි.
ප්ලේටෝ හට කවිය හා කවියා ගැන මෙවැනි අදහස් කියාපාන්නට සිදුවුණු හේතුව කුමක් දැයි සොයා බැලීම මේ රචනාවේ මුඛ්‍ය තේමාවට අතිශයින් ම අදාළ ය. එනම්, කාව්‍යය යනු, අදේශපාලනික, අතාර්කික, අධ්‍යාත්මවාදී හෝ ආත්මීය විඥානවාදී කලාංගයක් ද එසේ නැතහොත් එය දේශපාලනික තාර්කික, භෞතිකවාදී වෛෂයික විඥානවාදී කලා එළැඹුමක් ද යන්න යි.
එසේ නම් එදා කි‍්‍ර.පූ. හතර වන ශතවර්ෂයේ දී ප්ලේටෝ ගේ අදහසට අනුව කවිය යනු ආත්මීය විඥානවාදී අදේශපාලනික අතාර්කික කලා මාධ්‍යයකි. එබැවින් ඔහු ගේ “ජනරජයේ” කවියට හෝ කවියාට ඉඩක් සලසා තිබුණේ නැත. ඊට හේතුව ලෙස ඔහු දක්වා තිබුණු කරුණු අතර ප‍්‍රබල ම කරුණ වූයේ, මිනිසා ගේ ජීවිතයට එවැනි වූ කාල්පනික කවියකින් හෝ කලාවකින් ඇති ඵලය කුමක් ද යන්න යි. එහෙත් ඔහු, අප මෙහි මුලින් දක්වා ඇති පරිදි කවියා කවුරුන් දැයි හඳුනයි.
කවියා ගේ ශක්තිය ද හඳුනයි. එහෙත් ඔහුට අනුව ඒ කාව්‍ය ශක්තිය පුරවැසියා නොමඟ යවන්නකි. තම ප‍්‍රායෝගික සමාජීය ජීවිතයෙන් වියෝජනය ;කාට හුදෙකලා මනසක් තනන්නකි. එබැවින් පරමාදර්ශී ජනරජයකින් කවියා ඉතා ගෞරවාන්විත ලෙස වුව ද පිටුවහල් කළ යුතු යැයි ප්ලේටෝ පැහැදිලි ව ම කියා ඇත.
“ජනරජය” දහවැනි වෙළුමේ මේ ගැන ඉතා පැහැදිලි විස්තරයක් කරමින් ප්ලේටෝ කියා සිටින්නේ, අපට ඇතිවන දුකක දී කනගාටුවක දී ඒ ගැන ශෝකප‍්‍රාප්ත වීම සිදුවුවත් එය අප පාලනය කර නොගතහොත් ඉන් අවැඩක් සිදුවිය හැකි බවත්, කවියා (හෝ නාට්‍යකරුවා) මේ හැඟීම් තම නිර්මාණ කෙරෙන් උත්සන්න කොට, හැඟීම්බර කොට පුද්ගලයා ගේ ප‍්‍රායෝගික දිවියට අදාළ ශක්තිය ඉන් හීන කරන බව යි.
එසේ ම, වුවමනාවට වඩා හාස්‍යය හෝ සතුට ප‍්‍රමෝදය ඇති කරවීමෙන් ද ඒ තත්ත්වය එසේ ම සිදුවන බැව් ප්ලේටෝ පවසයි.
සත්‍යයකි. එකී අදහසේ බරපතළ සත්‍යයක් ගැබ් ව ඇත. වර්තමානයේ කලාව යැයි හඳුන්වා ගනිමින් විවිධ කලා මාධ්‍යයන් ඔස්සේ ද විශේෂයෙන් ම රූප නාලිකා මතින් අප රටවැසියා ඔල්මොරොන්දම් කර හිරිවට්ටා අකර්මණ්‍ය කොට ඇත්තේ ඉහත ප්ලේටෝ පෙන්වා දුන් සත්‍යයට අනු ව ය.
