728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Sunday, 21 July 2013

රෝහිත බෝගොල්ලාගම කඩදාසි කම්හලේ ඉඩම් අක්‌කර අනූවක්‌ ආයතනයට බදු මුදලක්‌ පවා නොලැබෙන සේ හිතවත් පෞද්ගලික ආයතන දෙකක්‌ වෙත ලබා දුන්නේය.

 ඇඹිලිපිටියේ කඩදාසි කම්හලම සුද්දයි


එවකට රටේ ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායකය. ආණ්‌ඩුව තිබුණේ යු.ඇන්.පී යේය. කර්මාන්ත ඇමති රෝහිත බෝගොල්ලාගමය. ඔහු කඩදාසි කම්හලේ ඉඩම් අක්‌කර අනූවක්‌ ආයතනයට බදු මුදලක්‌ පවා නොලැබෙන සේ හිතවත් පෞද්ගලික ආයතන දෙකක්‌ වෙත ලබා දුන්නේය. එතැන් සිට ඇඹිලිපිටියේ මිනිස්‌සු කම්හල රැක ගැනීමට උද්ඝෝෂණ කළහ. පා ගමන් ගියහ. බහුජන සංවිධාන ප්‍රධානීහු විෂය භාර ඇමතිවරු මෙන්ම වගකිවයුතු උදවිය හමුවූහ. මෙසේ හමුවන්නේ මෙම කර්මාන්ත ශාලාව පිට රටකට විකුණන්නේ නැතිව, පෞද්ගලීකරණය කරන්නේ නැතිව ක්‍රියාත්මක කළහැකි ආකාරය ගැන සේවකයන් විසින් කළ ප්‍රායෝගික සැලසුමක්‌ ද සහිතවය.




අප ජීවත් වන්නේ මොන ආකාරයේ පට්‌ට පදුරු රටකදැයි ඒ මොහොතේ අපි කල්පනා කරමින් සිටියෙමු. නෙත් මානයේ වන්නේ අනීතික රටක, කවුරුත් හො`දින් දන්නා හෙළිදරව් වූ චෞරයන් විසින් එළිපිට කරන ලද නින්දා සහගත ජාතික සම්පත් කොල්ලයක නිරුවතය.

 
ඇඹිලිපිටිය කඩදාසි කම්හල කොල්ලකා වසා දැමුවා සැබෑය. එයට නොදෙවෙනි අපරාධයක්‌ ඒ භූමිය තුළම සිදුවෙමින් ඇති අයුරු අප කම්පා කරවයි. කම්හලේ සේවක ජනපදයේ නිල නිවාස පන්තිය වන වැදුණු කනත්තක නටබුන් සොහොන් සේ පෙනෙමින් ඇත. නිවාස අසූවකින් පමණ සමන්විතව තිබූ ඒ නිවාස පන්තියේ මේ මොහොත වනවිට ශේෂව ඇත්තේ ගඩොල් බිත්ති පමණි. නිවෙස්‌හි උළු කැටයේ සිට, සෙවිලි තහඩුවේ සිට කොල්ලකා තිබිණි. යටලී, පරාල, රීප්පවල සිට උළුවහු ජනෙල් දොරවල් පවා කොල්ලකා තිබිණි. කලෙක රාජ්‍ය නායකයන් පවා ලැගුම්ගත් ජනපදයේ සුඛෝපභෝගී නවාතැන නිරුවත් ගඩොල් බිත්ති පෙළක්‌ බවට පත් කර තිබිණි. එහි නානකාමර කට්‌ටලවල සිට පඩිපෙළෙහි අත්වැටත් වැහි පීල්ලේ සිට වඩිම්බු ලෑල්ලත් කොල්ල කා තිබිණි. තවමත් කොල්ලකෑමට නොහැකිව ශේෂ වූ උස්‌ රාමු සහිත වීදුරු ජනෙල් පියන් ගලවා හැකි වෙලාවක රැගෙන යැම ස`දහා එක මත එක අඩුක්‌කු කර තිබිණි. අනතුරුව කොල්ලකෑ දේපළ දෙනෝ දාහක්‌ බලාසිටිද්දී ඇඹිලිපිටිය නගර මධ්‍යයෙන් සුරැකිව රැගෙන ගොස්‌ තිබිණි.

මේ තියෙන්නෙ රජ ගෙයක්‌ වගේ තිබ්බ තැනක්‌... මේ කම්හල හැදුවේ සිරිමා බණ්‌ඩාරනායක මැතිණිගෙ කාලෙදි. ඒ කාලෙ අගමැතිනි ඇවිත් නැවතුණෙත් මේ තානායමේ. මේ ගොඩනැඟිල්ල ආණ්‌ඩුවෙ සල්ලි වලින් 2011 අවුරුද්දෙත් අපි රෙපෙයාර් කළා. ඒ වෙනකොට මේ හැම නිල නිවාසයක්‌ම හො`දින් තිබුණා. කඩදාසි කම්හල වැහුවා නම් අඩුම තරමෙ මේ නිවාස ටික ඇඹිලිපිටියෙ ඉස්‌පිරිතාලෙ ඩොක්‌ටර්ස්‌ලට දෙන්න තිබුණා. ඒත් මුන් අපේ ඇස්‌ ඉස්‌සරහ මේවා කොල්ලකෑවා...

