මේ ළගදි එක නාලිකාවකින් මට කතා කරලා කියනවා ජිප්සි සුනිල්ගෙ පුතා සිංදුවක් කරලා තියෙනවා ඒක මැද්දට නරසීහ ගාථා දාලා තියෙනවා ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිවුවා මම ඒ සිංදුව අහලා නෑ කියලා. ඒ ගමන මට දුර කතනයෙන් ඒක අහන්න දුන්නා.ඇත්තටම දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා.ඒ තරමට අප්‍රසන්නයි ඒක. අහන් ඉන්න බැහැ. අමාරුවෙන් ගීතය අහන් හිටියා....
බුද්ධිමත් වින්දනයක් උදෙසා රසිකයා මෙහෙයවන්නට මූලික වන කල සංගීතය හැම විටම අර්ථවත් වන්නේය. එවන් ගීතයක අපූර්වත්වය මතු කරමින් "ස" ප්‍රසංගයේ සජීවී ගායනය හරහා රසික ඔබේත් මගේත් ආදරය දිනා ගත් වික්ටර් රත්නායක ශිල්පියාණන් පිළිබදව විස්තර කරලීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.. පෙම්බර මධු, තනි තරුවේ, තොටුපල අයිනේ, සොදුර නුඹ මට මවු වෙයන්, හෝපලු වන පෙත ඇතුළු ගීත දහස් ගණනකින් සංගීතයේ ඉමිහිර ලාංකේය ගීතයට හදුන්වා දෙමින් ඉසියුම් වින්දනයක් දක්වා රසික හද මනස රැගෙන යන ඔහු හමුවී අප කළ සුහද කතා බහ මෙලෙස විවරණය කරනෙමු...
ඔබේ සංගීත දිවිය ගැන කතා කරන කොට ස ප්‍රසංගයේ උපත ගැනත් සිහිපත් නොකර බැහැ.. ස ප්‍රසංගය නිර්මාණය වෙන්නෙ 1973 දි. ඒ වසරෙදි මට මතකයි ද්විත්ව සංගීත ප්‍රසංගයක් තිබුණා. ඒ කිවුවෙ අමරදේවයන් හා නන්දා මාලිනිය කියන ශිල්පීන් දෙපළ ශ්‍රවන ආරාධනා නමින් ප්‍රසංගයක් ඉදිරිපත් කළා. මේ ප්‍රසංගය ඉතාම සාර්ථකව වේදිකා ගත වෙන කාලෙ තමයි මා වටා හිටි පිරිස ඒක පුද්ගල ප්‍රසංගයක් පිළිබදව අදහස ඉදිරිපත් කළේ. ප්‍රේමකීර්ති අල්විස්, බණ්ඩාර කේ විජේතුංග, කේ.ඩී.කේ ධර්මවර්ධන, ආර්.ආර් සමරකෝන්, චින්තන ජයසේන වගේ එවකට හිටි මගේ ළගම සහෝදර ආශ්‍රයක් තිබුණ සහෘදයො තමයි මේ යෝජනාව ගෙනාවෙ. මට ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න පුළුවනි නේද සහ ඇයි අපි එය නොකර ඉන්නෙ කියන යෝජනාව සහ ඉල්ලීම ආවෙ එයාලාගෙන්. හැන්දෑ වරුවක හමුවෙලා මධු විතක් සප්පායම් වෙන කොට තමයි මේ කතා බහ පටන් ගත්තෙ. චින්තන ජයසිංහ තමයි මේකට ස කියන නම යෙදුවෙ.
එකල රසිකයන් වික්ටර් රත්නායක කියන නාමය සමග අත්වැල් බැද ගන්නේ ස ප්‍රසංගයේ ඔබ තුමාගේ සජීවී ගායනය හරහා. මේ යුගයේදී එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගි වෙනවාද නැහැ.
දැන් අවුරුදු හත අටකට කලින් මම එළිමහන් සංගීත ප්‍රසංගවලට සහභාගි වීම නැවැත්තුවා. ආරාධනා පැමිණෙනවා. නමුත් මම යන්නෙ නැහැ. ස ප්‍රසංගය නම් එළිමහනක කරලාම නැහැ. එළිමහන් ප්‍රසංගවලට වඩා වැඩි තෘප්තියක් ස ප්‍රසංගය හරහා මම ලබා ගත්තා. මගේ ප්‍රසංගයකදි ගායනා වෙන්නෙ මම තෝරා ගත් ගීත. නමුත් බොහෝ විට එළිමහන් ප්‍රසංගවලදි ඔවුන් ඉල්ලන වේග රිද්ම ගීත ගායනා කරන්න වෙනවා. එළිමහන් ප්‍රසංගයක් නැරඹීමට එන පිරිසත් විවිධාකාරයි. සමහරු ප්‍රසංගය නැරඹීමට එන්නෙ සංගීත රසයක් විදින්නටම නෙවෙයි. විවිධ පරමාර්ථවලින් එන අයත් ඉන්නවා. මේ නිසා එළිමහන් ප්‍රසංගයකදී සේවා තෘප්තියක් ලබා ගන්න අමාරුයි..
අතිශය ඉල්ලුමක් තියෙන මොහොතක ඔබ ස ප්‍රසංගය අවසන් කරනවා.
ඇත්තටම හේතු කිහිපයක් තියෙනවා. ප්‍රධානම කරුණ මෙහෙම කියන්නම්. අපිට හැමදාම එකම ප්‍රමිතියක ගීත ගායනා කරන්න බැහැ නෙ. ප්‍රසංගය ආරම්භ කරන කොට මට වයස අවු 31 යි. අවු 39ක් මම මේ ප්‍රසංගය කරලා තියෙනවා. දැන් මට 70යි. ඉතින් මට අර අවු 39දි ගායන කළ ප්‍රමිතිය තව දුරටත් තියා ගන්න පුළුවන් කමක් නැහැ. රසිකයන්ට එහි අඩුවක් මෙතෙක් දැනුනෙත් නැහැ. දුර්වලකම පෙනෙන්න කලින් නවත්වා ගැනීම තමයි ශිල්පියාගෙ යුතුකම. මම දවසක තොටුපල අයිනේ... තනි තරුවේ... කියන කොට හිර වුණොත් මම රසිකයන්ගෙන් ලබන්නෙ ප්‍රසාදයක් නෙවෙයි. මාව අනුකම්පාවට භාජනය වෙයි. ශිල්පියෙක් අනුකම්පාවට භාජනය විය යුතු නැහැ. ඔහු තමාගෙ පෞර්ෂය රැක ගෙන ඉන්න ඕනි. මම වසර 39 තිස්සෙ ගායනා කරපු ගීතවල උච්ච ස්වර දැන් ගයන්නට බැරි වුණොත් මම ගොඩ නගා ගෙන තිබුණ පෞර්ෂය එක ගීතයකින් නැති වෙන්න පුළුවන්. කලාකරුවෙකුට නිර්මාණ, ශිල්පීය දක්ෂතා තියෙනවා තමයි. ඒ හ සමානවම ඔහු බුද්ධිමත් විය යුතුයි. එක ගීතයකින් තමන්ගෙ ගෞරවය සම්පූර්ණයෙන්ම සිද ගන්නවාද නැත්නම් ඒ මට්ටමින් කියන්න පුළුවන් කම තිබියදීම නවත්තනවාද කියන එක ශිල්පියා තීරණය කරන්න ඕනි. බොහෝ විට තව වැඩි කාලයක් යන්න කලින් මම ගායනයෙනුත් ඉවත් වෙන්න ඉඩ තියෙනවා..
