කොළඹ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන ''කුඩු රුවන්'' ඇතුළු සන්නද්ධ කණ්ඩායමක් සුඛෝපභෝගී මෝටර් රථයක ගමන් ගත් තවත් මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසක් පසුපස පන්නාගෙන ගොස් දෙමටගොඩ මංසන්ධියේදී එම රථයේ සිටි තරුණයකුට වෙඩි තබා ඝාතනය කිරීමෙන් දෙමටගොඩ ප්‍රදේශයම පෙරේදා රාත්‍රියේ භීතියට පත්විය.
මෙම ඝාතනය සිදු වී ඇත්තේ පෙරේදා (08 වැනිදා) රාත්‍රි 11.50 ට පමණය.කුඩු රුවන් නමැත්තා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ සැකකරුවකු වන ''මෝල් චමින්ද'' ගේ වැඩිමහල් සොහොයුරු බව කියති.එසේම කුඩු රුවන් කොළඹ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවන්ගෙන් අයකු බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන අන්දමට ඝාතනයට ලක්වූ 27 හැවිරිදි සුජිත් කරුණාරත්න ද විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි.බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචිකරුවකු වන මොහු තිදරු පියෙකි.
මෙම වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ සුජිත් කරුණාරත්න ගමන් ගත් රථයේ තවත් තිදෙනකු සිට ඇති අතරණී වෙඩි තැබීමෙන් පසුව එම තිදෙනා වාහනයේ තිබුණු ටී 56 ගිනි අවි දෙකක් රැගෙන පලාගොස් ඇත.
මෙසේ පලාගිය තිදෙනා බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචි චුට්ටාණී බිම්සර සහ සංජීව යන අය බව පොලිසිය හඳුනාගෙන ඇත.
ඝාතනයට ලක්වූ සුජිත් කරුණාරත්න ගමන්ගත් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයේ තිබී ටී 56 මැගසින් එකක්ණී කඩු දෙකක් සහ පිහියක්ද පොලිසිය සොයාගෙන ඇත.
ඝාතනය සඳහා මත්කුඩු ජාවාරම්කරුවන් පිරිස පැමිණ ඇත්තේ සුදු පැහැති ප්‍රාඩෝ ජීප් රථයකින් සහ ටොයොටා වර්ගයේ මෝටර් රථයකිනි.
කුඩු රුවන් ඇතුළු සිවු දෙනෙක් මෝටර් රථයෙන් පැමිණ ඇති අතර තවත් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙක් ප්‍රාඩෝ ජීප් රථයෙන් පැමිණ ඇත.
ඝාතනයට ලක්වූ තරුණයා පැදවූ මෝටර් රථය පසුපස කොලොන්නාව ප්‍රදේශයේ සිට පන්නාගෙන ආ ජීප් රථයේ සහ මෝටර් රථයේ නැඟුණු කුඩු ජාවාරම්කරුවන් දෙමටගොඩ හන්දියේ මාර්ග සංඥ පුවරුව අසලදී මාර්ගය හරස් කර ඇත.
කුඩු රුවන් පැමිණි මෝටර් රථය සුජිත් කරුණාරත්න පැදවූ රථයට ඉස්සර කර මාර්ගය හරස් කර ඇති අතර ඊට පසුපසින් ජීප් රථයේ පැමිණි පුද්ගලයකු ඉන් බැස මෝටර් රථය වෙත පැමිණ වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ.
රියෑදුරු අසුනේ සිටි සුජිත් වෙඩි ප්‍රහාරයට ලක්වීමත් සමගම රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර ඇත.වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ සිට මීටර් 200 ක් පමණ ඉදිරියට ධාවනය වී ඇති මෝටර් රථය මාර්ගය මැද නතර වී තිබේ.
ඒ අවස්ථාවේ එම රථයේ සිටි මත්කුඩු ජාවාරම්කරුවන් තිදෙනා ටී 56 ගිනි අවි දෙකක්ද රැගෙන කිසිදු කලබලයකින් තොරව පලාගොස් ඇත.
මෙම වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ප්‍රාඩෝ රථයේ නැඟුණු සන්නද්ධ පිරිස බොරැල්ල දෙසට පලාගොස් ඇති අතර කුඩු රුවන් නමැත්තා සිය මෝටර්Êරථයෙන් දෙමටගොඩ පොලිසිය අසලට ගොස් තිබේ.
පොලිස් ස්ථානය ඉදිරිපිට රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියකු ඇමතූ කුඩු රුවන් දෙමටගොඩ හන්දියේ පිරිසක් වෙඩි තබා ගන්නා බව පවසා ඉන් පිටව ගොස් ඇත.
පොලිසිය අසලට පැමිණි පුද්ගලයා කුඩු රුවන් බව පොලිස් නිලධාරියා හඳුනාගෙන ඇති අතර ඔහු ගමන්ගත් මෝaටර් රථයේ අංකයද සටහන් කරගෙන තිබේ.
මෙම සිද්ධිය සැළවූ වහාම ක්‍රියාත්මක වූ දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත.
ඒ වන විටත් වෙඩි ප්‍රහාරයට ලක්වූ තරුණයා බරපතල තුවාල ලබා පණ අදිමින් සිට ඇති අතර ඔහු රෝහල කරා ගෙන යැමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබේ.
එහෙත් රෝහල්ගත කරන විටත් තරුණයා මියගොස් සිටි අතර ඔහුගේ උදර ප්‍රදේශයට වෙඩි ප්‍රහාර එල්ලවී තිබූ බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ එකම කල්ලියක් අතර හටගත් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවයි.
ඝාතනයට ලක්වූ සුජිත් කරුණාරත්න නමැත්තා සමග මෝටර් රථයේ සිටි සන්නද්ධ පුද්ගලයන්ද මෙම මරණයට සම්බන්ධ බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම ඝාතනය කර ඇත්තේ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් බව පොලිසිය සොයාගෙන තිබේ.සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබී පිස්තෝල උණ්ඩයක්ද සොයාගෙන ඇත.ඝාතනයට ලක්වූ තරුණයා ගමන් ගත් මෝටර් රථය වාහන කුලියට ලබාදෙන මධ්‍යස්ථානයකින් ලබාගත් එකක් බව පොලිසිය පවසයි.
ඝාතනය සිදු කළ සැකකරුවන් සියලු දෙනා මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය සහ දෙමටගොඩ පොලිසිය පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකණී අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ ආර්.එල්.රණවීර යන මහත්වරුන්ගේ උපදෙස් මත දෙමටගොඩ පොලිස් ස්ථානාධිපති ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.
0 comments:
Post a Comment