මැඩම්ගේ බූරු පොළ කථාවේ ‘හුලා’ මොකාදැයි සොයන්නට රටේ ජනතාව මෙන්ම මැති සබයද වෙහෙසෙන අතරේ ඉකුත් සතියේ පළ කෙරුණු සලාකා නෙත්තිකුමාරගේ ඇත්ත කථාවෙන් සැගවුණු ‘හුලා’ ගේ නිරුවත රටට ප‍්‍රදර්ශනය වූයේ කෙනෙකු වසලයෙකු වන්නේ උපතින් නොව කි‍්‍රයාවෙන් යන සත්‍ය බුදු වදන අපට සිහිපත් කරමිනි.
‘හුලා’ එසේ හෙළි වෙද්දී එම බූරු පොළේ සිද්ධිය හමුවේ කියැවුණු කථා හේතුවෙන් ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බරපතල ප‍්‍රහාරයක්ද වැදෙන්නට විය. ඒ මැඩම්ගේ සලාක බූරු පොළ වැටලූ පොලිස් නිලධාරීන්ට අද රටම දන්නා ‘හුලා’ ගේ බලපෑම් මත ක්ෂණික මාරුවක් ලබාදුන් බවට ඍජුවම පොලිසියට ඇඟිල්ල දිගු වූ අනාවරණයන් හේතුවෙන්ය.
නමුත් ප‍්‍රභාකරන්ට එරෙහිව කෙරුණු යුද්ධයේදී සර්ව පිත්තල රූකඩයක් වෙමින් ‘වෙල මැද පඹයාගේ’ භූමිකාව රගපෑ ‘හුලා’ ශ‍්‍රී ලංකා පොලිසියේ වත්මන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාට බලපෑම් සිදු කොට එවැන්නක් නොකළ බව මේ මොහොත වනවිට අපට පසක් වී තිබේ.
එකී අවබෝධය අප ලබා ගන්නේ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා කිසිදු පැකිලීමකින් තොරව වගකීමෙන් යුතුව අනාවරණය කරන කරුණු අනුවය. පොලිස්පතිවරයාගේ එම අනාවරණය අපි මෙහි පසෙක සටහන් කරන්නෙමු.ඒ ඔහුගේ ඍජු හෙළිදරව්ව පිළිබද කිසිදු සැකයක් නැති බැවිනි.
නමුත් දොළොස්වෙනි ක‍්‍රීඩකයාටත් පල්ලෙහා සිටියදී තරගයේ ‘ ඕල් රවුන්ඩර්’ හෙවත් තුන් ඉරියව් තරුව ලෙස පෙනී සිටිමින් අම්පයර්ට හොරා පන්දු යවා ඇති ‘හුලා’ තමන් ආරම්භක පිතිකරුවා බවද කියමින් පිටියට පිවිස මේ වනවිට බිංදුවට දැවී ගොස් සිටින බව ‘මැඩම්ගේ බූරු පොළ’ කථාව හමුවේ දැන් රටම දන්නේය. කුමක් වුවත් දැන් සියල්ල සිදුවී හමාරය.යුද්ධය සමයේ රටට ප‍්‍රවෘත්ති සැපයූ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්ථානයද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවැරදි තීන්දුවක් ගෙන අතීතයට බලපාන පරිදි විසුරුවා දමා අවසන්ය.
මේ අවසානය කුමක් වුවත් ‘මැඩම්ගේ බූරු පොළ හා හුලා කතාව’ ඉදිරියේ රටට කියන්නට තවත් දෙයක්ද අපට ඉතිරිව ඇත.ඒ අන් කිසිවක් නොව සූදු පොළ වැටලීමත්, සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් 23 දෙනෙකු මාරු කිරීමත් එකට ගෙන සියල්ල ‘හූලාට’ පටලවා පොලිසියට ඇගිල්ල දිගු කිරීමට අපට සිදු වූයේ ඇයිද යන්න අනාවරණය කිරීමය.
ඒ කතාව කියන්නට පෙර ජනතාවගේ අවබෝධය පිණිස මේ ටිකද සටහන් කළ යුතුය.මෙම ලිපියේ සදහන් වන පොලිස්පතිවරයාගේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම සත්‍ය වූද කිසිදු මවා පෑමක් තොර වූද පිරිසිදු එකක් බව අප ඔබට කියා සිටින්නේ වගකීමෙනි.
එසේම මැඩම්ගේ සූදු පොළ වැටලීමේදී ’හුලා’ පටලවා අප පොලිසිය දෙසට ඇ`ගිලි දිගු කෙරුවේ සැධාරණ යැයි හැගී ගිය සැකයේ වාසියට මුල් තැනදී බවද කිව යුතුව තිබේ.
