728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Wednesday, 4 December 2013

ගායන ශිල්පියෙක් පහර දීමකට ලක්වුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

- ගායක ගායිකා සංගමය

ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට පහරදීමට දකුණු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය බිංදු වීරසිංහ මහතා  අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක නොකළොත් මෙරට කලා ශිල්පීන් නිවෙස්වලට වී නිහඬව නොසිටින බව ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ සභාපති මධුමාධව අරවින්ද මහතා පැවැසීය.

ඒ මහතා මෙසේ පැවැසුවේ කොළඹ නි‍පෝන් හෝටලයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
ගායන ශිල්පියෙක්ගේ කාර්යාලය වේදිකාවයි. තමන්ගේ වෘත්තියේ යෙදී සිටි ගායන ශිල්පියෙක් පහර දීමකට ලක්වුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

මේ රටේ දේශපාලනය ගැන හැමෝම දන්නවා. දේශපාලනඥයින්ගේ මෙවැනි ක්‍රියා වළක්වන්න බැරි වුණේ නිය‍පොත්තෙන් කඩන්න තියෙන දේ නිය‍පොත්තෙන් නොකැඩීම නිසා. ඒ නිසා අනෙක් දේශපාලනඥයොත් ප්‍රසිද්ධිය සඳහා හෝ නරක පූර්වාදර්ශ සපයනවා.
මිනිස්සු ඡන්දේ දීලා නියෝජිතයෝ පත් කරන්නේ ගුටි කන්න ‍නෙවෙයි. මෙය බියගුළු, නින්දිත පහරදීමක්. සමන් ද සිල්වා මහතාට පමණක් කළ පහරදීමක් ලෙස මෙය දකින්න බැහැ. සමස්ත කලා ශිල්පීන්ටම කළ පහරදීමක්. ඇමැතිවරයාගේ නමේ අර්ථයටම සරිලන ක්‍රියාවක්.
මතෛක් කිසිදු දේශපාලනඥයෙක් නොදුන් පූර්වාදර්ශයක් රටට දෙන්න ඒ ඇමැතිතුමාට අවස්ථාව තියනවා. අත උස්සලා ඉස්සරහට ඇවිත් ‘මට සමාවෙන්න’ කියන්න පුළුවන්කම එතුමාට තිබිය යුතුයි. ඉදිරියේදීත් මේ ආකාරයට කලාකරුවන්ට පහර දුන්නොත් අපි නිකං ඉන්නේ නැහැ.
අද දේශපාලන හයිය යොදා ගනිමින් කලාකරුවන්ට මේ වගේ සැලකුවොත් ඉදිරියට බිහිවෙන කලාකරුවන්ට මොනවා වෙයිද කියන්න බැහැ.