එහෙත් ප්ලේටෝ දාර්ශනිකයා ඊට පිළියම ලෙස යෝජනා කෙළේ කවියා, කලාකරුවා පුරයෙන් පිටුවහල් කිරීම යි. එහෙත් එය මනුදහමට එකඟ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ද නැත. එනිසා එය අනුගමනය කරන කවුරුන් හෝ අයත් විය හැක්කේ දුෂ්ඨ ස්ටැලින්වාදී පාලක ගොන්නටයි. (පශ්චාත් විප්ලවීය රුසියාවේ මිනීමරු පාලකයන් හට ප්ලේටෝ රචනාව කොයිතරම් දුරට බලපෑවා දැයි විවාදාපන්න කරුණකි.)
එසේ නම් කළ යුත්තේ කුමක් ද? කවිය හෝ තවත් කලාවක් කළ යුතු නිවැරැදි අන්දම, තාර්කික පදනම හා එය පිහිටුවිය යුතු දේශපාලනික පසුබිම මෙන් ම ආත්මීය ඉසව්ව ද පිළිබඳ පැහැදිලි විවරණයක් හෙළි පෙහෙළි කැර දීම නො වේ ද? මේ සඳහා අපට කි‍්‍රස්තු පූර්ව සමයේ ම පුරාණ ගී‍්‍රසියට සම්බන්ධ වී එහි පැවැති කලාංග ඇසුරෙන් යම් හෝඩුවාවක් සපයා ගත හැකි වනු ඇත.
කි‍්‍ර.පූ. පස්වන සියවසෙහි ගී‍්‍රසියේ විසූ ප‍්‍රකට ම නාට්‍යකරුවන් වූ ඊස්කිලස්(AESCHYLUS 525 - 456)සොෆොක්ලීස(SOPHOCLES - 496 - 406)හා යුරිපිඩීස්(EURIPIDES - 480 - 406)යන තිදෙන ගේ නාට්‍ය ප‍්‍රධාන කොට ම වෙසෙස් වූයේ “ට‍්‍රැප්ඩි” හෙවත්TRAGEDY -ශෝකාන්ත නාටක යන මූලික හැඳින්වීමෙනි.
කතාංගයේ වීරයා ගේ වාසනාව කණපිට පෙරැළී කරදරයට පත්වීම හෙවත් “හමාෂියා” තත්ත්වයට මුහුණ දීම (HAMARTIA -වැරැදි තීරණ නිසා මතුවන අවාසනාව) මෙහි ප‍්‍රධාන ලක්‍ෂණය යි. එහෙත් ගී‍්‍රක ට‍්‍රැජඩිය පුළුල් අරුතින් ගත් කල නිර්වචනය එතරම් ම පටු එකක් නොවන බැව් ඇරිස්ටෝටල් (HAMARTIA -තම ප‍්‍රධාන පෙළේ ලියැවිල්ලක් වූ POETICS හෙවත් “කාව්‍ය ශාස්ත‍්‍රය” කෘතියේ පළමු කොටසේ සිවු වැනි පරිච්ඡේදයේ සිට ඉතා පැහැදිලි ව දක්වයි.
“පිරිපුන් ට‍්‍රැජඩි නාටකයක් නම් එය සරල සැලැසුමක් මත නො ව, ඉන් ඔබ්බට ගිය සංකීර්ණ සැලැසුමක් පාදම කොට ගෙන නිමවී තිබිය යුතු ය. පේර්ක්ෂකයා තුළ භය හා දයානුකම්පාව වඩවා උත්සන්න වන ලෙස අනුකරණයේ යෙදීම මූලික කාරියකි. එහෙත් සත් පුරුෂයා සැපවත් දිවියේ සිට අවසනාව කරා කැඳවීම පමණක් නො ව දුෂ්ඨයා දුකට පත් වීම ද ඉන් නිරූපණය නොවිය යුතු ය.
එවිට බිය ඇතිවීම හෝ දයානුකම්පාව ඇතිවීම සිදු නොවනු ඇත. එහෙත් නොසිතූ විරූ අබග්ගයකින් අනුකම්පාව ද අප වැනි සාමාන්‍ය මිනිසකු ගේ අවාසනාවක දී බිය ද දැනැවිය හැකි ය. එවිට ඒ තත්ත්වය එක් පසෙකින් අන්තයකට නොගිය මැඳුම් තන්හී රඳන මධ්‍යස්ථ තත්ත්වයකි.
