කැකිරාව අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික විද්‍යාලයක නියෝජ්‍ය විදුහල්පතිවරයා එම විද්‍යාලයේ සිවුවැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් එකොළොස්දෙනකු ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කොට ඇත.
උතුරු මැද පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා තොරතුරු තාක්ෂණ ඇමැති පේෂල ජයරත්න බණ්ඩාර මහතාගේ උපදෙස් මත එම අමාත්‍යංශයේ ලේකම් එන්.ජී. පණ්ඩිතරත්න මහතා විසින් අදාළ පරීක්ෂණය පවත්වන ලෙසට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඊ.එම්.එන්.ඩබ්ලිව්. ඒකනායක මහත්මියට සහ කැකිරාව කලාප අධ්‍යාපන අධ්යක්ෂ ජේ.කේ.යූ.ඒ. ජයලත් මහතාට පෙරේදා (14දා) දැනුම් දී තිබේ. මේ අනුව අදාළ පරීක්ෂණයේ වාර්තාව නොපමාව තමා වෙත භාරදෙන ලෙසටද අමාත්‍යංශ ලේකම් එන්.ජී. පණ්ඩිතරත්න මහතා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියට සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට දැනුම් දී ඇත. සිසු දැරියන් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා මේ වන විට අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටින අතර මේ මස 22 වැනිදා ඔහු නැවැත කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Friday, 17 May 2013
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment