728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Tuesday 5 August 2014

මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. -

වර්තමානය වන විට බුද්ධ ශාසනය විනාශ කිරීමේ ක්‍රියාදාම රජය විසින් යටින් ගෙන යන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව සදහන් කලේ ඊයේ මාතර සංස්කෘතික කේන්ද්‍ර මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී.


මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා විය යුතුයි,පෝෂණය විය යුතුයි බවට සදහන්වී තිබුණත් එය එසේ නොවීම කණගාටුදායක බවයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලේ.


මෙම අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය දි.මූ ජයරත්න සදහන් කලේ මහා නායක හිමියන්ට ඕනෑ දෙයක් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවත් ඒ අවස්ථාවලදී උන්වහන්සේලා තමන්ගේ වාසියට ඇතැම් කරුණු ඉදිරිපත් කරන බවයි.ඇතැමුන් කියන කේළාම් අසා මහා නායක හිමියන් කරුණු ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත හිමියන්,

‘මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. රටේ අගමැති වශයෙන් ඔබතුමා මේ ගැන නොදැන ඉන්න බැහැ. ඉදිරි මැතිවරණයක් නිසා බුද්ධ ශාසනාරක්ෂක යෝජිත පනත පවා යට ගහන්න යන බවට මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තියෙනවා.පන්සල් භූමියක යම් ඉදිකිරීම් රජයේ වියදමින් කරනවා නම් එම භූමියේ නෛතික අයිතිය රජයට පවරන්න ඕන බවට චක්‍ර ලේඛ මගින් මධ්‍යම පළාතේ පන්සල් වලට දැනුම්දී තිබෙන බවත් මේ පිළිබද රටේ අග්‍රමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙහිදි ප්‍රකාශයක් කළ යුතු බවද මහනායක හිමියෝ අවධාරණය කලා
.

එසේම අග්‍රාමාත්‍යවරයා තම තනතුරෙන් ඉවත් විය යුතු බවට ඇතැමුන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන්ද මහ නායක හිමියෝ මෙහිදී සිහිපත් කලා.

මහා නායක හිමියන්ගේ එම ප්‍රකාශ වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ ,තමාට තනතුරු වලින් ඵලක් නොමැති බවයි.අගමැතිකම සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා නම් තමන් එයට එකග බවත් ජනාධිපතිධූරය පමණක් පවත්වා අගමැතිකම අහෝසි කල යුතු බවයි ඔහු අවධාරණය කලේ.

වර්තමානය වන විට බුද්ධ ශාසනය විනාශ කිරීමේ ක්‍රියාදාම රජය විසින් යටින් ගෙන යන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත හිමියන් පවසයි.උන්වහන්සේ මේ බව සදහන් කලේ ඊයේ මාතර සංස්කෘතික කේන්ද්‍ර මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී.
මේ රටේ බුද්ධ ශාසනය ආරක්ෂා විය යුතුයි,පෝෂණය විය යුතුයි බවට සදහන්වී තිබුණත් එය එසේ නොවීම කණගාටුදායක බවයි උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කලේ.
මෙම අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය දි.මූ ජයරත්න සදහන් කලේ මහා නායක හිමියන්ට ඕනෑ දෙයක් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවත් ඒ අවස්ථාවලදී උන්වහන්සේලා තමන්ගේ වාසියට ඇතැම් කරුණු ඉදිරිපත් කරන බවයි.ඇතැමුන් කියන කේළාම් අසා මහා නායක හිමියන් කරුණු ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උඩුගම ශ්‍රි බුද්ධ රක්ඛිත හිමියන්,
‘මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දැනට ක්‍රියාත්මක වෙනවා. රටේ අගමැති වශයෙන් ඔබතුමා මේ ගැන නොදැන ඉන්න බැහැ. ඉදිරි මැතිවරණයක් නිසා බුද්ධ ශාසනාරක්ෂක යෝජිත පනත පවා යට ගහන්න යන බවට මට විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තියෙනවා.පන්සල් භූමියක යම් ඉදිකිරීම් රජයේ වියදමින් කරනවා නම් එම භූමියේ නෛතික අයිතිය රජයට පවරන්න ඕන බවට චක්‍ර ලේඛ මගින් මධ්‍යම පළාතේ පන්සල් වලට දැනුම්දී තිබෙන බවත් මේ පිළිබද රටේ අග්‍රමාත්‍යවරයා වශයෙන් ඔබතුමා මෙහිදි ප්‍රකාශයක් කළ යුතු බවද මහනායක හිමියෝ අවධාරණය කලා.
එසේම අග්‍රාමාත්‍යවරයා තම තනතුරෙන් ඉවත් විය යුතු බවට ඇතැමුන් ඉදිරිපත් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන්ද මහ නායක හිමියෝ මෙහිදී සිහිපත් කලා.
මහා නායක හිමියන්ගේ එම ප්‍රකාශ වලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කලේ ,තමාට තනතුරු වලින් ඵලක් නොමැති බවයි.අගමැතිකම සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා නම් තමන් එයට එකග බවත් ජනාධිපතිධූරය පමණක් පවත්වා අගමැතිකම අහෝසි කල යුතු බවයි ඔහු අවධාරණය කලේ.
- See more at: http://lankanewsalert.com/?p=18146#sthash.rNJvXVQr.dpuf
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මේ රජය යටතේ මේ රටේ බුද්ධ ශාසනය විනාශ වී යන තත්ත්වයක් උද්ගතව තිබෙනවා. - Rating: 5 Reviewed By: Unknown