අද ගැහැනියක ලෙස ජීවත්වන සීනාත් පාෂාට උපතින්ම තිබුණේ පුරුෂ දේහ ලක්‍ෂණ ය. ඒ නිසා සීනාත්ව ලියාපදිංචි කෙරුණේ පිරිමියකු හැටියට යි. ඒත් මොකක්දෝ හේතුවක් නිසා ඔහුගේ සිරුරෙන් පිරිමිකම ඈත්වෙමින් තිබිණි. තමන් කෙරෙන් බැහැර වන පිරිමිකම අත්හැර දැමූ සීනාත් ඒ වෙනුවට ගැහැනුකම ආරෝපණය කරගත්තේ ය.
පිරිමි දේහ ලක්‍ෂණත් කුමටදැයි කියා සිතුණු දා ඔහු ශල්‍ය කර්මයකින් පිරිමි ශරීරාවයව ද ඉවත් කරගත්තේ ය. සිය සිරුරෙන් පිරිමිකම දුරින් දුරලා දැමුවත් මුළුමනින්ම ඔහු සියුමැලි ගැහැනියක වූයේ නැත. ගැහැනුකමත්, පිරිමිකමත් අතර රැඳුණු සිය සිරුර මුදලට විකුණන්නට මේ මනුෂ්‍යය ප්‍රාණියා පෙලඹුණේය. සීනාත් වැනි අයගෙන් ලිංගික තෘප්තිය සොයන පිරිස එන්න එන්නම වැඩිවෙද්දී සීනාත් තමන්ගේම යැයි කියා ගණිකා මඩමක් ද පටන් ගත්තේ ය.
සීනාත්ගේ ගණිකා මඩම තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ නගරය ආසන්නයේම පිහිටි කමතිපුරයේ ය. කමතිපුරය එදා සිටම ගණිකා මඩම්වලට ප්‍රකට තැනෙකි. රතු පහන් දල්වා සාමාන්‍ය ජනතාවට අනතුරු ඇඟවීම් කරන නගරයක් ලෙස කමතිපුරය කවදත් ප්‍රකට ය.
කමතිපුරයේ අංක එක දරන වීදියක පිහිටා තිබෙන රාමාබායි ගොඩනැඟිල්ලේ සීනාත් පාෂා සිය ගණිකා නිවාසය පවත්වාගෙන යන්නීය. ගණිකාවෝ දහයකට ආසන්න පිරිසක් එහි වෙති. ඔවුන් සියල්ලන්ම සීනාත් පාෂා මෙන් පිරිමිකම අත්හැර ගැහැනුකමක් ආරූඪ කර ගත්තවුන් ය.
ඒත් ඔවුහු සැබෑ ගැහැනු ආත්මයකට බොහෝ ආශා ඇත්තෝ ය. දරුවකු බිහිකරන්නට වුවමනා ඉන්ද්‍රීයයන් සිය සිරුරු තුළත් පිහිටියේ නම් යැයි කිය කියා ඔවුහු හැමවිටම ළතැවෙති. සුසුම් හෙළති. කෙතරම් සුසුම් හෙළුවත්, ළතැවුණත් හඬා වැලපුනත් ස්ත්‍රී ජනනේන්ද්‍රිය පද්ධතියක් ඔවුන්ට ලබන්නට පුළුවන්කමක් නැත.
ඒ නිසා තමන්ගේ ම යැයි කියා දරුවකු බිහිකරන්නට ඔවුන් තුළ තිබෙන ආශාව සහ බලාපොරොත්තුව කිසිදාක යථාර්ථයක් කරගන්නට විදියක් නැත. ඒත් ඔවුහු දරුවකු ගැන තිබෙන ආශාවත් සහ බලාපොරොත්තු කඩකර ගන්නටත් නොකැමැත්තෝ ය.
සිනාත්, වයස අවුරුදු 3ක් වන පුංචි දියණියකගේත්, අට හැවිරිදි පුංචි පුතකුගේත් අම්මා කෙනකු වුණේ මේ රාමුගත ලෝකය තුළයි. සීනාත් අම්මා කෙනකු වුණේ සිය සිරුරෙන්ම දරුවන් බිහි කළ නිසා නොව, දරුවන් අරන් හදාගත් නිසයි. සලේහා ඈ දරුකමට ගත් දියණිය යි.