අප සමග ගමන් ගත් අපේ ගමන් සගයන් දෙපළ කතා කරයි. ඩබ්ලිව්. එල් විඡේසිංහ හා ඩබ්ලියු. එම් සෝමසිරි නැමැති මේ අසරණ මිනිස්‌සු ඇඹිලිපිටිය කඩදාසි කම්හලෙන් ජීවිතය ලද මිනිස්‌සු වෙති. චෞරයන්ගේ දේශයක සිට අනීතික කාලකණ්‌ණි වටපිටාවක සිට මේ අසරණ මිනිස්‌සු නොබියව ඉදිරිපත්ව අපට කියන්නේ මහා සංවේදී කතාවකි. එය ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ලඝූ වන කතාවක්‌ නොවේ. මේ රටේ ඉහළ සිට පහළට ක්‍රියාත්මක වන අලඡ්ජ ගසා කෑම, රාජ්‍ය හා මහජන දේපළ කොල්ල කෑම ගැන කියෑවෙනා තුච්ඡ යථාර්ථයේ රූපණයකි.

Ñමේ කම්හල පුදුමාකාර සැලසුමක්‌ සහිත කම්හලක්‌... මාත් එක්‌ක ඇඹිලිපිටියෙ මිනිස්‌සු එක්‌දාස්‌ දෙසීයක්‌ විතර කඩදාසි කම්හලේ වැඩකළා. කම්හලට අක්‌කර හයසීයක බිමක්‌ තිබුණා. මේ බිමේ අක්‌කර සිය ගාණක කඩදාසි නිශ්පාදනයට අවශ්‍ය කෝදි ලබාගත හැකි ගස්‌ වැව්වා. ඒ ගස්‌ සුදුසු කාලෙදි නිශ්පාදන කටයුතුවලට පාවිච්චිත් කළා.

Ñදවසකට වතුර ගැලුම් මිලියන තුනක්‌ කම්හලේ කඩදාසි නිශ්පාදන වැඩවලට ඕන උනා. ඒ වතුර චන්ද්‍රිකා වැවෙන් අරන් ගබඩා කරන්න හදලා තිබුණ ටැංකියයි, මෝටර පද්ධතියයි ආයෙ ඇඹිලිපිටියෙ ජල සම්පාදන මණ්‌ඩලේවත් තිබුණෙ නෑ. කඩදාසි නිශ්පාදනයට වතුර ගත්තෙ ජල සාම්පල විද්‍යාත්මක පරීක්‌ෂණයකට යොමු කළාට පස්‌සෙ. ඒ කටයුතු කළ හැකි හො`ද ලැබ් එකක්‌ තිබුණා. කම්හලේ සියලු නඩත්තු කළ හැකි හො`ද වර්ක්‌ ෂොප් එකක්‌ කම්හල ඇතුළෙම තිබුණා. නිශ්පාදනවලින් පස්‌සෙ ඉතිරිවෙන වතුර පිරිසිදු කරල කම්හලේ විශාල ගොවිපළට දුන්නා. මේ ගොවිපළ කළමනාකරණය කරන්න වෙනම µdම් මැනේජර් කෙනෙක්‌ හිටියා. නිශ්පාදනයෙදි ඉතිරි වෙන කළුපාට පොහොර නළ මගින් අවට ගොවියන්ට ලබා දුන්නා. කම්හල් සේවකයන්ට රජවරුන්ට වගේ ඉන්න නිල නිවාස තිබුණා. සේවකයන්ගෙ පහසුවට බස්‌ දෙකක්‌, ඇම්බියුලන්ස්‌ එකක්‌, කැබ් තුනක්‌, ගිනි නිවන රථ දෙකක්‌ තිබුණා. මුළු ක්‍රියාවලියම තිබුණෙ ජාතික සැලසුමක. හැමදේම දැන් ඉවරයි මහත්තයා.

අපි අසා සිටිමු. මේ මිනිස්‌සු අපට සිරිමත් ඇඹිලිපිටියක අතීත කතාව කියන්නේය. අක්‌කර දහස්‌ ගණනක තැනිබිම්වල ක්‌ෂිතිජ ඉම තෙක්‌ පැතිර යන කුඹුරු ඇසුරෙහි උපදිනා සාර අස්‌වැන්නේ ශේෂය වන පිදුරුවලටත් මිලක්‌ ලද ගොවීන් ගැන කියන්නේය. කඩදාසි කම්හලේ කඩදාසි සෑදීම සඳහා අවැසි පිදුරු රැගෙන නිතිපතා සැතපුම් ගණන් දිගට කම්හල ගේට්‌ටුව අසල පෝලිං ගැසෙන පිදුරු ට්‍රැක්‌ටර ගැන කියන්නේය. ඇඹිලිපිටියේ දස දහස්‌ ගණනක්‌ මිනිස්‌සු Rජු හෝ වක්‍රාකාරයෙන් පෝෂණය වූ ආර්ථීක සම්පතක විශ්මය ගැන කියන්නේය. ඒ කතාවේ සාරාංශය මෙසේය.

