ශ්රී ලාංකීය මුස්ලිම්වරුන්ගේ පැමිණීමේ ඉතිහාසය සලකා බලද්දි පැහැදිලි වනුයේ ඔවුන් අරාබීයේ හා ඉන්දියාවේ සිට වෙලදුන් වශයෙන් පැමිණි ජනකොටසක් වශයෙනි. ඉන්දියාවේ සිට පැමිණි මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය ලෙස අපට දැකිය හැක්කේ හින්දු සංස්කෘතියේ සමහර ලක්‍ෂණ එකතුව සෑදුනු ඉස්ලාම් සංස්කෘතියකි. පහන් දැල්වීම මීට නිදසුනකි.
ලංකාව තුල ආරම්භයේ සිටම මුස්ලිම් සංස්කෘතිය ගොඩනැගුනේ සිංහල ජනයාගේ සංස්කෘතියත් සමග මිශ‍්‍රවය. වසර 700ක් පමණ ඈතට දිවෙන ලාංකීය මුස්ලිම් ජනයාගේ ඉතිහාසය තුළ දක්නට ලැබෙන මෙම සංස්කෘතික සබැදියාව සිංහල මුස්ලිම් සමගිය පෙන්වන හොදම නිදසුනකි. මේ බව ලාංකීය මුස්ලිම් ජනයාගේ ඇඳුමින් ද මනාව පැහැදිලි වේග එනම් ඔවුන් සිදුකර ඇත්තේ ලාංකීය සමාජයේ එවකට තිබුණු ඇඳුමට තම සංස්කෘතික ලක්‍ෂණ මුසුකරගැනීමයි. ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර අතීතයේ සිටම සාරිය බෙහෙවින් ජනප‍්‍රිය වු අතර ඒ මගින් ලංකාවේ සමාජයට අනුගත වීමට ඔවුනට හැකියාව ලැබිණි. නමුත් සාරි පොට ඔඵවට දමා ගැනීම තුලින් හිස ආවරණය කරගෙන තම සංස්කෘතික අනන්‍යතාව රැතගැනීමට ද ඔවුහු කටයුතු කළහ. (පර්දාව පැලදීම ජනප‍්‍රිය වූයේ ඊට පසුවය) මුස්ලිම් තරුණියන් අතර වඩාත් ජනප‍්‍රිය වුවේ ෂල්වාර් ඇදුම වු අතර එහි ඇති සඵව හිස ආවරණය කර ගැනීමට යොදා ගැනිනි.
පිරිමින් සරම සහ මේස් බැනියම පාවිච්චි කළ අතර පසුකලෙක සරම සහ කමිසයද ඉන් පසු කලිසම සහ කමිසය වශයෙන් ද මෙම විකාශය සිදුවනු දැකය හැකිවිය.
ඉස්ලාම් ආගම අනුව ඇදුම් පිළිබදව විශේෂ හදුන්වාදීමක් කර ඇත. පිරිමි අය සදහා විලූඹෙන් උඩට ඇදිය යුතු අතර දණහිසෙන් ඉහලට ඈදිම තහනම්ය. ස්ත‍්‍රීන්ට අතේ මැණික් කටුව දක්වා පාදයේ විලූඹ දක්වා වැසෙන සේත් හිස ආවරණය වන සේත් (මුහුණු ආවරණයක් නැත) ඇදුම් ඇදිය යුතු වේ වශයෙනි.
වර්තමානයේ වැඩිපුර දක්නට ලැබෙන කඵ ලෝගුව ගැහැනුන් සදහා ද සුදු ලෝගුව පිරිමින් සදහා ද ඇදීම සිදුවන්නේ වසර විස්සක තිහක පමණ අතීතයක සිටය. එනම් 1980-90 දසක වල මැදපෙරදිග රැකියාවලට යන මුස්ලිම් ජනයා මැදපෙරදිග අඳින මෙවැනි ඇදුම් අමු අමුවේ අනුකරණය කිරීම නිසාය. නමුත් මගේ විශ්වාසය නම් මේ නව ඇඳුම විසින් ඇති කරනුයේ නරක ප‍්‍රතිඵලයක් බවයි. බොහෝ ජාතිකයින් ජීවත් වන සහ විවිධ ආගම්වලට අදාල මිනිසුන් ජීවත් වන සමාජයක් තුල සිදුවිය යුත්තේ එකිනෙකාගේ වෙනස්කම් ඉස්මතුකිරීම හෙවත් වෙන්වීම සාධාරණිකරණය කරන ලක්‍ෂණ ඉස්මතුකරනවා වෙනුවට එකතුවීම සදහා ඇති සාධක හෙවත් සමාන ලක්‍ෂණ ඉස්මතුකිරීමයි. නමුත් වර්තමානයේ මුස්ලිම් ජනතාවගෙන් සියයට දෙකක් තුනක් පමණ වන ඉතා අල්ප පිරිසක් ආධානග‍්‍රාහී ලෙස මැදපෙරදිග අනුකරණය කිරීමට යාම හා අනවශ්‍ය ප‍්‍රමාණයට තම අනන්‍යතාවය උලූප්පා දැක්වීම නිසා මෙරට පවතින ජාතික සමගියට හානි වනවා පමණක් නොව අනෙක් ජාතින් තුළ සැක සංකා ඇතිවීම ද වැළැක්විය නොහැක. මෙය අනෙක් අතට ඉහත කී ලෙස ආධානග‍්‍රාහී නොවන බහුතර මුස්ලිම් ජනයාට ද කරන අසාධාණයකි.