සංගීත දිවිය තුළ ඔබ ලබා ගත් සම්මාන ගැනත් සිහිපත් කරමු..මම ගොඩක් ලබා ගත්තෙ ජනාධිපති සම්මාන, සරසවි සම්මාන වගේ දේවල් නෙවෙයි. මම ගොඩක් ගරු කරන්නෙ මගේ ප්‍රසංග නරඹන්න, අහන්න, විදින්න එන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. එය බොහෝ වටින සම්මානයක්. බොහෝ දෙනෙක්ට ඒක ලබා ගන්න අමාරුයි. අපි ස ප්‍රසංගය 1450 වතාවක් කරලා තිබුණා. කොයි තරම් රසික පිරිසක් මේ මිහිර විදින්නට ඇතිද. ඔවුන්ගෙ ප්‍රතිචාර මට සම්මානයක්. ඒ දේ SMS වලින් හෝ සංවිධායක මණ්ඩලයකින් දෙන සම්මාන වගේ නෙවෙයි. අවසාන ස ප්‍රසංගයේදි අපි 5000, 3000 ටිකට් පත් නිකුත් කළා. ඒවා රැගෙන අපේ ප්‍රසංග නැරඹීමට එන ජනතාව අඩු වෙලා නැහැ. දැන් අලුත්ම ක්‍රමේ SMS වලින් කැමැත්ත ඉල්ලන එක. ඔන්න ඔය අවස්ථා දෙකේ තමයි ශිල්පියත්වයේ වෙනස තියෙන්නෙ. ගායනා කරලා තරු වෙන්න හදන අය පෝස්ටර් ගහලා දැන්වීම් දාලා තමන්ගෙ අංකය දීලා කියනවා කැමැත්ත දෙන්න කියලා. එහෙම යුගයකට අද සංගීතය පත් වෙලා. නමුත් අපේ කාලෙ ඕනි මුදලක් ගෙවලා ප්‍රසංග නරඹන්න එන පිරිස ඉන්නවා. ශිල්පියාගෙ වටිනාකම සහ ගෞරවය රැකෙන්නෙ අපේ ක්‍රියා මාර්ගයෙන් කියලයි මම හිතන්නෙ. ප්‍රසිද්ධ වෙනවා කියන්නෙ එක ප්‍රවණතාවක්. ජනප්‍රිය වෙනවා කියන්නෙ තව ප්‍රවණතාවක්. ජනප්‍රිය කියන්නෙ ජන හද දිනා ගන්නවා කියන එක. ප්‍රසිද්ධිය ඕනි කෙනෙකුට ලබා ගන්න පුළුවන්. මිනි මරන අයත් ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධිය නෙවෙයි කලාවක තියෙන්නෙ. ජනප්‍රියත්වය. මිනිසුන් හද බැද ගන්නවා. ආදරේ කරනවා. ශිල්පියාට තියෙන ගෞරවය උපදින්නෙ මෙතන.
