Saturday 5, Apr 2025

728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 22 May 2014

Anonymous චීනයෙන් ගෙනා දුම්රිය එන්ජින් අබලන්



චීනයෙන් ආනයනය කරන ලද මැදිරි සහිත දුම්රිය එන්ජින්වල තිරිංග පද්ධතියේ විශාල ගැටලූ පවතින්නේ යයි දුම්රිය සංගම් ආරංචි මාර්ග හෙළි කරයි.

ප‍්‍රමිතියෙන් අඩු බාල තිරිංග පද්ධති එම දුම්රිය එන්ජින්වල සවිකොට ඇති බැවින් දුම්රිය මග නතරවීමේ අවදානමක් පවතින බවත් එම ආරංචි මාර්ග පවසයි.

අදාල දෝෂ නිතර අලූත්වැඩියා කිරීමට විශාල වියදමක් දරමින් අමතර කොටස් සවි කිරීමට සිදුව ඇති අතර එමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් විදීමට සිදුව තිබේ.
ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප‍්‍රවාහන අමාත්‍යවරයාව සිටි කාලයේ ගෙන්වන ලද නව චීන මැදිරි 100ක් සහිත දුම්රිය එන්ජින් වල එම දෝෂ පවතින බවද දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දී තිබේ.
දැනට මෙම දුම්රිය ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ මෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය සදහා යොදා ඇති අතර ඒවා පැයට කිලෝමීටර් 40 ට 50 ට වඩා වේගයෙන් ධාවනය නොකරන්නැයි දුම්රිය බලධාරීන් විසින් දුම්රිය රියදුරන් වෙත උපදෙස් ලබා දී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: චීනයෙන් ගෙනා දුම්රිය එන්ජින් අබලන් Rating: 5 Reviewed By: Unknown