එසේ ‘හුලා’ පිළිබද පවසමින් පොලිසිය දෙසට හැරෙන්ට තරම් ප‍්‍රබල වූ සාධාරණ සැකයක් අප තුළ මතු වන්නේ කෙසේද? සකල සිරින් පිරි සිරි ලංකාවේ ඇතැම් දේශපාලකයෝ සහ ඔවුන්ගේ වටේ සිටි හාල්පාරුවෝ රටේ පොලීසියේ වැඩවලට ඇගිලි ගසන බව අප දැන සිටින්නේ බොහෝ කාලයක සිටය.
පොලිසිය බලා සිටියදී පන්සල් වටකර කම්බි ගසන අතරේ දේශපාලන ජය සමරන්නට වරෙක පොලිසිය නිවාඩු යැවූ අයුරුද අපේ මතකයේ ඇත. එසේම කුඩු කාරයන් ගංජා සහ කසිප්පුකාරයන් බේරා ගන්නට පොලිසියේ ඕඅයිසීට කතාකරන දේශපාලඥයන් සහ උන්ගේ පසුපස ගොස් ගොට්ට අල්ලා සමාජය ඉදිරියේ පොරවල් වූ අපතයන් මේ මොහොතේද අප අතර සිටින වග අප දන්නේය.
මේ සියල්ල අතරේ නිල කබාය ඇගලාගෙන ඉහත කී ආකාරයේ අලතයන් හා එකතුව ඊළග තරුවට හෝ පටියට ලොබ බැද ඕනෑම දහදුරා වැඩක් කරන අතරේ අපතයකු කිවහොත් කිසිම හිරිකිතයක් නැතිව කක්කුසි වළක වුව බැස ’අනේ සැපයි’ කියන්නට තරම් බංකොලොත් වූ පොලිස්කාරයන් පොලිසියේද සිටියේය.මේ දැනුදු සිටින්නේය.
මැඩම්ගේ බූරු පොළ වැටලීමත් සමග පොලිසිය මාරු කෙරෙද්දී ‘හුලා’ දෙස බලා අප පොලීසියට දොස් පැවරුවේ එවන් වූ මතකයන් සමග ගොඩනැගුණු සාධාරණ සැකය නිසාය.එසේ නොමැතිව තුට්ටු දෙකේ සිද්ධියක් අල්ලා පොලිස් දෙපාර්තමේන්තුවට පහර දෙන්නට අපි නොසිතුවෙමු. එසේම පොලිස් දෙපාර්තමේන්තුව යනු මේ රටේ ජනතාවගේත් අපේත් ආරක්ෂාව වෙනුවෙන් සාමයත් නීතියත් ආරක්ෂා කිරීමට ඇති එකම ආයතනයද වගද අපි දන්නෙමු.
කෙසේ වෙතත් බූරු පොළ සිද්ධිය හා සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් මාරු කිරීම හමුවේ අපට මතුවූ සැකය තුළ සිට මේ අයුරින් සෑම පහරක්ම පොලිසිය දෙස බලා එල්ල කරන්නට තවත් හේතුවක්ද තිබිණි.
ඒ අන් කිසිවක් නොව දිගු කලක සිට අපද බලා සිටි හා ඉකුත් සතියේ සලාකා නෙත්තිකුමාර කී ඇත්තද අනුව බූරු පොළේ අප කියන මැඩම් සමග වූ සුසංයෝගයද පෙරට දමා දිගින් දිගටම හුලා කෙළපු පිස්සුය.මම දැන් ඔබට අපූරු කතාවක් කියන්නෙමු. එය එක්තරා දිනෙක මා දුටු සිහිනයකි. එකමත් එක ලෝකයක රටක් තිබිණි. පැවති යුද්ධයකින් පසු ඒ රට එකල්හි තිබුණේ සාමකාමීවය. එහෙත් රට සාමකාමී වුවද යුද සමයේ රණවිරුවන් ලබන ජය ජනතාවට දැනුම් දෙන්නට සිටි හොරණෑ පිඹින්නකු දිගටම සිය හොරණෑ කුටියට වී එහි මහ පුටුවක ලැග සිටියේය.
මේ සාමකාමී රටේ පොලිසිය කියා ආයතනයක්ද තිබිණි. ඒ පොලිසියේ ගොබිලෙක් රටේ නගරය ඇතුළු ප‍්‍රදේශයක ලොක්කෙක් විය.එකී ගොබිලා ලොක්කෙක් වුවද ග`ද සුව නම් නොහදුනන්නෙකු විය.