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ කතාව

ඇඹිලිපිටිය කඩදාසි කම්හල ආරම්භ වන්නේ වර්ෂ 1972 දී ය. කම්හලේ නිශ්පාදන කටයුතු ආරම්භ වන්නේ වර්ෂ 1977 දී ය. සිරිමා බණ්‌ඩාරනායක මැතිණියගේ ආණ්‌ඩුව කාලෙ මෙම කර්මාන්ත ශාලාව ලංකාවට ලැබෙන්නේ ජර්මානු ආධාරයක්‌ ලෙසිනි. බටහිර ජර්මනියේ Ñවොයිත් නැමැති සමාගම විසින් නිශ්පාදනය කරන ලද මෙම කම්හලේ නිශ්පාදන යන්ත්‍ර වසර දෙසීයක ආයු කාලයකින් යුක්‌ත විය. සුළු වෙනස්‌කම් කරමින් නවීන පරිගණක තාක්‌ෂණයට බද්ධ කොට ක්‍රියාත්මක කළ හැකි පහසුකම් මෙම යන්ත්‍ර සතු විය. වසර දෙසීයක ආයු කාලයක්‌ පවත්වා ගැනීම ස`දහා අවශ්‍යව තිබුණේ වර්ෂ 15ත් 20ත් අතර කාලයකට පසු කෙරෙනා පූර්ණ අලුත් වැඩියාවක්‌ පමණි. ඒ තාක්‌ කල් සුළු නඩත්තු කටයුතු= කරමින් යන්ත්‍රයට පැය විසි හතර පුරාම නිශ්පාදන කටයුතු කළ හැකි විය.

කම්හල සැලසුම් වන්නේ සේවයන් 600 සඳහාය. එහෙත් 1977 බලයට පත් යූ.එන්.පී ආණ්‌ඩුව සේවකයෝ 1200 ක්‌ කම්හලට බඳවා ගත්හ. එහෙත් කම්හල ලාබ ලැබීය. සේවකයන්ට පඩි නඩි සමග දිරි දීමනා ද ලැබී තිබිණි. දිනකට කඩදාසි ටොන් 600 ක සාමන්‍යයක්‌ කම්හලෙන් නිපදවිණි. වාර්ෂිකව මෙටි්‍රක්‌ ටොන් 15000 ක කඩදාසි නිශ්පාදනයක්‌ සිදුවිය. වාර්ෂිකව කම්හල අවට සැතපුම් 60 සීමාව තුළ පිදුරු මෙටි්‍රක්‌ ටොන් 30000 ක්‌ ගොවීන්ගෙන් මිලදී ගැනුණි. කම්හලට පිදුරු රැගෙන එන දරුවන්ට මුදල්වලට අමතරව අභ්‍යාස පොත් ලබාදුණි. හද්දා පිටිසර ඇඹිලිපිටිය නගරයක්‌ වූයේ කඩදාසි කම්හලත් සමගය. වර්ෂ 1992 වනවිටත් මෙම කර්මාන්ත ශාලාවෙන් රටේ ජාතික කඩදාසි අවශ්‍යතාවයෙන් සියයට 19 ක්‌ සපුරා දුන්නේය.

කම්හල විනාශ කළ ආකාරය

1995 අයවැයේදී ආණ්‌ඩුව ජාතියේ කඩදාසි නිශ්පාදනයේ වෙළ`දපොළ නින්දා සහගත ලෙස විනාශ කර දැමුවේය. එහෙත් වෙළ`දපොළ අහිමි කර විනාශ කිරීමට හදන කම්හලේ නිශ්පාදන තරගකාරී ලෙස වැඩිකරගෙන විවෘත වෙළ`දපොළ ජයගත හැකි ආකාරය පිළිබ`දව 1998 දී එහි යන්ත්‍ර නිර්මාණය කළ ජර්මානු වොයිත් සමාගම විසින් වාර්තාවක්‌ මගින් ඉදිරිපත් කළේය. ඒ ස`දහා සිදුකළ යුතු නවීකරණ කටයුතු වෙනුවෙන් ණය මුදලක්‌ ඇවැසි නම් එය ජර්මානු මූල්‍ය ආයතනයකින් සහන පොලියට ලබා ගතහැකි බවට වොයිත් ආයතනය දන්වා තිබිණි. අවශ්‍ය වී තිබුණේ භාණ්‌ඩාගාරයේ ඇපයකි. පුදුමාකාර කාලකණ්‌ණි කම නම් මේ ඇපය ලබා දෙන්නට එවකට පැවති ආණ්‌ඩුව මැලි වීමය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ කම්හල පෞද්ගලීකරණය කිරීමය. අවසානයේ වෙළ`දපොළ අහිමි කර සාධනීය ක්‍රියාමාර්ග නොගෙන සේවක පඩිනඩි ගෙවීමටත් නොහැකි සේ බංකොළොත් කරන ලද ඇඹිලිපිටියේ කඩදාසි කම්හල මහා භාණ්‌ඩාගාරයේ නියමක්‌ පරිදි වර්ෂ 2003 මාර්තු 28 දා වසා දැමිණි. ඒ වනවිට මෙම කර්මාන්ත ශාලාව ඇරබූ දා සිට පුරා අවුරුදු 26 ක්‌ යන්ත්‍ර සුත්‍රවල කළ යුතු කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක්‌ කර තිබුණේ නැත.

