වන්නි ආඥපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා පසුගිය දිනක අපූරු හෙළිදරව්වක් කළේය. ඒ, සංචාරක වීසා ලබාගෙන උතුරේ රෙදිපිළි වෙළෙඳමට එන ඉන්දීය ජාතිකයන් වැඩි දෙනෙක් "රහස් ඔත්තුකරුවන්" බවට සැකයක් පවතින බවය.
මේ කියන "ඉන්දීය වෙළෙඳ සංචාරකයන්" මාසයක, මාස තුනක සංචාරක වීසා ලබාගෙන උතුරට පැමිණ සාරි, වළලු ඇතුළු විසිතුරු බඩු අලෙවි කරන බවත්, එම භාණ්ඩ අලෙවි කරන්නේ වෙළෙඳපොළේ මිලට වඩා ඉතාමත් අඩු මුදලකට බවත් මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරා පවසන්නේය.
ඉන්දියාවේ සිට පැමිණ කිසිදු ලාභදායී අරමුණකින් තොරව එසේ භාණ්ඩ විකිණීම සැක සහිත බව හෙතෙම පවසන්නේය.
මීට සමානම අදහස් හෙළිදරව්වක් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝද පැවසූහ. උන්වහන්සේ පවසන පරිදි අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් අතිශය නීති විරෝධී ආකාරයට මෙරටට පැමිණෙමින් සිටින බවය. විශේෂයෙන් මීගමුව කේන්ද්‍ර කරගනිමින් මේ සංක්‍රමණය සිදු වන බවද උන්වහන්සේ පැවසූහ.
ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ අර්බුදය
මේ හෙළිදරව් කිරීම්වලින් පැහැදිලි වන මූලිකම කාරණය වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සරණාගත තිප්පළක් වන බවය. එය වඩාත් දිගු විග්‍රහයක් ලෙස ගතහොත්, අන්තවාදීන් හා රටට එරෙහි සතුරු බලවේගයන් "සරණාගතයන්" ලෙස මේ රටේ "ගල්" වන බවය.
සංචාරකයන් ලෙස හෝ වේවා සරණාගතයන් ලෙස හෝ වේවා මේ ආකාරයට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩකඩ ලැබෙන්නේ "එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ (UNHCR) ශුද්ධ වූ "කරුණාව" හේතුකොට ගෙනය. සංක්‍රමණිකයන් පිටත් කර හරින රටක් ලෙස ශ්‍රී ලංකාව කලකට ඉහතදී ප්රකටව තිබුණද එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම 2005 දෙසැම්බර් 05 වැනිදා ශ්‍රී ලංකා රජය සමග අත්සන් කරන ලද ගිවිසුමත් සමගම මේ රට සරණාගතයන්ගේ "අතරමැදි" රටක් බවට පත්විණි.
මෙම ගිවිසුමට අනුව රැකවරණ පතන්නන් (Asylum Seekers) මෙන්ම සරණාගතයන් (Refugee) ලෙස යුරෝපා රටවල් සඳහා පිටත්ව යැමට එන සංක්‍රමණිකයන්ට "අතරමැදි රටක්" ලෙස පහසුකම් සැපයීම සඳහා එකඟතාවක් ගොඩනැඟී ඇත. මේ ක්‍රියාවලියත් සමගම පාකිස්තානු හා ඇµaගනිස්තානු රටවල සංක්‍රමණිකයන්ද නයිජීරියානු, කැමරුන්, ඝානා සහ මාලදිවයින් දූපත්වලින්ද දේශපාලන රැකවරණ පතා මෙරටට පැමිණීමේ ප්‍රවණතාවක් ඇතිව තිබිණි. සංචාරකයන් ලෙස සංචාරක වීසා සමග මෙරටට පැමිණෙන බොහෝ පුද්ගලයන් රටට ඇතුළුවීමෙන් පසු කරන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ "දේශපාලන රැකවරණ" පතන්නන් ලෙස ලියාපදිංචි වීමය.
ඊළඟ මොහොතේ එසේ පැමිණි පාකිස්තානුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙහිද, කැමරුන්, ඝානා, නයිජීරියානු ජාතිකයන් හොර නෝට්ටු මුද්‍රණය කිරීම, ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් භාවිතයෙන් වංචනික ලෙස මුදල් ලබා ගැනීම, සහ විවිධ අයථා ක්‍රම මගින් මුදල් ඉපැයීම සිදු කරයි. මේ ලෝක හොරු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරේ "ඔත්තු කාරයන්ට" ද අප රට තුළට පිවිසීමට ඉඩකඩ විවෘත වීම භයානක තත්ත්වයකි.
පසුගිය කාලය පුරාම වාර්තා වූ විවිධ සිද්ධීන් විමර්ශනය කරන විට අවබෝධ කරගත හැක්කේ ඉන්දියානුවන් හා චීන ජාතිකයන් ද බහුතරයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇත්තේ විවිධ අරමුණු ඉලක්ක කරගෙන බවය. ඒවා රටට අහිතකර ඉලක්කයන් මිස හිතකර ඒවා නොවන බවද අවධාරණය කරමු.
