ඕනෑම සමාජයක පදනම ලෙස සැලකෙන්නේ පවුල කියන ආයතනයයි. සමාජයේ සිදුවන යම් යම් වෙනස්‌වීම් මේ පවුල කියන ආයතනයට අනිවාර්යයෙන්ම බලපානවා. අද සමාජය තුළින් ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද...?
පවුල කියන්නෙ පුද්ගලයාගේ සමාජ ජීවිතයේ මූලික පදනමයි. පවුල තුළින් පුද්ගලයා ලබන ආභාසය ඔහුගේ මුළු මහත් ජීවිත කාලය පුරාවටම අඩු වැඩි වශයෙන් බලපානවා. බටහිර සමාජය ගතහොත් පුද්ගලයා පවුල වෙත පවතින කාලය, දරුවා මව්පියන් මත යෑපෙන කාලය අපේ සමාජයට වඩා අඩුයි. අවු. 16 න් පසුව ඔවුන් මව්පියන්ගෙන් මානසිකව ඈත් වන්න පටන් ගන්නවා. 18 වන විට බොහෝ විට වෙනම ප්ලැට් එකක ජීවත්වන්න යනවා. ඒ සංස්‌කෘතිය ඒක පිළිගන්නවා. ඒත් අපේ රටේ පවුල් ව්‍යqහය එහෙම නෙමේ. මව්පිය දූ දරු සම්බන්ධතාව අපේ සමාජ සාරධර්ම විසින් ප්‍රබල ලෙස අපේක්‍ෂිත හර පද්ධතියක් දරුවන් අතින් අනිත් පැත්තෙන් මව්පියන් මත යෑපෙන කාල පරාසය වැඩියි. ආර්ථික වශයෙනුත් එහෙමයි. සංස්‌කෘතික වශයෙනුත් එහෙමයි. ඒ වගේම මව්පියනුත් දරුවන්ගෙන් ඒක බලාපොරොත්තු වනවා. බාල පුතාට පදිංචි නිවස දෙන්නේ අපේ සංස්‌කෘතිය ඉල්ලා සිටින එම සාරධර්මය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම ගොඩ නඟන්නයි.
මේ තත්ත්වය මිනිසුන්ගේ ආකල්ප හැඩගැසීමට බලපානව නම් ඒ බලපෑම කොහොමද අපි ආයෙත් සමාජයට බලපාන ආකාරය තේරුම් ගන්නේ.
මත්පැන් පානය කරල දැඩි ලෙස රෝගී වුන මිනිහෙක් අපේ රටේ වෛද්‍යවරයෙක් ළඟට ගියහම ඒ වෛද්‍යවරුන්ගේ ප්‍රතිචාරය බලන්න. එහිදී ඔහුට තදින්ම දොස් කියනවා. අවවාද කරනවා විතරක් නෙමේ ආයේ බීල මේ පැත්ත පළාතට එන්න එපා කියලත් කියන අවස්‌ථා තියෙනවා. මෙතන තියෙන්නේ පැහැදිලිව ප්‍රතිකාර කිරීමක් ඉක්‌මවා ගිය විරෝධය පෑමක්. ඒත් බටහිර සමාජයක, නම් වෛද්‍යවරයා කරන්නේ රෝගියා බොන මත්පැන් ප්‍රමාණය අනුව සිදුවන බලපෑම කියා දීමයි. මත්පැන් බීම නතරම කළොත් තව ටික කලක් ජීවත් වන්න පුළුවන් කියල අන්තිමට කියනවා. මෙතන මත්පැන් පිළිබඳ විරෝධයක් නෑ. ඒකට හේතුව ඒ සමාජය ව්‍යqහගතයි. එක්‌තරා සංස්‌කෘතික ව්‍යqහයක් ඇතුලේ ඉඳගෙන සංවිධිතව මිනිස් හැසිරීම් දිහා බලන්නේ. ඒ ව්‍යqහය ඇතුළෙ චිත්තවේගීව හිතන්න ඉඩක් නෑ. ඒ සංස්‌කෘතියෙන් එයට ඉඩක් දී නැහැ. පවතින තත්ත්වය පැහැදිලි කිරීමට විතරයි ඒ ව්‍යqහය තුළ ඉඩ තියෙන්නේ. අපේ සංස්‌කෘතිය තුළ එහෙම දැඩි ව්‍යqහයක් නෑ. ඒකේ තියෙන්නේ අවිධිමත්, හැඟීම් බර විසිරුණු බවක්. මේ සංස්‌කෘතික ස්‌වභාවය අපේ රටේ පවුල කියන ආයතනයටත් අනෙකුත් බොහෝ සම්බන්ධතා පොදු ආත්මීය කාරණයක්. අපි, අපි හොඳ ලෙස දකින දේ අනෙකාගෙනුත් බලාපොරොත්තු වනවා. එසේ නොවීම ගැටලු සහගත ලෙස අපට පෙනෙනවා. මේකෙ හොඳ නරක දෙකම තියෙනවා.