එවකට රටේ ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායකය. ආණ්‌ඩුව තිබුණේ යු.ඇන්.පී යේය. කර්මාන්ත ඇමති රෝහිත බෝගොල්ලාගමය. ඔහු කඩදාසි කම්හලේ ඉඩම් අක්‌කර අනූවක්‌ ආයතනයට බදු මුදලක්‌ පවා නොලැබෙන සේ හිතවත් පෞද්ගලික ආයතන දෙකක්‌ වෙත ලබා දුන්නේය. එතැන් සිට ඇඹිලිපිටියේ මිනිස්‌සු කම්හල රැක ගැනීමට උද්ඝෝෂණ කළහ. පා ගමන් ගියහ. බහුජන සංවිධාන ප්‍රධානීහු විෂය භාර ඇමතිවරු මෙන්ම වගකිවයුතු උදවිය හමුවූහ. මෙසේ හමුවන්නේ මෙම කර්මාන්ත ශාලාව පිට රටකට විකුණන්නේ නැතිව, පෞද්ගලීකරණය කරන්නේ නැතිව ක්‍රියාත්මක කළහැකි ආකාරය ගැන සේවකයන් විසින් කළ ප්‍රායෝගික සැලසුමක්‌ ද සහිතවය.

මැෂින්වලට පණ දී පෙන්වීම

වර්ෂ 2006 දී මේ ජනාධිපතිවරයා පත්වීමත් සමග මිනිස්‌සු බලාපොරොත්තු සහිත වූහ. මේ වනවිට අඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාවේ සේවකයන්ට වැටුප් ගෙවීම මහා භාණ්‌ඩාගාරය විසින් අත්හිටුවා තිබිණි. සියලුම බලධාරීන් හා ව්‍යාපෘති භාර වෘත්තිකයන් විසින් ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව යළි ක්‍රියාත්මක කර පෙන්වීමේ අභියෝගය අවඥාවෙන් බැහර කර තිබිණි.

වර්ෂ 2007 වනවිට කම්හල පැවතියේ ජාතිය ගොඩනැංවීමේ අමාත්‍යාංශය යටතේය. කර්මාන්ත ශාලාව යළි ගොඩනැන්වීමට පෙර එහි යන්ත්‍ර මගින් කුමන ආකාරයේ හෝ කඩදාසියක්‌ නිශ්පාදනය කර පෙන්වීමේ අභියෝගය ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. එම අභියෝගය සේවකයෝ භාරගත්හ. ඒ ස`දහා යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කර දින 9 ක පරීක්‌ෂණ නිෂ්පාදනයක්‌ ඇරඹීමට රුපියල් මිලියන 25 ක්‌ අමාත්‍යාංශයෙන් ලැබිණි. සේවකයෝ දිවා රෑ නොතකා වැඩ කළහ. අවුරුදු පහක්‌ ක්‍රියාත්මක නොකර තිබූ යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා කළහ. අවසානයේ 2008 සැප්තැම්බර් 18 දින ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ යන්ත්‍ර ක්‍රියාත්මක වූයේය. බොහෝ දෙනකුගේ නෙත් සොරොව් ඉතිරී යනු පෙනුණි. කම්හලේ යන්ත්‍ර කඩදාසි නිපදවූයේය.

අරුම පුදුම ගනුදෙනුව

එහෙත් සිදු කළ යුතු අලුත්වැඩියාවන් කර තිරසාර ලෙස මෙම ජාතික සම්පත පවත්වා ගැනීමට මේ ආයතනය හා බැ`දි කාලකණ්‌ණි නිලධාරීහු ඉඩ නුදුන්හ. 2010 මාර්තු මස 27 වැනිදා යළිත් කම්හල වසා දැමිණි. 2011 නොවැම්බර් මස 30 වැනිදා කම්හලේ සේවකයන් 175 දෙනකුගේ සේවය අවසන් කෙරිණි. අනතුරුව ඔස්‌ටේ්‍රලියාවේ යෑයි කියාගත් පර්ත් නැමැති සමාගකට රුපියල් මිලියන 600 කට කම්හලේ සම්පත් පවරා දුණි. ඔවුන් කඩදාසි කම්හල පවරා ගන්නේ මුලින් රුපියල් මිලියන 400 ක්‌ ගෙවා පසුව 200 ක්‌ ගෙවීමේ පොරොන්දුව මතය.

විළිලඡ්ජා නැති හොරකම මෙය නොවේ. මේ චෞර සමාගම විසින් කඩදාසි කම්හල මිලදී ගැනීම ස`දහා රුපියල් මිලියන 400 ආණ්‌ඩුවට දී තිබුණේ තමන් බදු ගත් කම්හල සතු යන්ත්‍ර සුත්‍ර ටික එක්‌තරා පෞද්ගලික බැංකුවකට උකස්‌ කිරීමෙනි. ඊට නීතිය හරස්‌ වී නොතිබිණි. කොල්ලයේ දෙවන අදියර ලෙස කම්හලේ ඇති වටිනා ගස්‌ සියල්ල කපා විකුණා ගැනුණි. අනතුරුව බැංකුවට උකස්‌ කරන ලද කඩදාසි පල්ප නිශ්පාදනය කරනා යන්ත්‍රයත් ගලවා එහි කොටස්‌ තඹ, සුදු යකඩ, පිත්තල හා ඇලුමිනියම් බරට විකුණා තිබිණි. ඉන් පසු මේ රටේ මහා ජාතික සම්පතක්‌ විනාශ කර, බැංකුවට ගෙවිය යුතු ණය වාරිකද නොගෙවා මේ වංචාකාර මුග්ධයන් රටින් පැන ගොස්‌ තිබිණි. මෙවැනි විළිලඡ්ජා නැති කතා ඇසෙන්නේ අපේ රටෙන් පමණක්‌දැයි සිතේ. සිදුවී ඇති සිද්ධිය රෙද්දක්‌ ඇ`දගෙන වෙන එකෙකුට කියන්නටවත් බැරිය. යළිත් කිවහොත් සිදුවීම් පෙළ ගැසෙන්නේ මෙසේය.