ඔබතුමා සිහිපත් කළ මේ තරු සංකල්පය දිහාවට හැරුණොත් පහුගිය කාලෙ අපි දකිනවා ප්‍රවීන ශිල්පීන් එම තරග විනිශ්චය ආසනවල සිටිනවා. එම ප්‍රවීන විනිශ්චය මණ්ඩල තුළ අපි කවදාවත් ඔබ තුමාව දකින්නෙ නෑ.මට ඔය තරු ප්‍රසංගවලට ආරාධනා ලැබෙනවා. මෑතකදිත් ස්වාධීන රූපවාහිනියෙන් එවැනි ආරාධනාවක් පුතාගෙ මාර්ගයෙන් එවලා තිබුණා. මම කැමති නෑ අනුන්ගෙ ගීත ගයන්න තරුණයන්ව පොළඹවන්න. ජාතියේ කොදු නාරටිය කඩන වැඩක්නෙ මේක. තාරුණ්‍යය නිතරම පොළඹවන්න ඕනි අලුත් දෙයක් කරන්න. “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී“ කියලානෙ මුනිදාස කුමාරතුංගයන් කිව්වෙ.. අලුත් දෙයක් කරගෙන ආපු නිසා තමයි වික්ටර් රත්නායක මෙතන මේ තරම් කාලයක් හිටියෙ. අමරදේවතුමා, මහාචාර්ය සනත් නන්දසිරි මහතා වගේ ඉතා සුළු පිරිසක් තමයි අනන්‍යතාවක් සහිතව ශ්‍රී ලාංකික ගීතය කියන දේ ජනතාව අතරට ගෙන ගියේ. ඒ වගේ කෙනෙක් විනිශ්චය මණ්ඩලය තුළට ගිහින් අනුන්ගෙ ගීයක් කියන කෙනෙක්ව දිරිමත් කළොත් ඒක තාරුණ්‍යයට කරන ශාපයක් වෙනවා. අපි තරුණයන්ව අලුත් නිර්මාණවලට පොළඹවන්නයි ඕනි. ඇත්තටම මේවා රාජ්‍ය තාන්ත්‍රිකව කළ යුතු දේවල්. මට ආරංචි වුණා එක් සුපිරි තරුවකට කෝටියක් ගෙවපු බව. මුදල ගැන අපේ හිත්වල කිසිම ඉරිසියාවක්, ක්‍රෝධයක් නැහැ. නමුත් මෙහෙම ළමයෙකුට කෝටියක් දුන්නම ඔහු මොකද කරන්නෙ කියන එක ප්‍රශ්න ගත කරන්න ඕනි. අනුන්ගෙ ගීත ගායනා කරනවා කියන එක දක්ෂකමක් නෙවෙයිනෙ. ජෝතිපාලගේ හෝ මොහිදින් බෙග් ගෙ ගීතයක් ගායනා කළ පලියට මෙවැනි මුදලක් ලබා දීම වරදක්. ඒ මුදල ගත් තරුණයා එතන ඉදලා සංගීතය හදාරන්න පැහැදිලිවම කිසිම උත්සාහයක් ගන්නෙ නැහැ. ඔහුට තවත් කෙනෙක්ගෙ ගීතයක් ගයන්න පෙළඹීමක් ඇති වෙනවා මිසක් මම සංගීතය හදාරන්න ඕනි, තනුවක් හදන්න ඕනි, හොද ගේය පද රචකයෙක් ළගට ගිහින් පද මාලාවක් යොදා ගන්න ඕනි කියන සුබවාදී චින්තනයට ඔහු කවදාවත් එන්නෙ නැහැ. ජාතික වශයෙන් කලාවෙ වැටීමක් මෙයින් සිදු වෙන්නෙ. පරණ දේම කිය කිය ඉන්නවා. දැන් තරුණයෙක් මොහිදින් බෙග් ගෙ බුද්ධං සණං ගච්චාමි ගීතය ආයෙ ආයෙ කියලා වැඩක් නෑනෙ. ඒක ඒ කට හඩින් කියලා ඉවරයි. අපි තරුණයොත් එක්ක පරණ ගීතම කිය කිය ඉන්න ගියාම ජාතියක් වශයෙන් මොන තරම් පරිහානියකට ලක් වෙනවා ද?මේ නිසා එම ප්‍රසංගවලට මං යන්නෙ නෑ. මේ දේවල් නොකළ යුතු බව මම ඔවුන්ට කියලා තියෙනවා. නමුත් සියලුම නාලිකා බලන්නෙ අනික් කෙනාට වඩා තමන් බැබළෙන්න. ප්‍රසිද්ධ වෙන්න. එක නාලිකාවකින් පිස්සු වැඩක් කළාම ඒ වගේ දෙගුණයක පිස්සුවක් තවත් නාලිකාවක් කරනවා. ඔන්න ඔහොම තරගයක් තමයි මෙතන වෙන්නෙ..