අද අපේ රටේ දරුවන් හා දෙමාපියන් අතර දකින්න තියෙන දුරස්‌ථභාවයත් ඔබ කියන තත්ත්වයේම ප්‍රතිඵලයක්‌ද?
අද අපේ රටේ පවතින තත්ත්වයට තවත් හේතු කාරණා රාශියක් බලපානවා. අද ඇත්තටම දෙමාපියන්ට දරුවන් නොසලකන බවට ප්‍රත්‍යක්‍ෂ උදාහරණ ඕනෑතරම් තියෙනවා. මේක පේන්න තියෙන කාරණය. අද දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන මව්පියන් දරුවන් විසින් මහ මගට ඇද දැමූ මව්වරුන් අපට පෙනෙනවා. ඒත් මේ පේන දේ ඇතුලේ තවත් නොපෙනෙන පැති තියෙනවා. එකක් තමයි පවුල කියන ආයතනයේ බිඳ වැටීම ඉක්‌මන් කරන සාධක අද සමාජයේ ක්‍රියාත්මක වීම. පවුලට ජීවය දෙන්නෙ ගෙවල් දොරවල්, යාන වාහන රැකියා විතරයි කියන මිථ්‍යාවට අද සමාජය ඇවිත් තියෙනවා. පවුල ජීවත් කරවන්නෙ චිත්තවේගී පෝෂණය. මව්පියන් දරුවන් අතර ඇති බැඳීම කියන කාරණය අද යටපත්වෙලා. දරුවන්ට මව්පියන්ට වඩා වටිනා චරිත, භාණ්‌ඩ, උපකරණ සම්බන්ධතා අද නවීකරණ වෙළෙඳ පොළ හඳුන්වා දීලා. ඒ නිසා පවුල බිඳුණු පවුලක් වෙලා. සදර්ලන්ඩ් කියන අපරාධ විද්‍යාඥයා කියන්නේ බිඳුණු පවුලක දෙමාපියන්ට දරුවෝ අවශ්‍ය නෑ. දරුවන්ට දෙමාපියන් වැදගත් නෑ. ඒ තැන ගන්න වෙන දේවල් තියෙනවා කියලයි.
අද අපේ රටේ දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන මව්පියන්ගේ ගණන වැඩිවීම ඔබ කොහොමද පැහැදිලි කරන්නේ.
සංඛ්‍යා ලේඛන වාර්තා අනුව ඔය තත්ත්වයට මුහුණපෑ බහුතරයක් මව්පියෝ නාගරික, අර්ධ නාගරික මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියට අයත් අයයි. ඉන් අදහස් වන්නේ නෑ පිටිසර මව්පියන් සතුටින්ම ඉන්නවා කියලා. ඒත් මෙතන අපිට මතුකර ගන්න පුළුවන් ඉතා වැදගත් සංස්‌කෘතික කාරණාවක් තියෙනවා. අපේ සියලු යහපත් දැ විශිෂ්ටාර්ථ ඔක්‌කොම නාමික ස්‌ථාපිතව පවතිනවා. නමුත් ඒවා කිසිසේත් අපේ ප්‍රායෝගික ජීවිතයට බද්ධ වන්නේ නැහැ. අනික එම සාරධර්ම ක්‍රියාත්මක වීමේ වගකීම මුළුමනින්ම වෙනත් පාර්ශ්වයන් විසින් පවරාගෙන තියෙනවා. අපි ඒ දෙස බලාගෙන සාරධර්ම අගය කරමින් කතා කර කර සිටිනවා විතරයි. මේ තත්ත්වය වේගයෙන් දකින්න පුළුවන් නාගරික සමාජයේ. බලන්න නාගරික සමාජයේ හැම නිවසක් වටා ලොකු තාප්ප බඳිනවා. ලොකු ගේට්‌ටු දමා ඒවායේ කැමරා, ඇමතුම් යන්ත්‍ර සවිකරනවා. දියුණු රටවල නගරවල ගෙවල්වල මේක නෑ. අපි ගොඩනඟන තාප්පය තරමටම "අපි" අපි පමණක් හිතන අපි වෙනුවෙන් පමණක් ජීවත්වන කෘත්‍රිම ලෝකයක හිරවෙන්නෙ නැද්ද? අනික ආගමික සංකල්ප පවා මේ තත්ත්වයට අනුරූපවයි ඊට පස්‌සේ මිනිස්‌සු භාර ගන්නේ. "අපි" ගැන හිතන මිනිස්‌සු හිතනවා "මේක අපේ කරුමය" කියල. හැම පීඩාවක්‌ම විඳවනවා ඒවා කරන අයට ඒවා ලැබෙයි කියල. මේ තත්ත්වය ග්‍රාමීය සමාජයට යනකොට ප්‍රබලයි. මේ විශ්වාසය විඳවන ෙ€දනීය අත්දැකීම් සමග පොරබදන දුක්‌බර මිනිසුන් නිර්මාණය කිරීමට බලපානවා.