බිංදු වීරසිංහ කියන්නේ ප්‍රදේශයක හයිය තියන පුද්ගලයෙක්. කලාකරුවෝ කියන්නේ රටේම හයිය තියෙන පුද්ගලයෝ. නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අදාළ ඇමැතිවරයා සමස්ත කලා ශිල්පීන්ගෙන් සමාව ගත යුතුයි. ලංකා ‍පොලීසිය ක්‍රියාත්මක වන ආකාරය ගැන අපට සැකයක් නැහැ. අද (03) දවල් 12 වනවිට මේ පුද්ගලයින් අත්අඩංගුවට ගන්න බව කිව්වත් දැන් කියනවා හෙට (04) දවල් 12 වෙද්දී අත්අඩංගුවට ගන්න කතාවක් බාලගිරි දෝෂය වගේ වෙයිද දන්නේ නැහැ.
Saman1තනි ‍පොටට වඩා දෙ‍පොට හයියයි. නීතිය ක්‍රියාත්මක නොවුණොත් එය හැමෝටම වැටහෙයි. මෙවැනි වැඩ කරන මිනිස්සුන්ට ඉදිරි මැතිවරණවලදී ඡන්දය දෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා -
මාසයකට පමණ පෙර බන්ධනාගාර බුද්ධි ආරක්ෂක අංශයෙන් මට කතා කරලා අන්තර් පාපන්දු තරගාවලියක් හා සංගීත සංදර්ශනයක් පවත්වන බව කිව්වා. උදව් කරන්නත් කිව්වා. ඒ අනුව නොමි‍ලේ මේ සංගීතයට සහභාගි වුණා. මගේ හිතවත් ගායකයින්ටත් කතා කරලා මෙතැනට ඇවිත් සිංදුවක් කියන ලෙස ඇරයුම් කළා. ඔවුන් සහභාගි වුණෙත් නොමි‍ලේයි.
මම සිංදු කියන අතරේ ඇමැතිතුමා පැමිණි බව දැන්වූවා. බන්ධනාගාර භාර ඇමැතිවරයා වර්ෂාව නොතකා පැමිණ ඇතැයි සිතූ නිසා ‘වැස්ස අව්ව නොතකා පැමිණි ඔබතුමාගේ මුහුණ දකින්න ආසයි’ කිව්වා. ඒ අවස්ථාවේ තරමක් මිටි පුද්ගලයෙක් උඹ ඇමැතිතුමාට මොනවද කිව්වේ කියලා ගැහුවා. ඒ සිද්ධියට මැදිහත් වූ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට බන්ධනාගාර අමාත්‍යවරයාගේ මාධ්‍ය ‍ලේකම්වරයා පයින් ගැහුවා. බන්ධනාගාර නිලධාරීවරයාගේ යටතේ සිටින අනෙක් නිලධාරීන් කළබල වුණා නම් සිද්ධිය නරක අතට හැරෙන්න ඉඩ තියෙන නිසා අපි ඉවසුවා.
ඔවුන් අත්අඩංගුවට ගන්න ‍පොලිස් කණ්ඩායමක් මේ වනවිටත් යවා තිබෙනවා. කොහෙද ඉන්නේ කියලා හොයා ගන්න බැහැ.
මෙවැනි තිරිසන් මිනිස්සු ඡන්දයෙන් මහජන නියෝජිතයින් ලෙස පත් කරන්න එපා කියලා අපි ඉල්ලා සිටිනවා.
ප්‍රවීන ගායන ශිල්පී සුනිල් පෙරේරා, බුද්ධික රඹුක්වැල්ලද මෙහිදී අදහස් දැක්වූහ.
රන්මලී සෝමසිරි
ඡායාරූප - නිමල්සිරි එදිරිසිංහ
ඇමැති හා මාධ්‍ය ‍ලේකම් අත්අඩංගුවට ගන්න පරීක්ෂණ

