Sunday 6, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Saturday, 26 July 2014

Anonymous අයින්ස්ටයින්ගේ ආලෝකවේග ගණනය වැරදියිලු....

මෙතෙක් දැන සිටි ප‍්‍රමාණයට වඩා ආලෝකය අඩු වේගයකින් ගමන් කරනවා විය හැකි බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

1905දී ඇල්බට් අයින්ස්ටයින් විසින් රික්තයක් තුළදී ආලෝකයේ වේගය ගණන් බැලූ අතර තත්පරයට සැතපුම් 186282 (කිලෝමීටර් 299732) ක වේගයක් ආලෝකයට ඇති බව සියවසක් පුරා විශ්වාස කරන ලදී.
1987දී දිස්වූ SN1987A සුපර්නෝවා පිපුරුමේ ආලෝකය අපේක්ෂිත වේලාවට වඩා පැය 4.7ක් ප‍්‍රමාදවී ළගාවීම මේරිලන්ඞ් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥ ජේම්ස් ෆ‍්‍රැන්සන්ගේ ලක්වී තිබේ.
සුපර්නෝවා පිපුරුමට ප‍්‍රථමයෙන් විද්‍යුත් වශයෙන් උදාසීන උප පරමාණුක අංශුවක් වන නියුටි‍්‍රනෝ ධාරාවක් නිකුත් වී ඇති අතර අයින්ස්ටයින්ගේ ගණන් බැලීමට අනුව එය ආලෝකය නිකුත්වීමට පැය 3කට පෙර සිදුවිය යුතු වේ.
කෙසේවෙතත් 1987 සුපර්නෝවා පිපුරුමේදී ආලෝකය ළගාවී ඇත්තේ නියුටි‍්‍රනෝ නිකුත්වී පැය 7.7කින් පසුව බව පැවසේ.  ෆ‍්‍රැන්සන් පවසන්නේ මෙය රික්තක ධ‍්‍රැවීකරණය නම් සංසිද්ධිය හේතුවෙන් සිදුවිය හැක්කක් බවයි.
එහිදී ෆොටෝන හෙවත් ආලෝක අංශු සුළු කාලසීමාවක් තුළදී පොසිට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන බවට බිඳවැටී යළි එක් වන අතර ක්වොන්ටම් යාන්ත‍්‍රි විද්‍යාවට අනුව එම කාලසීමාව තුළ අංශු දෙක අතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇති වේ.
ආලෝක වර්ෂ 168000ක් පමණ දුරක් පැමිණෙන අතරවාරයේදී මෙම සංසිද්ධිය හේතුවෙන් ආලෝකය පැය 5ක පමණ ප‍්‍රමාදයක් දැක්විය හැකි බව ජේම්ස් ෆ‍්‍රැන්සන්ගේ අදහසයි.
මෙම මතය පිළිගත හොත් ඉතා දුරින් පිහිටි වස්තූන්ගේ පිහිටීම යළි ගණන් බැලීමට විද්‍යාඥයින්ට සිදුවිය හැකි බව පැවසේ.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අයින්ස්ටයින්ගේ ආලෝකවේග ගණනය වැරදියිලු.... Rating: 5 Reviewed By: Unknown