ජාතියක්‌ ජීවත් කරවන ආර්ථීක සම්පත් කොහෙන් හෝ අටවාගත් නාමික සමාගම් මගින් බදු ගනී. බදු ගත් දේපළ බැංකුවලට උකස්‌ තැබේ. බැංකුවට උකස්‌ තැබු දේපළ යළි කැබලි කර විකිණේ. අනතුරුව බැංකුවටත් පොලු තබා සමාගම් අතුරුදන් වේ. ඉන් පසු ඉතිරිවී ඇති දේපළ හ`දුනාගත් චෞරයන් විසින් එළපිටම කොල්ලකයි. එකෙකුටවත් නඩු නැත.

රට බලා සිටිද්දී මෙසේ සිල්ලරට විනාශ කළේ ඇඹිලිපිටියේ මිනිස්‌සුන්ට ජීවිත බලාපොරොත්තුව ගෙනා ආර්ථීක සම්පතය. ඇඹිලිපිටියේ මිනිසුන් එක්‌දහස්‌ පන්සියයකට Rජු රැකියා නිපදවූ, දස දහස්‌ ගණනකට ජීවන මාර්ග සකසා දුන්, ජාතික ආර්ථීකය පෝෂණය කළ රටේ දේශීය කර්මාන්ත පිළිබ`ද බලාපොරොත්තුවය. ගංජා ගසා දකින හීන සැබෑ කරගන්නට තැනුවාක්‌ බ`දු මෙලෝ රහක්‌ නැති ගුවන්තොටුපළ හෝ වරාය වෙනුවෙන් වැය කළ මුදලින් දශමෙන් පංගුවක්‌ වියදම් කළා නම් ඇඹිලිපිටිය කඩදාසි කම්හල මේ රටේ ජාතික ආර්ථීකය තුළ තහවුරු කරන්නට තිබිණි.

එහෙත් සියල්ල සිදුවී අවසානය. ඇත්ත නම් අප දකින සුබ සිහින යළි සැබෑවන්නේ නැති බවය. දැන් අප දකින්නේ ඇඹිලිපිටියේ මිනිසුන් බඩගින්නේ හූල්ලන හැටිය. තංගල්ලේ මිනිසුන් හි`ගා නොකා හි`ගා කන හැටිය. තිබෙන ජාතික කර්මාන්තත් වැනසෙන පරිසරයක ගාමන්ට්‌ µeක්‌ටරියක තරම් කර්මාන්තයක්‌ නැති, වගාවක්‌ කරන්නට පහසුකමක්‌ නැති, තණමල්විල මිනිසුන් ජීවත් වන්නට ගංජා වවන හැටිය. අවසානයේ ආශ්චර්යයේ දුගී යථාර්ථය කුණු කාණු පල්ලේ දෝරෙ ගලන හැටිය.

කම්හලේ විනාශයට දේශපාලනඥයන් වගකිව යුතුයි
- ඕමල්පේ සෝභිත හිමි



මේ සිදුවෙමින් පවත්නා මහා ජාතික විනාශයේ අවසානය මොකක්‌ද කියල ඉතා පැහැදිලියි. මෙය රටේ සමස්‌ත ජාතියම අවධානය යොමුකළ යුතු මහා පරිමාණයේ විරෝධයකට යා යුතු දෙයක්‌. මේ මහා විනාශය දුටු කෙනෙක්‌ සොවින් කම්පා වී හඬා වැලපෙන බව නම් නියතයි.

මේ කඩදාසි කම්හලේ ස්‌ථිර සේවකයන් 1500 කට වැඩි ප්‍රමාණයක්‌ හිටියා. ස්‌ථිර නොවූ අනියම් සේවකයන් තුන්දහස ඉක්‌මවූ පිරිසක්‌ හිටියා. ඒ විතරක්‌ නොවෙයි. කඩදාසි කම්හල මුල් කරගෙන වක්‍ර ලෙස ආදායම් ඉපැයූ පිරිස 10,000 කට වැඩියි. දළ වශයෙන් ගත්තොත් පවුල් 15,000 ක්‌ පමණ ප්‍රමාණයක්‌වත් මෙයින් නඩත්තු වුණා.

ඡන්ද බලාපොරොත්තු වන දූරදර්ශී දේශපාලනඥයන්ට මේක ඡන්ද තෝතැන්නක්‌. නමුත් මේ දේශපාලනඥයන් ඒ මොහොතේ "කඩාගෙන" කනවා විනා "වවාගෙන" කන්න කැමැති වුණේ නෑ. මේ දේශපාලනඥයන් කළේ හූරගෙන කෑම, ඉඳගෙන කෑම සහ ඉහගෙන කෑමයි. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අවසානයේදී ගත්ත තීරණය තමයි, මේ කඩදාසි කම්හල මේ ගැන හැඟීමක්‌වත් නැති ආයෝජකයකුට ලබාදීම. ඒකෙන්ම පේනවා ඒ අමාත්‍යාංශය මහ දවල් කෙරෙන මේ හොරකමට සම්බන්ධයි කියන එක. අවම වශයෙන් ආණ්‌ඩුවට ආදායමක්‌ ලැබෙන විදියට නිවැරදි ආයෝජකයකු සොයාදීමේ වුවමනාවවත් මේ අයට තිබුණේ නෑ.

මම පාර්ලිමේන්තුවේදී මේ ප්‍රශ්නය ගැන ඇහුවා. ඒ මොහොතේ හිටපු ඇමැතිවරයා "මේ කඩදාසි කම්හල වහන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. මේ කඩදාසි කම්හලේ ඒ වනවිට අලුත්වැඩියාවක්‌ කරගෙන යනවා... ඒකට අදාළ ප්‍රතිපාදන දීලා තියෙනවා. කර්මාන්තශාලාව ප්‍රතිසංස්‌කරණය කරලා නිෂ්පාදන පටන් ගන්නවා" කියලා කිව්වා. එතකොට ඒ කියලා තියෙන්නේ මහ පරිමාණ බොරුවක්‌. මගේ ප්‍රශ්නෙට බොරුවක්‌ කියලා ෂේප් වුණාට වෙලා තියෙන්නේ ඒ අයගේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළ දිගින් දිගටම ගෙන යාමයි.

මේ කම්හල, ජනතාව එදාවේල කකා හිටපු කර්මාන්තය. මත්තලින් ප්‍රතිලාභ ලැබෙන්නේ තව කාලෙකට පස්‌සේ. ඇඹිලිපිටිය කඩදාසි කම්හල පටන්ගන්න දවසේ ඉඳලා ප්‍රතිලාභ පෙන්නුවා. මත්තල ගුවන් තොටුපල රුපියල් සීයක්‌ වටිනවා නම් කඩදාසි කම්හල රුපියල් ලක්‌ෂයක්‌ වටිනවා.

වාලච්චනේ කඩදාසි කම්හල මෙතරම් අලුත් නෑ. ඒ වුණත් ඒ පළාතේ දේශපාලනඥයන් වගකිවයුතු පිරිස්‌ ඒ කම්හල වැහෙන්න දෙන්නේ නෑ. ඒක ආරක්‌ෂා කරනවා. මොකද ඒ අය දන්නවා පළාතක්‌ ආදායම් උපදවන්නේ ඒක නිසා කියලා.

දූරදර්ශීව කල්පනා කරන වගකිවයුතු පිරිස්‌ කළ යුත්තේ වෙන වැඩ කරන්න සල්ලි යොදවන්න කලින් ඇඹිලිපිටිය කම්හල සාදන එකයි. මේක හුදකලාව සිද්ධ වෙන දෙයක්‌ නෙමෙයි. පොලීසිය, ප්‍රදේශයේ දේශපාලනඥයෝ, බලය සහිත බලවත් පුද්ගලයෝ මේක පිටිපස්‌සෙ ඉන්නවා. මේ වෙලා තියෙන්නෙ වැටයි, නියරයි, පසුයි සේරම එකතුවෙලා ගොයම කෑමයි.


ජානක ලියනආරච්චි, උදේශ සංජීව ගමගේ



The business of politics and Rohitha's family fortune
public eye investigation 
By Sonali Samarasinghe