මොවුන් විසින් ඉස්ලාමය උපුටා දක්වමින් මෙම බුර්කා ඇදුම(ගෝනිබිල්ලාගේ ඇදුම) ඇදීම සාධාරණීකරනය කිරීම සදහා දක්වන හේතුව වන්නේ පිරිමියාගේ කාමය ඇවිස්සෙන ආකාරයේ ඇදුම් ස්ත‍්‍රිීන් ඇඳිය යුතු නැත යන්නයි. නමුත් කාන්තාවන්ගේ අතක් දුටු පමණින් ඇසක් දුටු පමණින් කාමයෙන් මත් වන්නේ මානසික රෝගියෙකු මිස අන් අයෙකු නොවේ. එලෙස අතක් පයක් දුටු පමණින් කාමයෙන් මත් නොවී සිටින්නේ කෙසේද යන්න ඉස්ලාමයේම ද උගන්වනු ලබයි.
අදුම් අදින්නේ යම් සාදාචාරාත්මක භාවයක් පවත්වාගෙන යාමට හෙයින් ඇදුම් ඇදිය යුත්තේ පිළිවෙලකට බව පිළිගත යුතුය. නමුත් ඉහත කී ගෝනිබිල්ලන්ගේ ඇදුම එයට කිසිසේත්ම විකල්පයක් නොවේ. අතීතයේදී සාරි පොටින් හිස වසා ගත් මුස්ලිම් කාන්තාවන් බුරුතු පිටින් දුෂණය වී තිබුණා නම් මොවුන්ගේ මෙම තර්කය යම් තරමකට හෝ පිළිගත හැකිය.
මෙකී ඇඳුම පිලිබඳ කතිකාව මත හිඳ අප විමර්ශනාත්මකව බැලිය යුත්තේ අද දවසේ අප හමුවේ ඇති සැබෑ අනතුර දෙසයිග අද අප මුහුණ දී සිටිනුයේ ජාතීන් අතර සමගිය අත්‍යාවශ්‍ය කාලයකටය. ජාත්‍යන්තර අධිරාජ්‍යවාදීන්ටත් ඔවුනගේ දේශීය ඒජන්තයන්ටත් අවශ්‍ය වන්නේ අප එකිනෙකා සතු වෙනස්කම් උලූප්පා දක්වා අප වෙන්කිරිමය. ඊට අපගේම දුර්වලතැන් සොයා ඒවා මතුකර දැක්වීමටත් ඒවා මාර්ගයෙන් අප ඔවුන්ගේ අරමුණු උදෙසා යොදාගැනීමටත් ඔවුහු උත්සාහ ගනිති. ඒ සඳහා ඇති හොඳම මාර්ගය වනුයේ අප එකිනෙකා සතුව ඇති වෙනස්කම් ඉස්මතුකර දැක්වීමයි. ඒ වෙනස්කම් මත අප එකිනෙකා අතර භේද ඇවිලවීමයිග ඒවා වර්ධනය කිරීමයි. අපද ඒ නියම අරමුණ වටහා නොගෙන අපගේ අනන්‍යතාවය හා අපගේ පැවැත්මට තර්ජන එල්ල වි ඇත්තේය යන මානසිකත්වයේ සිට මේ බෙදීම වැඩිදියුණු කිරීමට උදව් වුවහොත් වැනසෙන්නේ අප ටත් වඩා අපගේ ඊළඟ පරම්පරාව බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.
මොහොමඞ් මුසම්මිල්
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක

0 comments:
Post a Comment