වික්ටර් රත්නායක ශිල්පියා කවදාවත් හින්දි තනුවකට ගීත ගායනා කරලා නැහැ. නමුත් පසුගිය දවසකදි කතාවක් පැතිරුණා ඔබේ “පෙම්බර මධු“ පකිස්තානු තනුවකට නිර්මාණය කළ ගීතයක් කියලා..ඇත්තටම මේ ගීතය පකිස්තානු චිත්‍රපට ගීතයක් බව මමත් දැන ගත්තෙ මාස කීපෙකට උඩදි. රංජිත් එදිරිසිංහ මහත්මයා භාරත ගී ප්‍රචාරණ වැඩසටහනකදි එය ප්‍රචාරය කර තිබුණා. මම මේ ගැන කාටවත් දොස් කියන්නෙ නැහැ. ගීතය ගායනා කරන අවස්ථාවෙදි මම මේ ගැන දැන ගෙන හිටියෙ නෑ. වෘත්තිය ගායකයෙක් වුණා කියලා ලෝකෙ තියන ඔක්කොම තනු අපි දන්නෙ නෑනෙ. තනුව රසවත් නම් අපි ගායනා කරනවා. ගීතය පසු පස ගිහින් සුල මුල හොයන්න තරම් අපිට කාලයක් නැහැ. කෙහොම වුණත් මේ රූපවාහිනි වැඩ සටහනෙන් පස්සෙ මම අර පකිස්තානු ගීතය අහලා බැලුවා. එතනදි මට තේරුණ විදියට මේ ගීත දෙක තියෙන්නෙ නම් ලෝක දෙකක. එකම තනුව කියලා හිතෙන් නැති තරමටම පකිස්තානු ගීතයේ රළු ගොරෝසු ගතියක් තියෙනවා. ඒ ගීතය අවතක්සේරු කරනවා නෙවෙයි මම. කෙසේ හෝ මම දැනන් හිටියෙ නෑ පෙම්බර මධු වැනි ගීතයක් පෙර තිබූ බව.
වික්ටර් රත්නායකයන් සංගීතයට ප්‍රවිශ්ට වෙන අවධියේදි ගුවන් විදුලි සංස්ථාව විසින් ඒ මියුරු සංගීතය රසිකයන්ට සමීප කරනු ලබනවා..අද FM නාලිකා මගිනුත් ගීත ප්‍රචාරය කරනවා. මේ යුග දෙක ගැන ඔබේ අදහස මොකක්ද? ශ්‍රී ලංකාව කියන්නෙ ඉතා පුංචි රටක්. උතුරෙ ඉදලා දකුණට හැතැප්ම 250 යි. බස්නාහිර ඉදලා නැගෙනහිරට හැතැප්ම 150යි. මේ තරම් පුංචි කොදෙව්වක FM නාලිකා පනස් ගාණක් තියෙනවා. රූපවාහිනි නාලිකා දහ අටක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ තත්වය මත අපිය මාධ්‍ය සදාචාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. දැන් ගීතයක වයලීන,සිතාර්, තබ්ලා වාදනය කරන්නෙ නැහැනෙ. තාක්ෂණයෙන් හදන ඝෝෂාකාරී රිද්ම රටාවක් තියෙන්නෙ. ඒ රිද්මයට මොනවා හරි වචන කෑලි ටිකක් එකතු කරලා සිංදුවක් කියලා ප්‍රචාරය කරනවා.
පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීතය : පී එල් ඒ සෝමපාල චිත්‍රපටය : පෙම්බර මධු අධ්‍යක්ෂණය : සුගතපාල සෙනරත් යාපා
ඒවා ප්‍රචාරය කරන්නෙත් දැන හැදුනුම්කම් බලලා. ගීත ප්‍රචාරය කරන්න වෙනම පැකේජ් එකකුත් තියෙනවා. CD එකක ගීත කීයක් හිට් කරලා ඕනිද කියලා අහලා එක ගීතයකට ලක්ෂ තුනක් ඉල්ලනවා. අල්ලස් දීලා අද ගීත ප්‍රචාරය කර ගන්නෙ. මම හැම නාලිකාවකටම ඇගිල්ල දික් කරන්නෙ නැහැ. හොද නාලිකාත් තියෙනවා. අරහෙම වෙන කොට තමයි “කංසා බොන්න සොදා“ කියලා ගීත ලියවෙන්නෙ. එහෙම ලියන මිනිස්සුන්ට අද නාලිකාවලින් කොයි තරම් ප්‍රචාරයක් දෙනවද. ගීත රූප රචනා කලාවක් අද නිර්මාණය වෙලා තියෙනවා. ප්‍රවීන ගායකයන් පවා සමහර වෙලාවට මේ කලාව යොදා ගන්නවා.
නමුත් ඔබේ ගීනවල රූන රචනා අපි දැකලා නැහැ..ගීතය කියන්නෙ අහලා රස විදින්න ඕනි දෙයක් මිසක් බලලා විදින්න ඕනි දෙයක් නෙවෙයි. ඒක ශ්‍රවණ මාධ්‍යයේ වින්දනාත්මක මෙවලමක්. ඇස් නොපෙනෙන රසිකයෙක්ට වුණත් කිසිම වෙනසක් නැතිව කවිය විදින්න පුළුවන්. මේ ඇසීමයි බැලීමයි සංයෝජනයෙන් දැන් කරන්නෙ ගීතයේ රසය මැරීම. මම හරිම විරුද්ධයි ගීත රූප රචනා කරනවාට. අනික බලන්න මේ රූප ගත කිරීම කවියට ප්‍රතිවිරුද්ධ අදහස් ගේන විදියටනෙ කරන්නෙත්. කෙනෙක් ගීතයක් ලියන්නෙ යම් රූපයක් හිතේ තියා ගෙන. උදාහරණයක් ගත්තොත් “සිනා දොළක් වන් සිනා මලී“ ගීතය කියන්නෙ ගෑනු දරුවෙක් මල්වර වීමේ අවස්ථාව ගැන. මේ වගේ අවස්ථාවක් මුලින්ම ගායනා කළේ මම. පද රචනය කුලරත්න ආරියවංශගෙ. මෙහෙම ගීයක් රූප රචනා කරන්න ගියොත් මොකද වෙන්නෙ. රූප ගත කරන්න නෙවෙයි අහලා රස විදින්න මේ ගීත තියෙන්නෙ. අහපුවම තමයි සුන්දරත්වය තියෙන්නෙ. නරඹනවා කියන්නෙ වෙනමම දෙයක්. ඒක ගීතයට සම්බන්ධ වෙන වෙලාවලුත් තියෙනවා. චිත්‍රපට පසුබිම් සංගීතයත් ඒ වගේනෙ. සමහරු ගීත නරඹලා රස විදින්න පුළුවන් විදියට රූප ගත කරනවා. ඒක බොහොම බුද්ධිමත්ව කරන්න ඕනි දෙයක්. මගෙ ගීතත් අතරින් පතර රූපගත කරලා තියෙනවා.
