දිවයින කතුවැකිය එදත් අදත් බරසාර බවින් නොලියවුණද එය තුලින් විද්‍යමාන වන සත්‍යය පිළිබඳව අප සිතා බැලිය යුතුය ....එසේ හෙයින් දිවයින කතුවැකිය සඳහා අප විශේෂ තැනක් දෙන්නෙමු ..දේශාභිමානය පටන් ගත යුත්තේ කොතැනින්ද? එය අවසන් විය යුත්තේ කොතැනින්ද? අපගේ වැටහීම වන්නේ දේශාභිමානය බුද්ධියෙන් පටන් ගෙන බුද්ධියෙන්ම අවසන් විය යුතු බවය. ඩබ්ලිව්. බී. යේට්‌ස් නමැති ඉංගී්‍රසි කවියා කියන්නේ එය මනසින් පටන්ගෙන හදවතින් අවසන් විය යුතු බවයි. එහෙත් අප මුහුණදී සිටින කරුමය වන්නේ දේශාභිමානය මුඛයෙන් පටන්ගෙන බඩ දිගේ ගොස් අධෝමුඛයෙන් අවසන් වීමේ කරුමයයි. මේ රටේ කෑදර විපක්‍ෂය ඉල්ලන්නේ ම බඩට බත් ය. නැත්නම් පාන් ය. එහෙත් ජනතාව මෙය පිළිගන්නේද...
? ඔවුන් එසේ පිළිගන්නවානම් පසුගියදා කොටුවේ දුම්රියපළ දක්‌වා පැමිණි රනිල් - කාන්ත පෙළපාලියට දෙදහසකුත් ආණ්‌ඩුවේ පෙළපාලියට දස දහසකුත් ඉන්නට විදියක් ලැබෙන්නේ නැත. අවසන් ඵලයේදී රනිල් - කාන්ත පෙළපාලියට වඩා මහින්ද රාජපක්‍ෂගේ පෙළපාලිය එදත් ශක්‌තිමත් යá අදත් ශක්‌තිමත් ය. එය හෙටත් ශක්‌තිමත්ව තබා ගැනීම මහින්ද රාජපක්‍ෂගේ වගකීම ය. එහෙත් මහත්වරුනි, බිය නොවන්න. මේ විපක්‍ෂය පෙළපාලියකදී හැර ඡන්දයකදී කවදාවත් එකතු වන්නේ නැත. එහි අවසානය වශයෙන් අද මේ රටේ ඉතිරිව ඇත්තේ දේශපාලන පක්‍ෂ දෙකක් පමණි. ඉන් පළමුවැන්න, කැඩී බිඳී විසිරුණු එක්‌සත් ජාතික පක්‍ෂයයි. දෙවැන්න මහින්ද රාජපක්‍ෂයයි. අප මේ සත්‍යය කියන්නේ ආණ්‌ඩුවට පන්දම් අල්ලනු පිණිස නොවේ. අපේ පන්දම් නැතිවාට ආණ්‌ඩුව කිසි කරදරයක් නැතිව සිය ගමන යයි. අප මේ කියන්නේ මේ රටේ විපක්‍ෂයට සිදු වී ඇති වින්නැහියයි.
අද මේ රට - ජාතිය ත්‍රස්‌තවාදීන්ගෙන් මුදා ගැනීමේ සිව්වැනි සමරුව ගාලු මුවදොරදී උත්සවාකාරයෙන් සමරනු ලැබේ. මේ උත්සවයට රනිල් වික්‍රමසිංහ පැමිණීමේ ඉඩක් නැත. සෝමවංශ අමරසිංහ ද නොපැමිණෙනවා ඇත. දෙමළ ජාතික සන්ධානයේ අය ද නො පැමිණෙනවා ඇත. මේ රටේ දේශපාලනයේ තීරණාත්මක සාධක ලෙස කිසි කලෙකත් ගණන් ගනු නොලැබූ වික්‍රමබාහු කරුණාරත්න, මනෝ ගනේෂන් හෝ දැනට ෆයිල් කවරයක් බවට පමණක් පත්ව ඇති ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ වී. ආනන්දසංගරී ද නො පැමිණෙනවා ඇත. හිටපු ජෙනරාල් සරත් ෆොන්සේකා උත්සවයට නාවොත් ඒ ආරාධනා නොකළ නිසා ද නැතහොත් යවන ලද ආරාධනාව නො ලැබීම නිසා ද යන්න අපි නොදනිමු.