අසීෆ් ඈ අරන් හදාගත් පුතනුවන් ය. සීනාත්ට සලේහාව ලැබුණේ, සලේහාගේ අම්මා ෂොනාලී – දරු ගැබ විනාශ කරන්නට මානබලද්දී ය. දරු ගැබ විනාශ නොකරන්න යැයි කියා සිනාත් ඇවිටිලි කළ නිසා ෂෙනාලීට, සීනාත්ට පිටුපාන්නට බැරි විය.
ෂොනාලී කොහොමටත් කවදටත් හැඩකාර ගැහැනියෙකි. ඇගේ සිහින් ඉඟසුඟ වගේම අඩවන් දෑස් පිරිමින්ගේ හිතට අමුතු කිතියක් ඇතුළු කළේ ය. ලෝකයේ පැරණිම ජීවන වෘත්තිය රැකියාව කරගත් ෂොනාලී ට පිරිමින්ගේ හිත තුළ කැරලි ගැසෙන කිති කැවීම හොඳට පෑහුණේ ය.
අහම්බෙන් මෙන් වරක් ෂොනාලී සිය ජීවිතය දෙසට එබිකම් කර බැලුවා ය. ඒත් ඈ හොඳටම ප්‍රමාද වැඩි ය. ඒ වන විට ඇය එච්.අයි.වී ශරීරගත වූ කාන්තාවක වූවා ය. ඒ මදිවාට ඇගේ කුසේ දරු ගැබක් ද පිහිටා තිබිණි. ගබ්සාවක් කරගන්නට ෂොනාලිට වුවමනා වුණේ දරුවකු හදාවඩා ගැනීම ගැන අපේක්‍ෂාවන්ට කොහෙත්ම ඉඩක් නොතිබුණි බැවිනි.
දරු ගැබ නැතිකර ගන්නට ෂොනාලි වෙහෙසෙද්දී ඊට හරස් වුණු සීනාත්ට දරුවකු වුවමනා වී තිබිණි. ගබ්සාවක් කර නොගෙන තමන් වෙනුවෙන් දරුවා බිහිකරන්නැයි කියා සීනාත් ෂොනාලීට ඇවිටිලි කළේ ඒ නිසයි. සීනාත්ගේ කරුණාවට සහ දරු කැක්කුමට සලේහා මෙලොව එළිය දුටුවා ය.
ෂොනාලිගේ අතින් සීනාත් අතට සලේහා මාරු වන විට සලේහාගේ වයස දවස් ගණනකි. අසීෆ් පුතා සීනාත්ගේ දෑතට මාරු වුණේත් එකී පිළිවෙළටමයි. අසීෆ් උපදින විට ඔහුගේ අම්මාත් ඒඩ්ස් රෝගියෙකි. වැදූ අම්මාට ඒ පුතාව බර වැඩි විය. අම්මා ඔහුවත් සීනාත්ට බාර කළාය.
සලේහා මෙන් ම අසීෆ් ද සීනාත්ගේ ලෝකයට ඇතුළු වූ දා පටන්ම හැදුණේ වැඩුණේ ගණිකා මඩම තුළයි. ඔවුන්ගේ දුක සැප බැලුවේත් ඔවුන් වැටි වැටි ඇවිදිද්දී නැඟිටින්නට අත දුන්නේත්, ලෙඩ දුක් කරදරවලට කර දුන්නේත් සීනාත්ගේ ගණිකා මඩමේ පිරිසයි. ඒ පිරිස කවදත් පුංචිවුන් තනිකර දමා ගියේ නැත. අතේ ඇඟිලිවලින් ගණින්නට පුළුවන් තරමේ සොච්චම් මුදලකට සිය ශරීරය විකුණන ස්ත්‍රී ආත්මවලින් පැනනැඟුණු ආදරය මැද ඔවුහු වැඩුණාහ.
“ගණිකා මඩමක් ඇතුළේ දරුවෙක් හදාවඩා ගැනීම හුඟක් අමාරු යි. ඒත් මම මොනවා කරන්න ද?” යැයි කියා සීනාත් අසන්නී ය.
අසීෆ් දැන් පාසල් යන වයසේ දරුවෙකි. සීනාත්ලා ජීවත්වන ප්‍රදේශයේ රාත්‍රී පාසලක් තිබේ. එය ඇරඹෙන්නේ පස්වරු 4.30 ට යි. අවසන් වන්නේ පසුදා උදෑසන 8.00 ටයි. මේ පාසල පවත්වාගෙන යන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් මගිනි. සීනාත්ගෛ් අසීෆා පුතා යන්නේත් එකී පාසලට යි.