වර්තමානයේ ගීත ක්ෂේත්‍රෙයේ තාත්තාගෙ ගීත පුතා ගායනා කරන රැල්ලක් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඔබේ පුතුන් ඔබේ ගීත ගායනා කරනවා දකින්න නැහැ. ඔබෙන් යම් තහනමක්වත් පැනවුණාද? මොකක්ද මේකට හේතුව.?ඇත්තෙන්ම මම එයාලාව කුඩා කාලෙ ඉදලාම දැනුවත් කළා තාත්තගෙ ගීත ගායනා කරලා එයාලාට තැනක් නොලැබෙන බව. එයාලට එයාලගෙ අනන්‍යතාව හදා ගන්න මම කියලා දුන්නා. එහෙම වුණාම තමයි ඔවුන්ට ඔවුන්ගෙම නමින් බැබලෙන්න පුළුවන්. නැත්නම් තාත්තගෙ ගීත ගයන් තාක් කල් තාත්තව මතක් කර කර තමයි රසිකයො එය විදින්නෙ. නැතුව මෙයාලගෙ දක්ෂතාවකට නෙවෙයි. හැබැයි මෙහෙමයි. දැන් මේ යන රටාව අනුව මා විසින් ජාතක නොකල පුත්තු බිහි වෙන්නත් ඉඩ තියෙනවා. දැන් රැල්ල අනුන්ගෙ ගීත තමන්ගෙ කර ගෙන ගායනා කිරීම නෙ. එහෙම වුණොත් මගෙම දරුවන්ටත් මේවයෙ අයිතිය නැතුව යනවා. ඒ නිසා මම ඔවුන්ට කිව්වා අවස්ථාවක් ලැබුණොත් මගෙ ගීතත් ගායනා කරන්න කියලා. මොකද පිය උරුමයෙන් ලේ උරුමයෙන් ආපු දේවල් ඔවුන්ට අහිමි වුණොත් ඒකත් වරදක්නෙ. කොහොම වුණත් මගේ ගීත නම් අනික් අය ගායනා කරනවා අඩුයි මම හිතන විදියට. එක පාරක් හෝපලු වන පෙත ගීතයද කොහෙද කියලා තිබුණා කෙනෙක්. ඒක නම් කාටවත් කියන්න පුළුවන් ගීතයක් නෙවෙයි. මමත් ඒ ගීතය එක ප්‍රසංගයකින් තව ප්‍රසංගයකට ගයන කොටවෙනස් වෙනවා. ශාස්ත්‍රිය වශයෙන් එය ගයන්න ඉතාම අපහසුයි. වෙනත් කෙනෙක්ට නම් කොහොමටවත් බැහැ.
මේ දිනවල ඔබෙන් කෙරෙන නිර්මාණ කටයුතු පිළිබදවත් සිහිපත් කරමු...තාම මම නිර්මාණ කටයුතු කරනවා. ඒත් මගේ යුගයේ සහ ඒ ආසන්න දෙවන පරපුරේ බොහෝ දෙනෙක් දැන් අකර්මණ්‍ය වෙලා ඉන්නෙ. මොකද ඒ නිර්මාණවලට දැන් කිසිම වටිනාකමක් දෙන්නෙ නැහැ. මම පුංචි සිදුවීමක් කියන්නම්. මේ ළගදි එක නාලිකාවකින් මට කතා කරලා කියනවා ජිප්සි සුනිල්ගෙ පුතා සිංදුවක් කරලා තියෙනවා ඒක මැද්දට නරසීහ ගාථා දාලා තියෙනවා ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිවුවා මම ඒ සිංදුව අහලා නෑ කියලා. ඒ ගමන මට දුර කතනයෙන් ඒක අහන්න දුන්නා. ඇත්තටම දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා.ඒ තරමට අප්‍රසන්නයි ඒක. අහන් ඉන්න බැහැ. අමාරුවෙන් ගීතය අහන් හිටියා. ඔන්න වැඩසටහන පටන් ගත්තා. නිවේදකතුමා මං ගැන විස්තර කියලා මගෙන් ඒ ගීතය ගැන ඇහුවා. මම කිවුවා මාධ්‍ය වේදීන් හැටියට එයාලට ලොකු වගකීමක් තියෙනවා අසන්නන්ගෙ බුද්ධිය වර්ධනය කරන්න කියලා. මම ප්‍රශ්න කලා ඔයාලා ඒ දේ කරනවද කියලා. සර් මේ ගීතය ගැන කතා කරමු කියලා එයාලා කිවුවා. මම කිවුවා ගීතය ගැන තමයි මම කතා කරන්නෙ, ඔයාලා මේ වගේ කුණු ඉස්මතු කරලා පෙන්නන කොට රසිකයො කොහෙද යන්නෙ කියලා හිතුවද කියලා. ඇයි මේවා ප්‍රචාරය කරන්නෙ? ඇයි මෙහෙම කතිකාවක් ගොඩ නගන්න හදන්නෙ? මොකක්ද මේකෙ තියෙන හරය? එයාලා කරන්නෙ හිස් මිනිස්සුන්ව පුම්බලා පෙන්නන එක. මොකක්ද හරුපයක් කියලා ඒ මැද්දට නරසීහ ගාථා දාලා. මම කිවුවා ඒවා ගැන මගෙන් අහන එක වැරදියි කියලා. ගීත නෙවෙයිනෙ මේවා... ඒ කාලෙම සුනිල් එදිරිසිංහ අලුත් වැස්සක් කියල ඇල්බමය කරලා තිබුණා. ඇයි ඒ වගේ දෙයක් ගැන අහන්නෙ නැත්තෙ කියලා මං ප්‍රශ්න කළා. අපි ඇත්ත කතා කරන්න ඕනි. වැඩිම වුණොත් එයාලා මගෙ ගීත ප්‍රචාරය නොකර ඉදී. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි නෙ...
අවසාන වශයෙන් ඔබට ආදරය කරන රසික රසිකාවියන්ට දෙන්න පණිවිඩයක් තියෙනවද?මම ඔවුන්ට කියන්නෙ නිතරම යහපත් දෙයක් අහන්න කියලා. තමන්ගෙ ඥානය වර්ධනය කර ගන්න. රසිකත්වය, රසය, වින්දනය බුද්ධිමත් කමක් සහිතව භාවිත කරන්න. පද මාලාවක කාව්‍යමය ගුණය, සාහිත්‍ය, භාෂාව කියන හැම දේම විදින්න. මගේ වින්දකයන්ට මම කියන්නෙ ඔබ තවත් පෝෂණය වෙන්න කියලා. රසාස්වාදය ලැබීමට අවශ්‍ය පසුබිම තවත් පුළුල් කර ගන්න. ළගදි කිංස්වුඩ් එකේ පැයක දේශනයකට මම ගියා. එතනදිත් මම ඒ දරුවන්ට කිවුවෙ පුතේ ඇහෙන සියලු දේ ගීත කියලා හිතන්න එපා කියලා. අහනවයි ඇහෙනවයි කියන්නෙ දෙකක්නෙ. අද ඕනි තරම් සින්දු ඇහෙනවනෙ. ඒ ඇහෙන දේවල් තෝර බේර ගෙන අහන්න ඕනි... -
අපගේ ස්තුතිය නව සිනමාවට

මම පුංචි සිදුවීමක් කියන්නම්. මේ ළගදි එක නාලිකාවකින් මට කතා කරලා කියනවා ජිප්සි සුනිල්ගෙ පුතා සිංදුවක් කරලා තියෙනවා ඒක මැද්දට නරසීහ ගාථා දාලා තියෙනවා ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්ද කියලා. මං කිවුවා මම ඒ සිංදුව අහලා නෑ කියලා. ඒ ගමන මට දුර කතනයෙන් ඒක අහන්න දුන්නා. ඇත්තටම දුරකතනය මගෙ හන්දා ඒක අතේ තියන් හිටියා මිසක් නැත්නම් මම පොළවෙ ගහනවා.ඒ තරමට අප්‍රසන්නයි ඒක. අහන් ඉන්න බැහැ. අමාරුවෙන් ගීතය අහන් හිටියා. - See more at: http://nawacinema.lk/news.php?id=10&&%20page=3#sthash.8azp5DXm.dpuf

0 comments:
Post a Comment