මව්පියන් දරුවන්ගෙන් නඩත්තු ඉල්ලා සිටින තත්ත්වයට සමාජය පත්වීම කෙබඳු බිඳ වැටීමක්‌ද?
දරුවන් මව්පියන්ට සැලකීම, නිරපේක්‍ෂ සාරධර්මයක්. ඒ ඒ සංස්‌කෘතීන් විසින් එක එක ආකාරයට එය අනුමත කරත් පොදු හරය සදාතනික සත්‍යයක්. ඒත් මෙතන තවත් කරුණු තියෙනවා. අපේ සමාජය ගතහොත් අද මිනිසා "යන්ත්‍ර" බවට පත්වෙලා. කාලය, අවකාශය, ඕනෑකම් ඔක්‌කොම සමග පොරබදන කොට මිනිසාට මව්පියන් ගැන හිතන්න අවකාශයක් නෑ. හිතුවත් ඊට වඩා ප්‍රමුඛතාව දිය යුතු දේවල් හැටියට ඔහුගේ මනසේ තවත් ලැයිස්‌තුවක් හැදිලා ඉවරයි. මෙතෙන්දී මූලික පවුල තුළ බිරින්දැවරුන්ගේ අනිසි බලපෑමක් තදින්ම තියෙනවා. අද කාන්තා වෘත්තිය කෞශල්‍යතාව හුඟාක් වැඩියි. ඔවුන් වෘත්තියමය වශයෙන් ඉහළටම ඇවිත්. මේ තත්ත්වය පවුල තුළ සැමියාට එක එල්ලේම බලපෑමක් කරන්න තියෙන අවස්‌ථාව වැඩි කරලා. අද සමාජයේ බොහෝ බිරින්දැවරු සැමියා මව්පියන්ට සැලකීම ඉවසන්නේ නෑ. එතනදී ලොකු කැපකිරීමක් කරල දරුවන්ට මෙහෙකරුවෙක් වගේ වැඩ කරන්න ඔවුන්ට සිදුවෙලා. මේ ප්‍රවාහය මා දකින්නේ නූතන න්‍යෂ්ටික පවුලේ අනතුරුදායක ප්‍රවණතාවක් ලෙස. මේ චිත්ත වේගයට ගොදුරු වන අයගේ මව්පියන් අසරණ වීම ස්‌වභාවයක්. බලන්න එදා තිබුණේ වැඩිහිටි නිවාස නැත්නම් මහළු නිවාස. අද ඒවාට සම්බන්ධකරල විශ්‍රාමික නිවාස කියල ජාතියක් තියෙනවා. මේවායේ ඉන්නේ සිවිල් සේවා නිලධාරීන්, පරිපාලන නිලධාරීන් වාගේ උපාධි රැකියා කරපු විශ්‍රාමිකයන්. තමන්ගේ විශ්‍රාමික පඩිය ඒවාට හරවල ඉන්නවා. ගෙදර යන්ට කැමති නෑ. මේ අය කියන්නේ එකම කතාවක්. අපි කරපු මෝඩකම අපේ දරුවන් ලොකු ඉස්‌කෝලවලට දාලා උගන්වපු එක. මේ කතාව හරිද වැරදිද කියල කියන්න බෑ. ඒත් ඒකෙන් දෙන පණිවිඩයක් තියෙනවා. දරුවන් ඉහළට යන කොට මව්පියන්ගෙන් ඈත් වෙනව කියන එක. එහෙම වෙන්නේ ඇයි කියල කව්රුත් හොයන්නෙ නෑ.
මේ ප්‍රශ්නයට මව්පියන්ගේ පැත්තෙනුත් යම් වැඩ කොටසක් සිදුවිය යුතුයි නේද?
