කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදීමට කොරියානු රජයේ අවධානය යොමු වී ඇති බැවින් ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි කාලයේ දී කොරියානු රැකියා අහිමි වීමේ අවදානමක් මතු වී ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්ව සිටින තරුණ පිරිස් ඉක්මනින් රැකියා ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ඉදිරිපිට කළ උද්ඝෝෂණය මෙම තත්ත්වයට හේතු වී ඇති බව එරට රජය තමාට දන්වා ඇති බව ද ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මේ තත්ත්වය යටතේ කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා අහිමි වුවහොත් ශ්‍රී ලාංකිකයන්ට කොරියාවේ ඉතිරි වන්නේ ධීවර සහ ඉදි කිරීම් අංශවල රැකියා පමණකැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
වර්ජන හා උද්ඝෝෂණ කොරියාවේ කම්කරු නීතිය යටතේ තහනම් වන අතර පවතින තත්ත්වය යටතේ එරට කම්හල් හිමියන් ශ්‍රී ලාංකිකයන් සේවයට ගැනීමට අදි මදි කරන බව කොරියානු රජය දන්වා එවා ඇති බව ද අමාත්‍යවරයා කීය.
0 comments:
Post a Comment