මෙසේ ගද සුවද නොදැන සිටියද ‘නරි’ කපටියෙකු වූ පොලිස් ගොබිලා වටහාගෙන සිටි එකම එක දෙයක්ද තිබිණ. ඒ ඕනෑම රෙද්දකට ඇට නැති දිව නමා ‘යර්ස් සර් ගුඞ්’ කියන්නටය. එසේ කළේ කාට හෙණ වැදුනද තමන්ගේ ජාම බේරා ගැනීම සදහාය. මෙසේ කාලය ගෙවන අතරේ දිනක් හොරණෑ කුටියෙන් පිටතට පැමිණි හොරණෑකරුවා කරන්නට දෙයක් නොවූයෙන් ආරක්ෂක රථ කිහිපයක්ද පිරිවරා නගරයේ රවුමක් යන්නට විය.
එසේ යන අතරේ සියල්ල පොලිසියට දෙන්නට ගොස් කෙළවා ගත් මද කිපුණු අගනක් නගරයේ තැනෙක සිටින බව ඔහුට දැනගන්නට ලැබිණ.හේ වහා මේ අගන බලන්නට ගොස් රූපශ‍්‍රීයෙන් වශී වී ඇය බේරා ගන්නට ඉදිරිපත් විය.
අවසානයේ බේරා ගත්තා පමණක් නොව.අංගනාව වඩාගෙන කරේද තබා ගත්තේය.එතැන් පටන් දැනුණු සොමියට හේ කෙළින්නට වූයේ පිස්සු වැළකි.විටෙක ඉදුණු නර කෙස් කලූ කරන්නට සැලූනයට ගියේද ආරක්ෂක රථ පිරිවරා රටේ රජුටත් වඩා ඉහළිනි. මේ අතරේ අ`ගනට වැඩ පෙන්වන්ට හොරණෑ පිම්බ මේකා රටේ ජනතාවට කළ නොපනත්කම්ද බොහෝ විය.
ඒවා පැමිණිලි කරන්නට ජනතාව ගියේ පොලිස් ගොබිලා වෙතය.නමුත් එකී ජනතා දුක ඒ කනින් අසා මේ කනින් පිට කළ ඔහු සෑම විටම කළේ හොරණෑකරුවා දෙස බලා ‘යර්ස් සර් ගුඞ්’ කීමය. මෙසේ කාලය වේගයෙන් ඉගිල ගියේය. අවසානයේ සිදු වන සියල්ල රටේ රජුටද සැළවී තිබිණි. ඒ සමගම ජනතාවට සහනයක් අත්වෙමින් රජු මැදිහත් වී හොරණෑකරුවා නටපු නාඩගම් අවසන් කරන්නට පියවරක් ගත්තේය. එය සිදුවූයේද නිකම්ම නොව පොලිස් ගොබිලාගේද රෙද්ද ගැලවෙන වටපිටාවක් නිර්මාණය වෙමිනි.
දැන් සියල්ල අවසන්ය. එහෙයින් අපි මේ සටහනද මෙතැනින් නවත්තන්නෙමු.ඒ නිකම්ම නොව.අප ඔබට කියූ හුලා නොවැදගතෙක් සේ යළි මතු වන්නට සූදානම් වුවහොත් නැවතත් මෙවැනිම ප‍්‍රහාරයක් එල්ල කරන්නට පසුබට නොවන බවද කියමින්ය. එය හූලාට පමණක් සීමා නොවන්නක් බවද බලයෙන් මත්වී ‘හොරා කමින් ’ පිස්සු කෙළින්නට සිතන සෑම එකෙකුගේම දැන ගැනීම පිණිස කිවයුතුය.
මම දැඩි වගකීමෙන් යුතුව කියනවා. කිසිවෙකුගේ හෝ බලපෑම් නිසා නොවෙයි සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසිතුන් දෙනා මාරු කළේ කියලා. ඒක කළේ මමයි. මේ මාරු කිරීම්වල සත්‍ය කතාව මේකයි. පොලිසියේ තිබෙන පරිපාලන ව්‍යුහය අනුව යම් කොට්ඨාශයක් පාලනය කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අයි.එම් කරුණාරත්න මහතා (අපරාධ) තමයි ඔය කියන සංවිධානාත්මක අපරාධ ඒකකය අධීක්ෂණය කිරීම භාරව සිටියේ.