 
Rohitha Bogollagama, Minister of Enterprise Development and Investment Promotion is a man who has not learnt the art of separating his private life from his public. So much so he carted off his whole family to Geneva for the first round of peace talks in February this year, and created a financial scandal.
President Rajapakse, under intense pressure from senior SLFP ministers later refused to approve payment of his astronomical board and lodging bills of Rs. 850,000 for his wife Deepthi and his son Dakshitha, but the personable Rohitha Bogollagama who could be as charming as a new born kitten seems to have the hide of a weathered hippopotamus.
Rohitha Bogollagama, Deepthi Bogollagama, Internal memo stating that Bogollagama's son was driving the vehicle, United Motors invoices dated 17-5-2004, Internal minute questioning the payment as it might attract an audit query and Police statement of Dakshitha Bogollagama made following the accident on 21-8-2006 are in the picture
Unabashed by public scorn and unafraid of political reprisals by a President too scared to lose his flimsy majority in parliament, Bogollagama has had a field day. In Geneva he stayed with his family at the five star Hilton Hotel while other members of the peace delegation took up space at the Chatteau De Bossey.
His young son Dakshitha had by some happy coincidence been appointed Chief Representative Officer of the Ministry of Advanced Technology and National Enterprise Development. A curious post hitherto unknown to any other Ministry and for which he excitedly printed for himself a large number of visiting cards.
Familiarising the family
Not only that, Dakshitha was present in Geneva at public expense on a 'familiarisation tour.'  In fact the young lad was to confide to certain media present in Geneva that it was his father who guided him and taught him everything he knew.
While that is commendable it is the Minister's knack of using public funds for spreading largesse around his own family and on himself that has vexed the public and even his own political colleagues.
Son crashes official car
It has now been revealed that as recently as June 26 this year, Bogollagama blatantly got the Board of Investment of Sri Lanka, to pay a fabulous Rs.1,313,497/13 to repair a Montero Jeep that had crashed in August 2003 while it was driven by his son Dakshitha.
In 2003 it was Professor G.L. Peiris who was Minister of Enterprise Development, Industrial Policy and  Investment Promotion and Constitutional Affairs, the minister in charge of BOI. However Bogollagama then the Minister of Industries was a man with a roving eye forever coveting his neighbour's horse and cart.
Thus a nicely appointed Mitsubishi Montero Jeep bearing registration number 301-5760 was released to Bogollagama for his official work when he was still Minister of Industries under the UNP regime.
This official vehicle he allowed his son to use at the crack of dawn. Thus Dakshitha- his young 22 year old son was perhaps on another 'familiaris- ation' tour, when on August 21, 2003 he had gone to drop a friend in the wee hours of the morning when he met with the accident.
Sources in the BOI told The Sunday Leader the vehicle was badly damaged but the board could not condemn it as it was driven by an unauthorised person and the Minister's son at that.
The final payment for the damages caused to the jeep by Rohitha's son Dakshitha was approved by the administration department of the BOI as recently as three months ago on June 26, 2006.
Administrative query
This is despite administrative officials within the BOI querying the payment and minuting internal memos on the basis that a full payment would trigger an audit query while another official was of the view any payment not borne by Sri Lanka Insurance should be paid by the Ministry of Industries rather than the BOI.
Meanwhile well placed sources in the administration division of the BOI told The Sunday Leader on grounds of anonymity that such payments cannot be made as they are illegal.
However a source at the finance division of the BOI confirmed to The Sunday Leader that payments have been periodically made since 2004 and also confirmed that a payment of Rs. 279,805.00 was released to 505 Motors for repairs on July 5, 2006, another payment of Rs. 29,262.21 was released on 31.05.2006, and Rs.117,878.04 was again released to pay United Motors on May 22, 2006.
BOI sources also allege that insurance is still being paid on this vehicle even though it has been garaged since August 2003. This they allege is to show that the vehicle is still up and running.
Meanwhile sources at the BOI also query a Prado vehicle bearing registration number HQ 2070 that was first used by D. Sundaram, CEO of the Trincomalee Regional Commissions and now released to Bogollagama. The vehicle is leased by Central Finance at Rs. 141,950.00 a month.
BOI employees are livid alleging that while the official vehicles of the BOI are being sent out on personal errands the BOI is paying astronomical amounts to lease vehicles for its official use. Even then these vehicles too are being put to personal use they allege.
Helping Dakshitha
Nonetheless here is the story that led to the public, much to its dismay, again financially supporting the Bogollagama family.
On August 21, 2003 in the wee hours of the morning at about 4.30 am young Dakshitha Bogollagama had driven his father's official vehicle bearing registration number 301-5760 and proceeded towards Fort to drop off a friend. On his return home to No 306, Bullers Road, Colombo 7 he had met with an accident while turning towards Liberty Cinema at the Kollupitiya junction.
According to his police statement at page 253 para 165 of the Information book and recorded at 6.45 a.m Dakshitha states that he did not have his driving licence with him but he had promised to submit it to the police station later. Dakshitha also states that the jeep belonged to the Board of Investment of Sri Lanka and sets out the extensive damage that was caused to the vehicle.
Accident reported to BOI
On August 22, 2003 the driver officially assigned to the vehicle from the Ministry of Industries, one M.B.A. Peiris bearing number 1487 reported the accident to the transport department of the BOI. He also stated that the jeep No 301 - 5760 belonging to the BOI was released to Bogollagama for his official duties.
On April 16, 2004 Senior Manager Administration BOI, Lionel Silva wrote to Deputy Director General (Administration) seeking approval to commence repairs on the Montero jeep. He stated that the vehicle was released to the former minister of Industries Rohitha Bogollagama and had met with an accident on 21.08.2003 at Kollupitiya junction while a son of the Minister drove it.
The BOI was asked to take over the vehicle, where it was towed to the 505 Motors Garage at Dr. Danister de Silva Mawatha, Orugodawatta and a claim was submitted to the Insurance Corporation to commence repairs.
He also stated that though about 80% of the repair cost could be claimed from the Insurance Corporation the balance plus VAT had to be borne by BOI.
Claim from Ministry of Industries
However the Executive Director Administration at the time, W.A de Silva in a minute on this internal memo states "I suggest that the balance 20% should be claimed from Ministry of Industries where the vehicle had been used by the former Minister."