කාව්‍ය ශාස්ත‍්‍රය - දෙවැනි කොටස
13 වැනි පරිච්ඡේදය
එහෙත් ඇරිස්ටෝටල් සඳහන් කොට දක්වන ඉහත තත්ත්වය ගී‍්‍රක ට‍්‍රැජඩියෙන් ඉවත්වී එය එක් අන්තයකට ඇදී ගිය සමයක් උදාවී ඇත. ඒ යුරිපිඩීස් ගේ නිර්මාණ සමයේ දී යි. ඉන් සිදු වූ දෑ හේතු කොට ගෙන ම යුරිපිඩීස් ගෙන් අනතුරු ව ගී‍්‍රක ට‍්‍රැජඩිය මිය ගිය බැව් අසන්නට ලැබෙයි.
මේ පිළිබඳ ව හොඳින් විශ්ලේෂණය කොට ලියැවී ඇති ශාස්තී‍්‍රය ග‍්‍රන්ථය වන්නේ ජර්මන් දාර්ශනික ෆෙඩ්රික් නීට්ෂේ ගේ (FRIEDRICH NIETZSCHE - 1844-1900) “ද බර්ත් ඔෆ් ට‍්‍රැජඩි” ”THE BIRTH OF TRAGEDY-1872 කෘතිය යි. මේ කෘතිය ඇසුරේ අප හට අප ගේ මැයට අදාළ ව උකහා ගත හැකි දෑ බොහෝ ය. නීට්ෂේ එහි ගී‍්‍රක ට‍්‍රැජඩිය ඇසුරේ කරන බුද්ධිමය දෙබෙදුමක් වෙයි. එය ඔහු හඳුනා ගන්නේ ද පුරාණ ගී‍්‍රක මිථ්‍යා පුරාණයෙන් උපුටා ගත් සංකල්පයකිනි.
එනම්, දියොනීසියානු හා ඇපලෝනියානු දෙබෙදුම යි. INTELLECTUAL DICHOTOMY OF DIONYSIAN AND APOLLONIANසියුස් (ZEUS) නම් මහා ගී‍්‍රක දෙවියා ගේ දෙපුතුන් වූ දියොනීසස් හා ඇපොලෝ දෙපසක දේ සඳහා සැදී පැහැදුණු නායකයන් ලෙස ගී‍්‍රක දේව පුරාණයේ සඳහන් වෙයි. ඉන් දියෝනීසස් නියෝජනය කරන්නේ අඳුර, මත් බව, පූර්වජ බව මෙන් ම සාමුහික බව යි. ඇපලෝ ගේ තෝරාගැනීම වී ඇත්තේ, ආලෝකය, ශිෂ්ට බව මෙන් ම ඒකල ස්වභාවය යි.
නීට්ෂේ තම කෘතිය ඔස්සේ අවධාරණය කරන කරුණක් වන්නේ, ඉහත සඳහන් එක් පාර්ශ්වයක් හුදෙකලාව නියෝජනය කරමින් කලා නිර්මාණ (කවිය හෝ නාට්‍ය) නිමැවීමෙන් මනුෂ්‍යයාට අගතියක් වන බව යි. එබැවින් මේ දෙපස ම සමෝසමේ එකිනෙක හා යා ව එකිනෙකෙහි අඩුපාඩු නසමින් ද ගුණ වගා කරමින් ද පැවැතිය යුතු බව යි.
තව ද, මෙහි දී, නීට්ෂේ සඳහන්නේ, අතීත ගී‍්‍රසියේ සම්භාව්‍ය නාට්‍ය තුන් කට්ටුව අතුරින් ඊස්කිලස් හා සොෆොස්ලීස් ඉහත දෙපසේ සහජීවනය ඉතා හොඳින් පවත්වාගෙන ගිය අතර, යුරිපිඩීස් තම නිර්මාණ වඩාත් දියෝනීසියානු අන්තයට ගෙන ගොස් ඇති බවයි.
මේ ගැන ඇති තවත් සාක්ෂ්‍යයක් නම් ඇල්ෆ‍්‍රඩ් බේට්ස් නම්(ALFRED BATES)ඉංගි‍්‍රසි ජාතික නාට්‍ය විශාරදයා ගේ ගී‍්‍රක නාට්‍ය විචාර පති‍්‍රකා වූ THE DRAMA ITS HISTORY - LITERATURE AND INFLUENCE ON CIVILIZATION හී සඳහන් දේ යි. ඔහු පවසන පරිදි, යුරිපිඩීස් ගේ යථාර්ථවාදී ශෛලියේ ඇති කලාත්මක නොවන ස්වරූපය නිසා ඔහු ගේ නාට්‍ය හා කාව්‍ය නිවැරැදි කලා භාවිතය කෙරෙන් වියෝවී අවරගණයට තල්ලු වී ඇත.
කාව්‍යාත්මක (POETICAL) වීම වෙනුවට අලංකාරෝක්තික (RHETORICAL) වීම නිසා යුරිපිඩීස් “වේදිකාවේ දාර්ශනිකයා” STAGE PHILOSOPHER ලෙස හැඳින්වෙයි. (මෙවැන්නන් අද දේශපාලන වේදිකාවල බොහොසෙයින් දක්නට ඇත.)
කවිය, කවියා හා කවියේ භාවිතය සම්බන්ධයෙන් නිර්වචන සැපැයීමේ දී දාර්ශනික ප්ලේටෝ තම ලිවීම් ඔස්සේ පළ කැර ඇති අදහස් යම් ආකාරයක සාවද්‍ය මූලික අදහසක සිට කැර ඇතැ යි මේ වන විට මත පළ වී ඇත. ඒ අතුරින්, ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය චාල්ස් එල්. ගි‍්‍රස්වල්ඩ් සම්පාදනය කොට ඇති විචාර පති‍්‍රකා සමූහය ද ඉතා වැදගත් මාන රැසක් මේ විෂයය ඇසුරේ හෙළිපෙහෙළි කොට දී ඇත. ඒ ලියැවිලි අතුරින්, PLATO ON RHETORIC AND POETRY කදිම රචනාවකි. එහි මෙසේ සඳහන් ව ඇත.
“ප්ලේටෝ ගේ “ජනරජය” ලියැවිල්ලේ තැනෙක සටහන් ව ඇත්තේ, THERE IS AN OLD QUARREL BETWEEN PHILOSOPHY AND POETRY යනුවෙනි. මෙහි දී ප්ලේටෝ ගේ සාවද්‍ය හඳුනාගැනීම වන්නේ කවිය - POETRY හා අලංකාරෝක්ති RHETORICඅතර ඇති වෙනස යි. ඔහු කියන්නේ කවිය ද එක්තරා ආකාරයක අලංකාරෝක්ති දොරට වැඩුමක් ලෙස යි.
එහෙත් එම “ජනරජය” ලියැවිල්ලේ ම තවත් කොටස්වල ද ටෝ ගේ වෙනත් ලියැවිලි වූ THE ION/ GORGIAS/ PHAEDRUS යනාදියේ ද ඔහු ඉහත කී කාව්‍ය හා අලංකාරික වාගාලාප ගැන සඳහන් කොට ඇත. එහෙත් එකී අදහස් දැක්වීම් එකිනෙකට ඇති සාව්‍යය ප‍්‍රශ්නාර්ථයකි. ඉන් වැටහෙන්නේ, එදා කාව්‍ය යනු කිමැයි ප්ලේටෝ වරෙක ඇදහූ දෙය තවත් වරෙක බැහැර කළ යුතු යමක් සේ ද සැලකූ බවයි. ඔහුට අනුව දාර්ශනික බව හා කාව්‍ය යනු දෙපස ඇති කාරණාද්වයකි.