බන්ධනාගාර ක්‍රීඩාංගණයේ පැවැති සංගීත සංදර්ශනයක් අතරතුර ගායක ශිල්පී සමන් ද සිල්වා මහතාට පහරදීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම ඇමැති බිංදු වීරසිංහ සහ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාගේ මාධ්‍ය ‍ලේකම් ඉරෝෂන් ප්‍රීති කුමාර යන අය අත්අඩංගුවට ගැනීමට ‍පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇත.
ඒ දෙදෙනා අද (04) පෙරවරුවේ බොරැල්ල ‍පොලීසියට බාරවීමට පැමිණෙන බවට තුන්වැනි පාර්ශ්ව හරහා දැනුම් දීමක් කර තිබෙන බව උසස් ‍පොලිස්
 නිලධාරියෙක් ‘ලක්බිම’ට කීය.
ඔවුන් දෙදෙනාව පෙරේදා (02) පෙරවරුවේ කටඋත්තර ගැනීමට ‍පොලීසියට කැඳවූවත් ඔවුන් ‍පොලීසිය මගහැරිය බවද එම නිලධාරියා සඳහන් කළේය.
මෙම සැකකරුවන් දෙදෙනාට එරෙහිව බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව පස් දෙනකු විසින් ‍පොලීසියට සාක්ෂි ලබාදී තිබෙන බවත් එම පහරදීම
 සංගීත සංදර්ශනය නරඹමින් සිටි බොහෝ අය ජංගම දුරකථනවල පටිගත කරගෙන සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවැසුවේය.
ගයාන් කුමාර වීරසිංහ
මම ගැහුවේ නෑ : ප්‍රශ්න කළා විතරයි - බිංදු වීරසිංහ
binduගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට තමන් එම අවස්ථාවේ පහර නොදුන්නේ යැයිද ඔහු අධික ලෙස බිමත්ව වේදිකාවට නැග චන්ද්‍රසිරි ගජධීර අමාත්‍යවරයාට  හා තමන්ට අශිලාචාර ලෙස බැණ වැදුන නිසා ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් පමණක් සිදුවූයේ යැයිද දකුණු පළාත් සභා මන්ත්‍රී බිංදු වීරසිංහ මහතා පවසයි. තමන් සම්බන්ධව ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එම ගායකයා එහිදී හැසිරුණු ආකාරය පිළිකුල්
සහගත බවත් පවසන අමාත්‍යවරයා මෙසේද කීය.
මෙදින ත්‍යාග සහ සහතික පත්‍ර බෙදාදීමේ අවස්ථාවට මමත් ගජධීර ඇමැතිවරයාත් සහභාගි වුණා. අමාත්‍යවරයා තරමක් කලින් පිටත්ව ගියේ කිසියම් අවශ්‍යතාවයකටයි. මම එහි රැඳී සිටියා.
සමන් ද සිල්වා මහතා වේදිකාවට ගොඩවී ගීතයක් ගායනා කරන විට පැවැසුවා අපි අද මෙතන කට්ටිය විනෝද වෙනවා. නමුත් විෂය භාර ඇමැතියා මෙතන නැහැ. ඇමැතියාට මෙතන ඉන්න බැරිවුණා කියා. මෙය ඇසුණු මම ඔහුට එම ප්‍රකාශය වහා ඉල්ලා අස්කරගෙන සමාව ඉල්ලන ලෙස නිලධාරියකු මගින් දැන්නුවා. ඊට තැකීමක් නොකළ සමන් ද සිල්වා මහතා පැවැසුවේ මෙතන තව ඇමැතියෙක් ඉන්නවලු අනේ අපි නම් ඒ ඇමැතියා ගැන දන්නේ නැහැ. අපි ඇමැතියෝ අඳුරනවා. මේ ඇමැතිය දන්නෙම නැහැ කියලයි. මේ අවස්ථාවේ ඔහු අධික ලෙස බිමත්ව දුම්වැටියක්ද දල්වාගෙන ගීත ගායනා කළා.
ඇයි මෙහෙම ප්‍රකාශ කරන්නේ කියා මම ඔහු වෙත ගොස් විමසූ අවස්ථාවේ තිබූ නොසන්සුන්තාවය නිසා සංගීත ප්‍රසංගය නතර කරන්න වුණා. මේ ගායකයා අශෝභන ලෙස හැසිරීම නිසයි. මෙවැනි තත්ත්වයක් ඇති වුණේ. මේ ගැන ඉතා කනගාටුයි.
මම මත්පැන් පානය කර සිටිය කතාව සම්පූර්ණ බොරුවක්. මම ආරක්ෂකයින් පිරිවරාගෙන යන ඇමැතිකෙනෙක් නොවෙයි. ආයුධ ගෙනයන්නෙත් නැහැ. මේ සිද්ධිය නිසා ඇතැම් අය මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමට ගන්නා උත්සාහය ඉතාම කනගාටුයි. සත්‍ය තත්ත්වය එහි සිටි හැම කෙනාම දන්නවා යනුවෙනි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ගායන ශිල්පියෙක් පහර දීමකට ලක්වුණු ප්‍රථම අවස්ථාව මෙයයි. Rating: 5 Reviewed By: Unknown