මෙයට අවුරුදු හතරකට පෙර අවසන් වූ අවසාන මහා සංග්‍රාමය හෙවත් හතරවැනි ඊළාම් යුද්ධයේදී ආණ්‌ඩුවත් සමග එක්‌ව රණවිරුවන්ට ධෛර්යය සැපයීම සඳහා ඉතිරි වූයේ "දිවයින"ත් තවත් දේශප්‍රේමී බලවේග දෙක තුනකුත් පමණක් බව අපි මහත් අභිමානයෙන් යුතුව කියමු. තමිල් සෙල්වම් ඝාතනය කර නිල වශයෙන් ආරම්භ කෙරුණු ඒ යුද්ධයේදී අපට විශේෂ සහයෝගයක් දීමට ඉන්දියන් මධ්‍යම ආණ්‌ඩුවට බැරි වූයේ එමගින් ඔවුන් තුළ හට ගැනීමට ඉඩ ඇති අභ්‍යන්තර දේශපාලන අර්බුදය නිසා ය. එහෙත් තමිල්නාඩුවේ සිටින වයිකෝ අප දෙස බලමින් යකා නැටුවේ ය. නෙදුමාරන් බෙර ගැසුවේය. ජයලලිතා තප්පුලන්නට පටන් ගත් අතර මුතුවේල් කරුණානිධි දත්මිටි කෑවේය. ඒ ලංකාවේ දෙමළ මිනිසුනට ඇති ආදරය නිසා නොව මෙහෙ ගහන විට එහෙ තිබෙන ඔවුන්ගේ දෙමළ ඡන්ද පදනම දෙදරන නිසාය. ඇමරිකාව කිසිදු ප්‍රසිද්ධ වදනක් නොකියා රහසේ කඳුළු සලන ලද බව අපි දනිමු. යුද්ධය දිනූ දවසේ සිට ඇමරිකාව හැම අවුරුද්දකම එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා අප පස්‌සෙන් එන බව අපි දනිමු. සාමාන්‍යයෙන් ඇමරිකාව වෛරයක් පිරිමහන්නට දිගු කලක් ගත කරයි. ජෝර්ඡ් බුෂ් තාත්තා සමග සදාම් හුසේන් ඇති කර ගත් ගැටුම වෙනුවෙන් ඉරාකය විනාශ කර පළිය ගන්නා ලද්දේ ජෝර්ඡ් බුෂ් පුත්‍රයා ය. ඇමරිකාව, ලංකාව පසුපස එනවාට මේ රටේ විපක්‍ෂය ඉතා කැමැතිය. මේ ආණ්‌ඩුව පලවා හැර රාජපක්‍ෂවරුන් මස් කොක්‌කේ එල්ලන්නට උදව් දෙන ඕනෑම කෙනෙක් ඔවුහු සාදරයෙන් පිළිගනිති.
රණවිරුවනි! ඔබ අපට රට දිනා දීම ගැන ස්‌තුතියි. ඒ තීරණාත්මක අවස්‌ථාවේදී එහාට මෙහාට නොනැමී කෙළින් තීරණ ගත් මහින්ද, ගෝඨාභය සහ බැසිල් රාජපක්‍ෂ සහෝදරවරුනි, ඔබටත් ස්‌තුතියි.

0 comments:
Post a Comment