ඉන්දියානු රෝ ඔත්තු සේවාව තමන්ට අවශ්‍ය විවිධ තොරතුරු ලබාගැනීම උදෙසා විවිධ වේශයන්ගෙන් පුද්ගලයන් මෙරටට එවා තිබෙන බව නොරහසකි.
වන්නි ආඥපති මේජර් ජෙනරාල් බොනිපස් පෙරේරාගේ හෙළිදරව්ව ආවාට ගියාට කරන එකක් නොවන බව පැහැදිලි වන්නේ මෙරට උතුරුකරයේ සිටින ඉන්දියානු ජාතිකයන් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විටය. එලෙස අත්අඩංගුවට ගන්නා බොහෝ ඉන්දියානුවන් මෙරටට පැමිණ සිටින්නේ සංචාරක වීසා මගින් වුවද, වීසා කාලය අවසන් වීමෙන් පසුවද ඔවුන් මේ රටෙහි වෙළෙ¹මේ යෙදී සිටින බව හෙළිව ඇත. එය බලවත් සැකයට තුඩු දෙන කරුණක් වන්නේ ගුවන් ටිකට් පතකට මුදලක් වැය කරමින් පැමිණ වීසා කාලයද අවසන්ව අතේ සතේ නැතිව මේ රටේ වෙළෙ¹ම් කිරීම කිසි විටෙකත් කළ නොහැක්කක් නිසාය.
එමෙන්ම වසරකට දස ලක්ෂයද ඉක්මවා පැමිණෙන සංචාරකයන් අතරේ ඉන්දියානු ජාතිකයන් ඉතා වැඩි ප්‍රතිශතයක් ගන්නා බවද සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වේ. එහෙත් මේ හැබෑම "සංචාරකයන්"ද යන්න නැවත නැවතත් විමසා බැලිය යුත්තකි. විශේෂයෙන් ලෝකයේ කිසිදු රටක් තමන්ගේ රටට පැමිණෙන සංචාරකයන් රටට හෝ රටේ ආර්ථිකයට බරක් කර ගන්නේ නැත. එපමණක් නොව රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් කරගන්නේ ද නැත. එහෙත් කනගාටුවට කාරණය වන්නේ රටේ සංචාරක ව්‍යාපාරය ආශ්චර්යයක් වන තරමට "මාරයි".. කියන රටකට ගොඩ බසින සංචාරකයන් උතුරට ගොස් බිස්නස් කිරීම හා කුඹුරුවල ගොයම් කැපීමය. ඒ බොහෝ "සංචාරක හිඟන්නන්" සැබෑ ලෙසම "ඔත්තුකරුවන්" යෑයි හඳුනාගත යුත්තේ මේ තරම් අපා දුක් විඳිමින් හරි හම්බ කිරීම කරදරයක් නම් "එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමට" දන්වා යුරෝපා රටකට පැන ගැනීමේ හැකියාව පසෙකලමින් මේ රටේම "ගල්" ව සිටීම නිසාය.
ලොව සෑම රටකම ආගමන හා විගමන අංශයන් හි අදාළ නිලධාරීන්ට ලැබී ඇති නීතිමය බලතල සුවිශේෂය. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ රටක පැවැත්ම හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුනට පැවරී ඇති වගකීම එතරම්ම සංකීර්ණ බැවිනි.
ශ්‍රී ලංකාවේද මේ තත්ත්වයෙහි වෙනසක් නැත. 1948 අංක 20 දරන ආගමන විගමන පනත යටතේ වගන්ති 57 ක් මගින් ආගමන විගමන නිලධාරීන් වෙත පැවරී ඇති බලතල වෙනත් කිසිදු නිලයකට සමාන වන්නේ නැත. එවැනි නිලධාරියකු ගන්නා තීරණ කිසිවකුටත් වෙනස් කිරීමට ද නොහැකිය. ඒ අනුව විදේශිකයකුට වීසා අවසර පත්‍ර ප්‍රතික්ෂේප කිරීම, දින ගණන් සීමා කිරීම, රටින් බැහැර වීමට නියෝග කිරීම වැනි තීරණ කිසිවකුටත් අභියෝග කළ නොහැකි ඒවා වේ.