On April 16, 2004 Senior Manager Administration, BOI Lionel de Silva wrote to his director stating that the total accident repair cost would be Rs.902,082 plus VAT.  He also said that under the replacement of damaged parts the original parts had been purchased from the agents, United Motors and supplied to the repairing garage, but the Insurance Corporation does not pay the full amount on new parts as they have indicated in their approval a 10% deduction as depreciation on the new parts which will be on the owner's account.
Therefore de Silva said, this difference had to be borne by the BOI along with the VAT component paid on the total purchases.
The cost of total purchases plus 15% VAT from United Motors was Rs. 416,444.00, and due to 10% depreciation on parts only Rs. 325,912.69 could be claimed from insurance; so BOI would have to bear the difference of Rs. 90,531.31.
Furthermore since the purchases were made on a 30 day credit period the total bill of Rs. 416,444 had to be settled to United Motors by the BOI and only later could a claim be made.
The Executive Director Finance had approved this payment by a minute on the same internal memo stating it was in accordance with insurance policy.
On June 4, 2004 approval was again sought from Director Administration by the Vehicles and Maintenance Executive Assistant to pay United Motors the Rs. 416,444 on the parts already purchased as per bill numbers 85968/85967 dated 17.05.2004.
Audit query
Another minute has been placed on this internal memo that stated "The cost of the repair is Rs.416,444/- the claim is only Rs. 325,912.69 payment of the full sum will lead to audit query."
Despite these problems and more minutes by the administrative hierarchy which ranged from querying as to why the insurance was not covering the full claim to why the difference could not be paid by the Minister himself, in the end Bogollagama won the day.
Finally by June 26 this year Lionel de Silva who was by this time Director Administration BOI, by internal memo to the Additional Director General stated that the BOI purchased spare parts to the value of Rs.1,313,497.13 from the agents United Motors and supplied them to the repairing garage 505 Motors. De Silva is no longer with the BOI since July. He has been replaced by Rohini Liyanage.
Approved
Therefore the final bill for United Motors and 505 Motors was as below:
Amount to be claimed from insurance Rs.943,426.49
Amount to be borne by BOI Rs.370,070.64
 Total payment to United Motors Rs.1,313,497.13
Amount to be claimed from Insurance Rs.270,945.00
 Amount to be borne by BOI Rs.8,860.00
Total payment to United Motors Rs.279,805.00
Approval was sought for the BOI to make final payment for the repairs to 505 motors Pvt. Ltd. for Rs. 279,805 on bill Nos. R2006/1036 of 26/05/2006 and R2006/1044 and 1043 of 29/05/2006.
Approval needless to say was granted.
 At the time of writing, Bogollagama was not contactable for comment.
JVP attacks
Meanwhile Bogollagama has famously been involved in many a financial and political scandal - many of these exposed by this newspaper itself. So notorious is his record that even the JVP on May 23 this year launched a scathing attack on the Minister, calling on him to establish his honesty before the people.
This attack came after the Minister submitted a motion in parliament introducing an import tax under the Export Development Act which, JVP's Anura Kumara Dissanayake said should not be spent in the manner the Minister was accustomed to - that is lavishly on himself and his family.
Tumultuous private life
Ironically it is his family affairs that have caused the Minister constant irritation. Now, even as he tries to make head or tail of his tumultuous private life, made public by the very overt antics of his life partner Deepthi and by his own hand in a court of law, his own father has taken him to court as well.
Indeed for the rest of the Bogollagama family, the trauma of a son estranged due to alleged pressure from his wife, has been more than they could bare. A few weeks ago the family commemorated his mother's first year death anniversary with an alms giving. To make sure Rohitha received intimation of the event, his father sent him a letter by registered post to his private address. Yet Rohitha, did not attend.
Neither was he able, due to whatever reason, to be present at the customary seven day and one month alms giving given by the family after his mother's death on September 17, 2005.
It is not that Rohitha was not fond of his mother Vineetha. He would often think of her even on his trips abroad. It was therefore on one of these trips that he purchased a saree and sent the gift to his mother.
Later however he was allegedly forced to send a letter to his mother asking her to return the saree. His family alleges that this was because his wife had taken umbrage that she had not been told about the gift.
Father files case against son
Be that as it may his father Chandrasekera Malala Banda Bogollagama has now been compelled to file a case in the District Court of Kurunegala over a Deed of Gift of the Bogollagama Maha Gedera in Kurunegala town.
While the merits and de-merits of the land case is before court, many complaints have been made at the Kurunegala police station of alleged threats, intimidation and assault by Deepthi Bogollogama in connection with the land.
According to the affidavit filed in the case No. DC65357/Land, by Rohitha's father, he had been possessed of the land and house since 1963 and had lived there and later set up his law offices in a part of the premises.
This land was gifted by the senior Bogollagama to Rohitha on 06.08.1985 and was later transferred to the name of Deepthi Bogollagama on 12.10.2002 allegedly under threat according to the affidavit. However the father continued to occupy part of the premises as his legal chambers and office.
Name boards ripped out
The father on June 3, 2005 made a complaint to the Kurunegala police that Deepthi Bogollagama had entered the premises and ripped out two of his  name boards, one in the front of the house and one in the rear near the garage where his office is located.
Again one Jayarath Menike the clerk in charge of Bogollagama senior's office made a complaint to the same police station that on June 10, 2005 Deepthi Bogollagama had allegedly entered the office, using foul language, scolded her and told her to vacate the premises.
On June 14, Bogollagama senior, in another complaint made to the police alleged that Deepthi Bogollagama had opened his legal office and had got one of her workers called Kiribanda to deposit waste products into the premises.
However while complaints were periodically made no action was taken due to political influence  brought to bear and the police too were dragging their feet on the matter.
It was then that Bogollagama senior, faced with these alleged threats, decided to file a civil case making his son and daughter in law the first and second defendants respectively.
The matter which had been fixed for two trial dates earlier came up for trial on Friday(13) as well.
That Rohitha Bogollagama continues to act with financial impunity even in the face of the numerous charges he faces in that regard, is a severe indictment on this government that seeks to countenance his financial shortcomings while burdening an already broken public with more taxes and higher prices.
Of course if Bogollagama had not jumped sides and stayed put in the UNP, the case would have been handled altogether differently and that is sunny Sri Lanka for you.

 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රෝහිත බෝගොල්ලාගම කඩදාසි කම්හලේ ඉඩම් අක්‌කර අනූවක්‌ ආයතනයට බදු මුදලක්‌ පවා නොලැබෙන සේ හිතවත් පෞද්ගලික ආයතන දෙකක්‌ වෙත ලබා දුන්නේය. Rating: 5 Reviewed By: Unknown