ඔව්, දෙමාපියන් දරුවන්ගේ ආශාවන් ලැදියාවන් තේරුම් ගන්න ඕන. තමන්ගේ ආශාවන්ට ඕනෑකම් වලට අනුව දරුවන් හැඩ ගස්‌සවන්නයි අද දෙමාපියන් පෙළඹිලා ඉන්නේ. දෙවනුව බොහෝ මව්පියන්, දරුවන්ට ප්‍රමාණය ඉක්‌මවා ආරක්‍ෂාව, රැකවරණය, ලබාදීම දිගින් දිගටම කරනවා. තරුණ දරුවන් ටියුෂන් පන්තිවලට ගොස් පැමිණෙන තුරුම කුසගින්නේ ඒ අසල සිටගෙන සිටින මව්වරුන් අපි දකිනවා. මේකෙ ඉතා භයානක පැත්තක් තියෙනවා. හැමදාමත් මෙහෙම රැකවරණයක් දීමට ඒ අයට බෑ. යම්කිසි වෙලාවක ඒ දරුවා තනි කරන්න සිදුවනවා. ඒ වෙලාවේ ඒ දරුවාට දැනෙන්නේ තමා විශාල ප්‍රපාතයක තනිකරා වගේ හැඟීමක්. එතනදී ඒ දරුවා හුඟාක් පැතිවලට යොමුවන්න පුළුවන්. අද හුඟාක් ප්‍රශ්නවලට මුහුණපාල ජීවිතය අවුල් කර ගත් තරුණ පිරිස් මේ වගේ පසුබිමක් තියෙන අය.
අනිත් පැත්තෙන් බොහෝ දෙමව්පියන් දරුවන් තුළ ඉතා සියුම් විදියට මමායනය ඇති කරනවා. ඔයා ඔය පොත් කාටවත් පෙන්නන්න එපා. මේ වාගේ දේවල් මව්පියන්ගෙන් පැත්තෙන් වෙන කොට දරුවන් තුළ තරගකාරී හැඟීම් තහවුරු වීම වේගවත් වෙනවා. ඒ වාගේම දෙමාපියන් තමන්ගේ දෙමව්පියන්ට නොසලකනව නම් ඒ දරුවො ඒ දෙමාපියන්ට සලකන්නෙත් නෑ. මේක අපේ වැඩිහිටියෝ අමතක කරන දෙයක්. කොච්චරවත් දරුවො මත්තෙ මැරීගෙන වැඩ කළත් ඒ අය තමන්ගේ මව්පියෝ දුක් විඳින හැටි බලාගෙන ඉන්නව නම් නැත්නම් ඒ අය තමන්ගෙ දරුවන්ගේ සේවකයන් කරල තියෙනව නම් පුංචි දරුවා ඒක තේරුම් ගන්නවා. ඒ අයත් ඔවුන්ගේ මව්පියන්ට සලකන්නේ ඒ විදියටම තමයි.
මේ ඛේදනීය සමාජ වට පිටාව වෙනස් කරගන්න කළ යුත්තේ කුමක්‌ද?
අපි අපි ගැන අලුතින් හිතන්න ඕන. දරුවන් මව්පියන්ට නොසලකනව නම් දරුවොත් මව්පියොත් දෙගොල්ලොම තමා ගැන හිතා බලන්න ඕන. ආදරය ගැන කතා කරන ලෝකෙක විශ්වය පුරාවට වෙනස් වන්නේ නැත්තෙ අම්මගෙ ආදරය විතරයි කියන එක අපි කොච්චර අහල තියෙනවද? ඒත් එය අපි ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කරගෙන නෑ. ඒත් දරුවන් සිටින හැම කාන්තාවක්‌ම හොඳ අම්මා කෙනෙක් වෙන්නෙත් නැති බව අපි තේරුම් ගන්න ඕන. අම්මගෙ ගුණයට සලකන පුතුන් දාහකුයි මව්ගුණය හරි හැටි තියෙන හොඳ අම්මාවරු දාහකුයි අපි හදා ගත්තොත් අපිට මේ රට ගොඩගන්න අමාරු නෑ.
අද අපේ රටේ තියෙන මේ දරුවන් මව්පියන් නොතකා හැරීම ගැන ඉතාම අර්ථවත් පණිවිඩයක් දෙන රසවත් කවියක් මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනූ 'හිරුත් හිම පියල්ලක' නම් කවි පොතේ තියෙනවා. රුපියල් දාහක් අතට දී නොකියා පලා යන පුතෙකුට අම්මා කියන මේ කවි අද සමාජයට මව්ගුණයේ සුවඳ පෙන්වා දෙන්නක් යෑයි මා හිතනවා.
ඉතින් පුතේ නුඹ බිහි වූ දිනේ සිට
ඇතින්නියකගේ හදකින් ලද පෙමට
ගිහින් එමි කියාවත් නොකියා යන කලට
ඇඟෙන් ගලා හැලුනා හදවත බිමට
අතේ තියපු රුපියල් දාහ හරි බර
හිතේ සවිය ගෙන එමි දැත් ගුලි කර
රතේ පදිද්දී කලබලයකින් තොර
පුතේ පරිස්‌සම් වී පලයං ගෙදර
සාකච්ඡා කළේ පාලිත සේනානායක
0 comments:
Post a Comment