ප්‍රධානතම කාරණය වන්නේ මෙලෙස පැමිණෙන ඉන්දියානුවන් වැඩි දෙනෙක් එසේ උතුරුකරය ඔත්තුකාරයන්ගේ අම්බලමක් බවට පත් කරන විට, මෙරට පවත්වාගෙන යන බහුජාතික සමාගම් බොහොමයක ඉහළ නිල තල සඳහා ඉන්දියානුවන් ආනයනය කිරීමය. මෙය සිදුවන්නේ මේ සම්බන්ධයෙන් පියවර ගත හැකි හා යුතු බොහෝ දෙනකුගේ අනුදැනුම ද සහිතව වීම අභාග්‍යසම්පන්නය. ප්‍රධාන පෙළේ බහුජාතික සමාගම් කිහිපයක් එකී ඉහළ විධායක තනතුරු සඳහා ඉන්දියානුවන් පත් කර ගත්තේ ඔවුනගේ සුවිශේෂී හැකියාවක් හෝ කළමනාකරණයේ පහසුව සඳහා පමණක් නොවන බව පැහැදිලිය. විශේෂයෙන් එම සමාගම් සඳහා මෙරට වෘත්තිකයන් යොදා ගැනීම තුළ ඔවුනගේ ව්‍යාපාරික අරමුණු වඩාත් ප්රතිඵලදායී තැනකට ගෙන ඒමේ හැකියාව තිබියදීත්, ඉන්දියානුවන් එම තනතුරු සඳහා පත් කිරීම තුළ ද කිසිවෙකුට සැක සංකා මතුවීම වැළැක්විය නොහැක. "සංචාරක" හා "වෘත්තිකයන්" යෑයි කියාගන්නා ඕනෑම හිපියෙකුට බලපත්‍ර සහිතව මේ රටේ ඔත්තුකාරයන් ලෙස හැසිරීමටත්, ජාවාරම් කරන්නටත් ඉඩකඩ ලබාදීම බරපතළ තත්ත්වයකි. ආගමන විගමන පනතේ 57 වැනි වගන්තිය තව තවත් ශක්තිමත් තැනකට ගෙන යැම ආගමන විගමන නිලධාරියා සතු වගකීමක් වන්නේ එබැවිනි. රටට එරෙහිව අටෝරාශියක් කුමන්ත්‍රණ පවතී යෑයි දේශපාලනඥයන් "මයික්" කටේ ඔබාගෙන කෑමොර දෙමින් කෑගැසුවද, පුවත්පත් සාකච්ඡා තැබුවද එයින් ඇති ඵලක් නැත. රටේ බුද්ධි අංශ අබිමුව පවතින බරපතළ වගකීමක්ද වන්නේ, මේ රටට ගොඩබස්සන හිපි රැළගේ ලේඛනවල වැරැදි නිවැරැදිභාවය තහවුරු කර ඔවුන් කවරෙක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමය.
වන්නි ආඥපතිවරයාටත්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ටත් මේ ගැන පුවත්පත් සාකච්ඡා තබා ප්‍රකාශ නිකුත් කරන්නට සිදුවන්නේ කවර අංශයකින් වුව ඒ වගකීම හරි හැටි ඉටුනොවන නිසා බව පැහැදිලිය. හොර තක්කඩියන්, ඔත්තුකාරයන්, අන්තවාදීන් මෙරටට පැමිණෙන්නේ කවර තැනක වරදින්ද යන්න පළමුව ලිහාගත යුතු ගැටලුවයි.
මෙරටට ආගමන විගමන නීති රීති උල්ලංඝනය කරමින් පැමිණෙන නඩ රටින් පිට කිරීමට ආගමන විගමන නිලධාරීන් උත්සාහ දැරුවද බොහෝ විට ඊට එරෙහි වන්නේ එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමය. පසුගිය වසරේ ජුනි 08 වැනිදා ආගමන විගමන පාලකවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නියෝගයකින් විදෙස් සරණාගතයන්ට දින දාහතරක් ඇතුළත රටින් පිටව යන්නැයි දැනුම් දුන්නේය. ඉතා කෙටි කාලයකට දේශපාලන සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීම නතරව තිබූ නමුත් මේ මොහොත වන විට එය නැවත වර්ධනය වී තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කීවේ නිරන්තරයෙන් මේ ගැන සොයා බැලීම් සිදුකරන බවත්, තත්ත්වය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
එකී නිලධාරියා අවධාරණය කළ වැදගත්ම කාරණය වුයේ, තත්ත්වය වැළැක්වීමට කෙසේ උත්සාහ දැරුවද ඉන්දීය තානාපති කාර්යාලය වහා ඊට මැදිහත් වන බවය. මේ මේ වෙළෙඳුන්, ඔත්තුකාරයන් පැමිණීම තුළ ද ඔවුනගේ මැදිහත්වීමක් ඇති බව ඔහු කීවේය.
මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය විවේචනය කරනවා යෑයි කිසිවකුට හෝ චෝදනාවක් එල්ල කළ හැකිය. එහෙත් "ටුවරිසම් ත්‍රිල්" පිළිබඳව අන්ධව බලා සිටීම රට නැවත අනතුරේ හෙළීමටත්, ජාවාරම්කාරයන්ට කෙළිබිමක් වීමටත් අප විසින්ම ඉඩකඩ ලබාදීමක් වනු ඇත.
උදේශ සංජීව ගමගේ

0 comments:
Post a Comment