ඔහු පසුගිය ඔක්තෝම්බර් 24 වැනිදා මට වාර්තාවක් යොමු කළා සංවිධානාත්මක අපරාධ ඒකකයේ අධ්‍යක්ෂ සමග නිලධාරීන් 28 දෙනෙක් ඉන්නවා ඒත් එය දැන් කාර්යක්ෂම නැහැ.එනිසා එය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා. මෙම තත්ත්වය නිසා නිලධාරීන් 23 දෙනෙක් මාරු කරලා අලූතින් නිලධාරීන් පත් කරලා නැවත එම අංශය කාර්යක්ෂම කළ යුතුයි කියලත් ඔහු යෝජනා කර තිබුණා.මේ වාර්තාව මගේ කාර්යාලයට ලැබුණේ ඔක්තෝබර් 25 වැනිදා. එමගින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබුණා අලූතින් නම් කර ලද නිලධාරීන් අට දෙනෙකු එම ඒකකයට ලබා දෙන ලෙසත්.
ඒ අනුව මම මගේම අත්අකුරින්ම මේ නිලධාරීන් මාරු කරන්න කටයුතු කරමින් ඒ පිළිබද මා හමුවී සාකච්ඡුා කරන්න කියලා සටහනක් යොදා ඒ වාර්තාව පසුගිය ඔක්තෝබර් 27 වැනිදා නියෝජ්‍ය පොලිස්පති පිරිස් පාලන වෙත යොමු කළා. මේ අනුව ඔහු මා හමුවී සාකච්ඡුා කර පසුගිය නොවැම්බර් 06 වැනිදා ඒ නිලධාරීන් 23 දෙනා මාරු කර හැරියා. නමුත් එහි ස්ථානාධිපතිගේ මාරුව අවලංගු කළා. එහෙත් මේ වනවිට අප කවුරුත් දැනගෙන හිටියේ නැහැ මාරු කිරීම් සිදුවීමට දෙදිනකට පෙර සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් සූදු පිටියක් වැටලූ බව.පොලිස් මූලස්ථානයේ පමණක් මේ වගේ කොට්ඨාස 52ක් තිබෙනවා. මේ හැම කොටසකම සිදු වන දේවල් නියෝජ්‍ය පොලිස්පති (පිරිස්පාලන) ඉන්නේ මූලස්ථානයේ දෙවැනි තට්ටුවේ.
මේ මාරුවීම් ලබා ගිය නිලධාරීන් විසිතුන් දෙනා අතරිනුත් 15 දෙනෙකු පමණයි එදා ඔය වැටලීමට සහභාගී වී තිබෙන්නේ. ඒත් ඔය වැටලීමට ගිය නැති නිලධාරීන් අට දෙනෙකුටත් ස්ථාන මාරු වීම් ලැබුණා.ඉතින් වැටලීම නිසා මේක සිදු වුණා නම් ඒ අට දෙනා අපි මාරු කරන්නේ මොකටද?
මේ සිද්ධියෙන් පස්සේ නෙත්තිකුමාර මහත්මයාගේ නිවසට පැය විසිහතරක ආරක්ෂාවක් දෙන්න මම කටයුතු කළා.කිසියම් අයකුගේ බලපෑමක් මට තිබෙනවා නම් එහෙම කරන්න පුළුවන්ද?මම අවධාරණයෙන් කියනවා. ආයෙත් මේ බූරු පොළ කරන්න කිසිම විදිහකින් පොලිසිය ඉඩ දෙන්නේ නැහැ.මම පොලිස්පතිවරයා ලෙස වගකීමෙන් ප‍්‍රකාශ කරනවා. මේ මාරු වීම් කළේ මම.ඒක වැටලීම නිසා සිදු කෙරුණු දෙයක් නොවෙයි. ඒ වගේම මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා. මට පහර දෙන්න. ඒත් පොලිස් දෙපාර්තමේන්තුවට පහර දෙන්න එපා. මොකද ඒ වගේ පහරදීම්වලින් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඩපණ වුණොත් හිස ඔසවන්නේ අපරාධකරුවන් කියන එකත් අප මතක තබාගත යුතු දෙයක්.

පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ කතාව
‘අද ජනතාව අතර මතයක් තිබෙනවා සූදු පළක් වැටලීම නිසා කිසියම් අයකු මට කළ බලපෑම් මත පොලිසියේ සංවිධානාත්මක අපරාධ ඒකකය මාරු කළා කියලා.මම දැඩි වගකීමෙන් යුතුව කියනවා. කිසිවෙකුගේ හෝ බලපෑම් නිසා නොවෙයි සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් විසිතුන් දෙනා මාරු කළේ කියලා. ඒක කළේ මමයි. මේ මාරු කිරීම්වල සත්‍ය කතාව මේකයි. පොලිසියේ තිබෙන පරිපාලන ව්‍යුහය අනුව යම් කොට්ඨාශයක් පාලනය කරන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති අයි.එම් කරුණාරත්න මහතා (අපරාධ) තමයි ඔය කියන සංවිධානාත්මක අපරාධ ඒකකය අධීක්ෂණය කිරීම භාරව සිටියේ.