කමතිපුරයේ කාන්තාවන් ජයටම ගණිකා රස්සාවේ නියැලෙන නිසා ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් මේ ආකාරයේ රාත්‍රී පාසලක් පටන්ගෙන තිබේ. පෙරදා හැන්දෑවේ පාසලට යන අසීෆ් පාසල නිමවී යළිත් නිවෙසට පැමිණෙන්නේ බොහෝ මහන්සියෙනි. පුතා එන්නට කලින් සීනාත් සිය පුංචි නිවෙසත් ඒ ආසන්නයේ පඩිපෙළත් මැනැවින් පිරිසුදු කරන්නීය.
තැනින් තැන වැටුණු කොණ්ඩම්, සිගරට් කොට වගේම රහමෙර බඳුන් ඉක්මනින් ඉවත්කර දැමිය යුතුය. සීනාත් ඒවා ඒ ආකාරයට ඉවත්කර දැමුවත් පුංචි අසීෆ් ඒවා ගැන නොදන්නවා විය නොහැකිය. එහෙම වුණත් ඔහු කිසිවක් ගැන කාගෙන්වත් අසන්නේ නැත. ඒත් සීනාත් කියන්නේ නුදුරු අනාගතයේ දිනෙක දී තමන් අවට ලෝකය ගැන ඔහු බොහෝ ගැඹුරින් වටහා ගන්නවා ඇති බවයි.
එයට පෙර අසීෆ්ට නේවාසිකාගාර සහිත පාසලකට යවන්නට මේ අම්මාට ලොකු වුවමනාවක් තිබේ. අනෙක් අතට පුංචි දුවණියවත් නුසුදුසු පරිසරයෙන් ඉවත්කර ගැනීමේ අවශ්‍යතාව සීනාත් තුළ දැන් මෝරා වැඩෙමින් තිබේ. මේ පරිසරයේ දිගින් දිගටම තැබුවහොත් වටේ පිටේ සිටින ගැහැනුන් ඇයවත් ගණිකා වෘත්තියට ඇදගන්නවා නිසැක ය.
දරුවන් වැදුවේ නැතත් හැදූ මේ අම්මා හිතන්නේ දුව කවදා හෝ නිවෙසක පතිනියක වියයුතු බවකි. හරියටම කියනවා නම් එය දරුවන් දුක් මහන්සියෙන් වදා – හදා උස් මහත් කළ සාමාන්‍ය අම්මා කෙනකු හිතන ආකාරයේ සිතුවිල්ලකි. ඒ ආකාරයේම ප්‍රාර්ථනයකි.
අනෙක් අතට දැන් සීනාත් ද එච්.අයි.වී ආසාදිතයෙකි. සීනාත්ටත් එක තැනෙක නැවතී නිවි සැනසිල්ලේ ජීවිතය ගැන හිතන්නට ඒ හැටි ඉඩක් නැත.
ලෝකයේ කිසිවකුගේ නෙත නොගැටෙන සීනාන්ලාගේ ජීවිත සෑම එකකම මේ වගේ අනුවේදනීය සිද්ධි ඕනෑ තරම් ය. කමතිපුර ජීවත්වන සිය ගණනක් – එහෙමත් නැත්නම් දහස් ගණනක් – පිරිමි-ගැහැනුන් සිතන්නේ සීනාත් හිතන රාමුව තුළ ය. ඒ හැම කෙනකුම දරුවකුගේ හෝ දෙන්නකුගේ හෝ මවක් ලෙස කටයුතු කරනවා දකින්නට පුළුවන.
ඉරි ගසා බෙදා වෙන්කරගෙන සීමා මායිම් හදාගත් ලෝකයේ පටුම පටු තැනෙක ජීවත්වන ආත්මාර්ථකාමී අපට සීනාත්ලාගේ පරාර්ථය පෙනෙන්නේ නැත. ඔවුන් තුළ පොපියන දරු කැක්කුම දැනෙන්නේ ද නැත. කෙටියෙන් කිවහොත් සීනාන්ලා අපේ ඒ පටු ලෝකයේ සාමාජිකයන් වනවාටවත් අපි නොකැමැත්තෙමු.

0 comments:
Post a Comment