මහාචාර්ය ගි‍්‍රස්වල්ඩ් ගේ අපූරු රචනාවේ පෙන්වා දෙන පරිදි, ප්ලේටෝ බොහෝවිට ලියා ඇත්තේ හා දෙසා ඇත්තේ කවිය, ආලංකාරිකයන් උත්කර්ෂයට නංවන්නක් විනා ඒ තුළ ගැබ්වූ දර්ශනයක් නැති දෙයක් ලෙසටයි. තමන්ට වයස අවුරුදු දහඅටක් වන විට මෙලොවින් සමුගත් නාට්‍යකරුවා වූ යුරිපිඩීස් ගේ කලා භාවිතය ද තම ගුරුවරයා වූ සොක‍්‍රටීස් ගේ දේශපාලන භාවිතය ද ප්ලේටෝ හට මේ අන්දමේ එලැඹුමක් සඳහා මග හසර හදන්නට ඇතැයි අපට සිතිය හැකියි.
එවන් වූ සාවද්‍ය මතයක ඔහු පිහිටීම නිසාම තම ලිවීම් හා දෙසුම් අතරට මානව විරෝධී සංකල්ප ද වරින් වර ඔහුට නොදැනීම එක්වූවා විය හැකිය. මේ නිසාම, වර්තමානයේ “ප්ලේටෝ හා ආඥාදායකත්වය” නමැති උධෘතයෙන් ඔහුගේ ලියැවිලිවල අඩංගු එයාකාරයේ ඒකාධිපති අදහස් එක්තැන් කොට තැනූ ඉදිරිපත් කිරීම් පාඨක ලෝකයාට කියැවීමට ලැබී ඇත. “PLATO AND TOTALITARIANISM”එවන් එක් කරුණු එකමුතුවකි. (මෙය,WORLD FUTURE FUND ප‍්‍රකාශනයකි)
කවියා හරසර දක්වා වුව ජනරජයෙන් පිටමං කළ යුතු යැයි කී ප්ලේටෝ දුෂ්ඨ සමාජවාදී යථාර්ථවාදයට පළමු පස් පිඬැල්ල කැපූ දෘඪතර දාර්ශනික මිනිසා වුවත් ඔහු ගේ ශිෂ්‍යයා, ඇරිස්ටෝටල් ඊට වෙනස් චරිතයකි. ඇරිස්ටෝටල් “කාව්‍ය ශාස්ත‍්‍රය” කෘතිය සම්පාදනය කරමින් ප්ලේටෝ ගේ මර්දනකාරී, රළු කලා විවේචනයට අනගි පිළිතුරු සපයා ඇත. එනයින් ඇරිස්ටෝටල් ගේ කවිය පිළිබඳ, කලාව පිළිබඳ අදහස අපට ඉතාමත් වැදගත් වේ. ඔහු හඳුන්වා දුන් මඟ වූයේ මැදි මාවත යි.
මධ්‍යම ප‍්‍රතිපදාව යි. එය නම් වූයේ, GOLDEN MEAN නමිනි. කි‍්‍ර.පූ. 384 දී උපන් ඇරිස්ටෝටල් තම “NICOMACHAEAN ETHICS”නමැති කෘතියෙන් මේ “ස්වර්ණමය මැද මාවත” පිළිබඳ හෙළිදරව්ව කළ අතර, එය ඔහු අවධාරණය කෙළේ කලාවට හා දේශපාලනයට අදාළ ව ය. එහෙත් මිනිසා ගේ මුළුමහත් ජීවිතයට ම අදාළ ව මැද මාවත පිළිබඳ දේශනය ඇරිස්ටෝටල්ට පෙරාතුව කි‍්‍ර.පූ. 560 දී උපන් සිදුහත් කුමරු පසුකාලයේ දී බුද්ධත්වයට පත් ව දේශනා කොට ඇත.
එබැවින් මේ සියලු දැනුම්වත් බවින් සන්නද්ධ අප රටේ කලාකරුවන් හට මේ “ස්වර්ණමය මැද මාවත” සොයා පාදා යන්නට අපහසු වේ යැයි අපට කිසිසේත් ම සිතිය නො හැකි ය. එබැවින් මෙවන් රචනාවක වෙසෙස් අවධානයට ලක්වන සිංහල නිදහස් කවි නිර්මාණකරුවන් වර්තමානයේ කෙබඳු ආකාරයකින් තම නිර්මාණ මේ ස්වර්ණමය මැද මාවතේ රඳවා ගෙන ඇත්දැ යි ඉදිරියේ දී විමසා බලමු.

0 comments:
Post a Comment