ඔහු පසුගිය ඔක්තෝම්බර් 24 වැනිදා මට වාර්තාවක් යොමු කළා සංවිධානාත්මක අපරාධ ඒකකයේ අධ්‍යක්ෂ සමග නිලධාරීන් 28 දෙනෙක් ඉන්නවා ඒත් එය දැන් කාර්යක්ෂම නැහැ.එනිසා එය ප‍්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා. මෙම තත්ත්වය නිසා නිලධාරීන් 23 දෙනෙක් මාරු කරලා අලූතින් නිලධාරීන් පත් කරලා නැවත එම අංශය කාර්යක්ෂම කළ යුතුයි කියලත් ඔහු යෝජනා කර තිබුණා.මේ වාර්තාව මගේ කාර්යාලයට ලැබුණේ ඔක්තෝබර් 25 වැනිදා. එමගින් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබුණා අලූතින් නම් කර ලද නිලධාරීන් අට දෙනෙකු එම ඒකකයට ලබා දෙන ලෙසත්.
ඒ අනුව මම මගේම අත්අකුරින්ම මේ නිලධාරීන් මාරු කරන්න කටයුතු කරමින් ඒ පිළිබද මා හමුවී සාකච්ඡුා කරන්න කියලා සටහනක් යොදා ඒ වාර්තාව පසුගිය ඔක්තෝබර් 27 වැනිදා නියෝජ්‍ය පොලිස්පති පිරිස් පාලන වෙත යොමු කළා. මේ අනුව ඔහු මා හමුවී සාකච්ඡුා කර පසුගිය නොවැම්බර් 06 වැනිදා ඒ නිලධාරීන් 23 දෙනා මාරු කර හැරියා. නමුත් එහි ස්ථානාධිපතිගේ මාරුව අවලංගු කළා. එහෙත් මේ වනවිට අප කවුරුත් දැනගෙන හිටියේ නැහැ මාරු කිරීම් සිදුවීමට දෙදිනකට පෙර සංවිධානාත්මක අපරාධ ඒකකයේ නිලධාරීන් සූදු පිටියක් වැටලූ බව.පොලිස් මූලස්ථානයේ පමණක් මේ වගේ කොට්ඨාස 52ක් තිබෙනවා. මේ හැම කොටසකම සිදු වන දේවල් නියෝජ්‍ය පොලිස්පති (පිරිස්පාලන) ඉන්නේ මූලස්ථානයේ දෙවැනි තට්ටුවේ.
මේ මාරුවීම් ලබා ගිය නිලධාරීන් විසිතුන් දෙනා අතරිනුත් 15 දෙනෙකු පමණයි එදා ඔය වැටලීමට සහභාගී වී තිබෙන්නේ. ඒත් ඔය වැටලීමට ගිය නැති නිලධාරීන් අට දෙනෙකුටත් ස්ථාන මාරු වීම් ලැබුණා.ඉතින් වැටලීම නිසා මේක සිදු වුණා නම් ඒ අට දෙනා අපි මාරු කරන්නේ මොකටද?
මේ සිද්ධියෙන් පස්සේ නෙත්තිකුමාර මහත්මයාගේ නිවසට පැය විසිහතරක ආරක්ෂාවක් දෙන්න මම කටයුතු කළා.කිසියම් අයකුගේ බලපෑමක් මට තිබෙනවා නම් එහෙම කරන්න පුළුවන්ද?මම අවධාරණයෙන් කියනවා. ආයෙත් මේ බූරු පොළ කරන්න කිසිම විදිහකින් පොලිසිය ඉඩ දෙන්නේ නැහැ.මම පොලිස්පතිවරයා ලෙස වගකීමෙන් ප‍්‍රකාශ කරනවා. මේ මාරු වීම් කළේ මම.ඒක වැටලීම නිසා සිදු කෙරුණු දෙයක් නොවෙයි. ඒ වගේම මම මාධ්‍යයෙන් ඉල්ලීමක් කරනවා. මට පහර දෙන්න. ඒත් පොලිස් දෙපාර්තමේන්තුවට පහර දෙන්න එපා. මොකද ඒ වගේ පහරදීම්වලින් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අඩපණ වුණොත් හිස ඔසවන්නේ අපරාධකරුවන් කියන එකත් අප මතක තබාගත යුතු දෙයක්.
0 comments:
Post a Comment