728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday 6 August 2014

මද කිපුණු අලියෙක්...

අප්‍රිකාවේ පිලන්ස්බර්ග් ජාතික වනෝද්‍යානයේ මද කිපුණු අලියෙක් වනෝද්‍යානයට පැමිණි රථයකට හානි සිදුකරන අයුරු පිටුපස රථයේ සිටි සංචාරක මාර්ගෝපදේශකයකු විසින් ඡායාරූපයට නගා ඇත. ආමන්ඩ් ග්‍රොබෙල් නම් මේ සංචාරක මගපෙන්වන්නා පවසන්නේ මද කිපී සිටි අලියා වනයේ සිට පැමිණ වාහනයට උඩින් පැන රථය තම බඩට තද කරගෙන සිටි බවයි.
ඉන් පසු විනාඩි කිහිපයක් රථය ඒ මේ අතට තල්ලුකැර දැමූ මේ දැවැන්තයා යළි වනයට වැදී නොපෙනී ගොස් ඇත.
අලින්ගේ වාසස්ථාන හා චර්යාවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන තරුණයකු හා තරුණියක පමණක් මේ රථයේ සිටි බවයි. අලියාගේ පහර දීමෙන් රථයේ විදුරුවලට, වහලට හා බොනට්ටුවට හානි සිදුව තිබුණු අතර රෝද ඒ මේ අත ඇඹරි ඇද වී තිබිණි. කාරයේ බඳට ද හානි සිදුව ඇත.

කාරයේ සිටි දෙදෙනාට කිසිදු හානියක් සිදුවී නැත.  

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මද කිපුණු අලියෙක්... Rating: 5 Reviewed By: Unknown