728x90 AdSpace

tv
Latest News
http://janathamina.blogspot.fr/

අපේ ප්‍රවෘත්ති

ඇත්ත නම්

අපේ කම

ශ්‍රී ලංකා

විසිතුර

කලා තොරතුරු

Thursday, 23 May 2013

අයි.ටී.එන්. එන්තරවාසිය ‘ශී‍්‍ර ලංකා මිරර්’ තරයේම ප‍්‍රතික්ෂේප කරයි...


මාධ්‍ය ආයතනයක් වශයෙන් ජනතාවට සත්‍ය තොරතුරු සැපයීම වගකීමක්...

ලිපිය පල කිරීමෙන් කිසිවෙකුට කිසිඳු අගතියක් හෝ අලාභයක් සිදුවී නෑ...

ස්වාධීන රූපවාහිනියට හා එහි සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට අපහාසවන ආකාරයේ ලිපියක් පල කළේයැයි ස‍දහන් කරමින් ‘ශී‍්‍ර ලංකා මිරර්’  වෙබ් අඩවියේ ප‍්‍රධාන සංස්කාරකවරයා වෙත එවන ලද එන්තරවාසියේ කරුණු ප‍්‍රතික්ෂේප කරමින් ඊයේ  (18) පිළිතුරු ලිපියක් යවා තිබේ.


අදාල අපහාසයට වන්දියක් ලෙස දින 14ක් ඇතුළත රුපියල් මිලියන 2,000ක්  ගෙවන ලෙසට කරන ලද ඉල්ලීමද සංස්කාරකවරයා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

අදාල කරුණු තරයේම ප‍්‍රතික්ෂේප කර ඇති සංස්කාරකවරයා එම ලිපිය පල කිරීමෙන් කිසිවෙකුට කිසිඳු අගතියක් හෝ අලාභයක් සිදු වී නොමැති බවත් මාධ්‍ය ආයතනයක් වශයෙන් ජනතාවට සත්‍ය තොරතුරු සැපයීම වගකීමක් බවත් පෙන්වාදී තිබේ.



ස්වාධින රුපවාහිනී සේවයට සිදුවූ අපහාසය වෙනුවෙන් මිලියන 2000 ක් වන්දි ඉල්ලයි...

ස්වාධින රුපවාහිනී සේවයට මිලියන දහසයි...
රොස්මන්ඩ්මිලියන දහසයි...

අසත්‍යය පුවතක් පලකොට ස්වාධින රුපවාහිනියේ කිර්ති නාමයට හානි කල බව පවසමින් ස්වාධින රුපවාහිනිය විසින් වන්දි ඉල්ලා ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියට එන්තරවාසි යවා ඇත.

පසුගියදා
පැවති රයිගම් ටෙලි සම්මාන උළලේදී ස්වාධින රුපවාහිනිය එහි මාධ්‍යය ආවරණය ලක්‍ෂ 6ක් වැනි අඩුමුදලකට සිදුකොට තිබුනේ එම සම්මාන උළලේදී ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න සඳහා සම්මානයක් වෙන් කර දීම හේතුවෙන් නිසා බව එම වෙබ් අඩවියේ පල කල ලිපියක් මගින් හෙළි කොට තිබුණි.

කිසිදු විමසීමකින් හෝ තහවුරු කිරීමකින් තොරව පල කල එම ලිපිය සම්පුර්ණයෙන් අසත්‍යය බව ස්වාධින රුපවාහිනියේ නීතිඥයන් මගින් එම වෙබ් අඩවියේ සංස්කාරකවරයා වෙත දන්වා ඇත.


එම ලිපිය මගින් ස්වාධින රුපවාහිනී සේවයට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන දහසකුත් ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතාට සිදුවූ අපහාසයට රුපියල් මිලියන දහසකුත් වන්දි ඉල්ලා මෙම එන්තරවාසිය යවා ඇත.

මෙම වන්දිය දින දාහතරක් ඇතුලත ගෙවිය යුතු බව දන්වා ඇති අතර එය ගෙවීමට අපහොසත් වුවහොත් නීතිමය ක්‍රියාමර්ග මගින් එය අය කරගැනීමට කටයුතු කරන බවට වැඩි දුරටත් දන්වා ඇත.


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අයි.ටී.එන්. එන්තරවාසිය ‘ශී‍්‍ර ලංකා මිරර්’ තරයේම ප‍්‍රතික්ෂේප කරයි... Rating: 5 Reviewed By: Unknown